අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.5.2. පඤ්හව්‍යාකරණ සුත්තං

4.1.5.2. ප්‍රශ්න විසඳීම ගැන වදාළ දෙසුම

මහණෙනි, ප්‍රශ්න විසඳීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, කෙලින් ම විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත. විග්‍රහ කරමින් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත. ප්‍රතිප්‍රශ්න නගමින් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත. පසෙකින් තැබිය යුතු ප්‍රශ්නයක් ඇත.

මහණෙනි, මේ වනාහී ප්‍රශ්න විසඳීම් සතර යි.

(ගාථා)

1. එක් ප්‍රශ්නයක් ඍජුව ම විසඳිය යුත්තේ ය. අනෙත් ප්‍රශ්නය බෙදා විග්‍රහ කොට විසඳිය යුත්තේ ය. තුන්වැන්න ප්‍රතිප්‍රශ්න නගමින් විසඳිය යුත්තේ ය. සතරවැන්න පසෙක තැබිය යුත්තේ ය.

2. යමෙක් ඒ ප්‍රශ්නයන් පිළිබඳ ව ඒ ඒ තැන ධර්මයට අනුකූල ව විසඳුම් දන්නේ ද, එබඳු වූ භික්ෂුව මේ සතර ප්‍රශ්නයට පිළිතුරු සැපයීමෙහිලා දක්ෂ යැයි කියති.

3. ළං විය නොහැකි, මැඬලිය නොහැකි, ගැඹුරු වූ, පහර දිය නොහැකි, එමෙන් ම අර්ථ අනර්ථ දෙකෙහි දක්ෂ වූ,

4. නුවණැති භික්ෂුව අනර්ථය අත්හරින්නේ ය. අර්ථය ගන්නේ ය. අර්ථාවබෝධයෙන් යුතු ධීර වූ ඒ භික්ෂුව පණ්ඩිතයා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පඤ්හ ව්‍යාකරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M