මහණෙනි, මේ සතර සංග්‍රහ වස්තු ය.
ඒ කවර සතරක් ද යත්; දානය ත්, ප්‍රිය වචනය ත්, අර්ථ චර්යාව ත්, සමානාත්මතාවය ත් ය.
මහණෙනි, මේ වනාහී සතර සංග්‍රහ වස්තු ය.
(ගාථා)
දානය ත්, ප්‍රිය වචනය ත්, අර්ථ චර්යාව ත්, සමානාත්මතාවය ත් යන යමක් මෙලොවෙහි තිබෙයි ද, ඒ ඒ කරුණු පිළිබඳ ව ඊට ගැලපෙන අයුරින් සංග්‍රහ කරයි ද, මේ සතර සංග්‍රහයන් ලෝකයෙහි තිබෙන්නේ ගමන් කරන රථයෙහි රෝදය මනාකොට සවිකළ ඇණයක් ලෙස ය.
මේ සතර සංග්‍රහ වස්තූන් ලොව නොතිබෙයි නම් මව් පුතු නිසා ගරු බුහුමන් හෝ පිදුමන් හෝ නොලබයි. පියා හෝ දරුවන්ගෙන් ගරු බුහුමන් නොලබයි.
යම්හෙයකින් නැණවත් මිනිස්හු මේ සතර සංග්‍රහ වස්තූන් මනාකොට හඳුනාගෙන ඒ අනුව කටයුතු කරත් ද, ඒ හේතුවෙන් ඔවුහු මහත් දියුණුවට පත්වෙති. ප්‍රශංසාවට ද බඳුන් වෙති.
සාදු! සාදු!! සාදු!!!
සංගහවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M