මහණෙනි, මේ අසද්ධර්මයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. ක්‍රෝධයට ගරු කිරීමක් තිබේ, නමුත් සද්ධර්මයට ගරු කිරීමක් නැත.
2. ගුණමකුකමට ගරු කිරීමක් තිබේ, නමුත් සද්ධර්මයට ගරු කිරීමක් නැත.
3. ලාභයට ගරු කිරීමක් තිබේ, නමුත් සද්ධර්මයට ගරු කිරීමක් නැත.
4. සත්කාරයට ගරු කිරීමක් තිබේ, නමුත් සද්ධර්මයට ගරු කිරීමක් නැත.
මහණෙනි, මේ වනාහී අසද්ධර්මයෝ සතරයි.
මහණෙනි, මේ සද්ධර්මයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. සද්ධර්මයට ගරු කිරීමක් තිබේ, ක්‍රෝධයට ගරු කිරීමක් නැත.
2. සද්ධර්මයට ගරු කිරීමක් තිබේ, ගුණමකුකමට ගරු කිරීමක් නැත.
3. සද්ධර්මයට ගරු කිරීමක් තිබේ, ලාභයට ගරු කිරීමක් නැත.
4. සද්ධර්මයට ගරු කිරීමක් තිබේ, සත්කාරයට ගරු කිරීමක් නැත.
මහණෙනි, මේ වනාහී සද්ධර්මයෝ සතරයි.
(ගාථා)
1. ක්‍රෝධයට ත්, ගුණමකුකමට ත්, ලාභයට ත්, සත්කාරයට ත් ගරු කරන යම් භික්ෂුවක් ඇද්ද, යහපත් කුඹුරක කුණු වූ බීජයක් මෙන් සද්ධර්මය තුළ දියුණුවක් නොලබයි.
2. යම් ඒ භික්ෂූහු සද්ධර්මයට ගරුසරු ඇතිව වාසය කළාහු ද, දැන් වාසය කරත් ද, ඔවුහු පෘථිවි සාරයෙන් මනා ව වැඩෙන ඖෂධීය වෘක්ෂයන් සේ ධර්මය තුළ ඒකාන්තයෙන් ම දියුණුව ලබත්.
සාදු! සාදු!! සාදු!!!
දුතිය කෝධගරු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M