අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.5.3. පඨම කෝධගරු සුත්තං

4.1.5.3. ක්‍රෝධයට ගරු කරන්නා ගැන වදාළ පළමු දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව පෙනෙන්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. ක්‍රෝධයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.

2. ගුණමකුකමට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.

3. ලාභයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.

4.සත්කාරයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව පෙනෙන්නට සිටිති.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව පෙනෙන්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. සද්ධර්මයට ගරු කරයි, ක්‍රෝධයට ගරු නොකරයි.

2. සද්ධර්මයට ගරු කරයි, ගුණමකුකමට ගරු නොකරයි.

3. සද්ධර්මයට ගරු කරයි, ලාභයට ගරු නොකරයි.

4.සද්ධර්මයට ගරු කරයි, සත්කාරයට ගරු නොකරයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව පෙනෙන්නට සිටිති.

(ගාථා)

1. ක්‍රෝධයට ත්, ගුණමකුකමට ත්, ලාභයට ත්, සත්කාරයට ත් ගරු කරන භික්ෂූහු සම්මා සම්බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මය තුළ දියුණුවක් නොලබති.

2. යම් ඒ භික්ෂූහු සද්ධර්මයට ගරුසරු ඇතිව වාසය කළාහු ද, දැන් වාසය කරත් ද, ඔවුහු සම්මා සම්බුදුරජුන් විසින් දේශනා කරන ලද ධර්මය තුළ ඒකාන්තයෙන් ම දියුණුව ලබති.

සාදු! සාදු!! සාදු!!!

පඨම කෝධගරු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M