අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.6. දුතිය සමජීවී සුත්තං

4.2.1.6. සම ගුණයෙන් දිවි ගෙවීම ගැන වදාළ දෙවෙනි දෙසුම

“ආකංඛෙය්‍යුං චේ භික්ඛවේ, උභෝ ජානිපතයෝ දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං. උභෝ ච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා, තේ දිට්ඨේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති, අභිසම්පරායඤ්ච අඤ්ඤමඤ්ඤං පස්සන්තී”ති.

මහණෙනි, ඉදින් පතිපත්නීහු දෙදෙන මේ ජීවිතයේදී එකිනෙකා දකින්නට ත්, පරලොව ජීවිතයේදී එකිනෙකා දකින්නට ත් කැමති වන්නහු නම් දෙදෙනා ම ශ්‍රද්ධාවෙන් සම විය යුත්තාහු ය. සීලයෙන් සම විය යුත්තාහු ය. ත්‍යාගයෙන් සම විය යුත්තාහු ය. ප්‍රඥාවෙන් සම විය යුත්තාහු ය. එවිට ඔවුහු මෙලොව ත් ඔවුනොවුන් දකිති. පරලොව ත් ඔවුනොවුන් දකිති.

“උභෝ සද්ධා වදඤ්ඤූ ච, සඤ්ඤතා ධම්මජීවිනෝ;
තේ හොන්ති ජානිපතයෝ, අඤ්ඤමඤ්ඤං පියංවදා.

දෙදෙනා ම සැදැහැ ඇත්තෝ ය. දන් පුදන්නෝ ය. සිල්වත්හු ය. දැහැමි ව දිවි ගෙවන්නෝ ය. ඒ පතිපත්නීහු එකිනෙකාට ප්‍රිය බස් තෙපලමින් සිටිති.

“අත්ථා සම්පචුරා හොන්ති, ඵාසත්ථං උපජායති;
අමිත්තා දුම්මනා හොන්ති, උභින්නං සමසීලිනං.

සමසිල් ඇති ඒ දෙදෙනාගේ දියුණුව නිතැතින් සැළසෙයි. ඔවුනොවුන්ට එය ඉතා පහසුවෙකි. සතුරෝ දුෂ්ට සිත් ඇති ව සිටිති.

“ඉධ ධම්මං චරිත්වාන, සමසීලබ්බතා උභෝ;
නන්දිනෝ දේවලෝකස්මිං, මෝදන්ති කාමකාමිනෝ”ති.

මෙහිදී දෙදෙනා ම ධර්මයෙහි හැසිර සම සීලයෙන් යුක්ත ව වාසය කරමින් මරණින් මතු දෙව්ලොව ඉපිද තමන් කැමති වූ පංච කාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කරත්.

දුතිය සමජීවී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M