අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.4.3. සීහ සුත්තං

4.1.4.3. සිංහයා උපමා කොට වදාළ දෙසුම

“සීහෝ භික්ඛවේ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකේති. සමන්තා චතුද්දිසා අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගෝචරාය පක්කමති. යේ ඛෝ පන තේ, භික්ඛවේ, තිරච්ඡානගතා පාණා සීහස්ස මිගරඤ්ඤෝ නදතෝ සද්දං සුණන්ති, තේ යේභුය්‍යනේ භයං සංවේගං සන්තාසං ආපජ්ජන්ති. බිලං බිලාසයා පවිසන්ති, දකං දකාසයා පවිසන්ති. වනං වනාසයා පවිසන්ති. ආකාසං පක්ඛිනෝ භජන්ති.

මහණෙනි, මෘගරාජ වූ සිංහ තෙමේ හවස් වරුවෙහි ලැග සිටි තැනින් කලඑළි බසියි. එසේ ලැග සිටි තැනින් නික්ම අවුත් කෙසරු සළා ඇඟ සොළවයි. කෙසරු සළා ඇඟ සොළොවා හාත්පස සිව් දිශාව බලයි. හාත්පස සිව් දිශාව බලා තෙවිටක් සිංහනාද කරයි. එසේ තුන් යලක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්ම යයි.

මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු මෘගරාජ වූ සිංහයාගේ නාදය අසත් ද, එවිට ඔවුහු බොහෝ සෙයින් භීතියට ත්, සංවේගයට ත්, සංත්‍රාසයට ත් පැමිණෙති. ගුලෙහි සිටින සත්තු ගුලට ම රිංගති. ජලයෙහි සිටින සත්තු ජලයට ම පිවිසෙති. වනවාසී සත්තු වනයේ සැඟවෙති. පක්ෂීහු අහසට ඉගිලෙති.

යේපි තේ, භික්ඛවේ, රඤ්ඤෝ නාගා ගාමනිගමරාජධානීසු දළ්හේහි වරත්තේහි බන්ධනේහි බද්ධා, තේපි තානි බන්ධනානි සඤ්ඡින්දිත්වා සම්පදාළෙත්වා භීතා මුත්තකරීසං චජමානා යේන වා තේන වා පලායන්ති. ඒවං මහිද්ධියෝ ඛෝ, භික්ඛවේ, සීහෝ මිගරාජා තිරච්ඡානගතානං පාණානං, ඒවං මහේසක්ඛෝ ඒවං මහානුභාවෝ.

මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල දැඩි සමින් කළ යොතින් බඳින ලද රජුගේ හස්තීහු සිටිත් ද, ඒ ඇතුන් පවා ඒ බන්ධන සිඳ බිඳ බියට පත් ව මළ මුත්‍රා වගුරවමින් හිස් ලූ ලූ අත පලා යති. මහණෙනි, මෘගරාජ සිංහයා යනු තිරිසන්ගත ප්‍රාණීන් හට මේ සා මහා ඉර්ධිමත්, මේ සා මහේශාක්‍ය වූ, මේ සා මහානුභාව වූ සතෙකි.

“ඒවමේවං ඛෝ, භික්ඛවේ, යදා තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා, සෝ ධම්මං දේසේති – ‘ඉති සක්කායෝ, ඉති සක්කායසමුදයෝ, ඉති සක්කායනිරෝධෝ ඉති සක්කායනිරෝධගාමිනී පටිපදා’ති.

යේපි තේ, භික්ඛවේ, දේවා දීඝායුකා වණ්ණවන්තෝ සුඛබහුලා උච්චේසු විමානේසු චිරට්ඨිතිකා, තේපි තථාගතස්ස ධම්මදේසනං සුත්වා යේභුය්‍යෙන භයං සංවේගං සන්තාසං ආපජ්ජන්ති –

‘අනිච්චා වත කිර, භෝ, මයං සමානා නිච්චම්හා‘ති අමඤ්ඤිම්හ; අද්ධුවා වත කිර, භෝ, මයං සමානා ධුවම්හා’ති අමඤ්ඤිම්හ; අසස්සතා වත කිර, භෝ, මයං සමානා සස්සතම්හා’ති අමඤ්ඤිම්හ. මයම්පි කිර, භෝ, අනිච්චා අද්ධුවා අසස්සතා සක්කායපරියාපන්නා’ති.

එසෙයින් ම මහණෙනි, යම් කලෙක අරහත් සම්මා සම්බුදු, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථ දේවමනුස්සානං, බුද්ධ, භගවා යන ගුණයෙන් යුතු තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිත් ද, ඒ තථාගතයන් වහන්සේ ‘සක්කාය යනු මෙය යි, සක්කාය හටගැනීම යනු මෙය යි, සක්කාය නිරුද්ධ වීම යනු මෙය යි, සක්කාය නිරුද්ධ වීමේ ප්‍රතිපදාව යනු මෙය යි’ වශයෙන් ධර්මය දේශනා කරයි ද, එකල්හී මහණෙනි, යම් ඒ දීර්ඝායුෂ්කල්ප වූ මනා පැහැයෙන් යුතු සැප බහුල වූ උසස් විමානයන්හි චිරාත් කල් සිටින්නා වූ යම් දෙවිවරු ඇද්ද, ඔවුනුත් තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා බොහෝ සෙයින් භීතියට ත්, සංවේගයට ත්, සංත්‍රාසයට ත් පැමිණෙති. ‘භවත්නී, ඒකාන්තයෙන් ම අපි අනිත්‍ය ව සිටිමින් නිත්‍ය යැයි සිතුවෙමු. භවත්නී, ඒකාන්තයෙන් ම අපි අස්ථිර ව සිටිමින් ස්ථිර යැයි සිතුවෙමු. භවත්නී, ඒකාන්තයෙන් ම අපි සදාකාලික නැතිව සිටිමින් සදාකාලික යැයි සිතුවෙමු. භවත්නී, අපි වනාහී අනිත්‍ය වූවෝ වෙමු. අස්ථිර වූවෝ වෙමු. අශාස්වත වූවෝ වෙමු. පංච උපදානස්කන්ධයෙහි බැසගත්තෝ වෙමු’ යි.

ඒවං මහිද්ධිකෝ ඛෝ, භික්ඛවේ, තථාගතෝ සදේවකස්ස ලෝකස්ස, ඒවං මහේසක්ඛෝ ඒවං මහානුභාවෝ”ති.

මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි තථාගතයෝ මේ සා මහා ඉර්ධි ඇත්තාහු ය. මේ සා මහේශාක්‍ය ඇත්තාහු ය. මේ සා මහානුභාව ඇත්තාහු ය.

(ගාථා)

“යදා බුද්ධෝ අභිඤ්ඤාය, ධම්මචක්කං පවත්තයී;
සදේවකස්ස ලෝකස්ස, සත්ථා අප්පටිපුග්ගලෝ.

යම් කලෙක බුදුරජ තෙමේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට ධර්ම චක්‍රය පවත්වයි ද, දෙවියන් සහිත ලෝකයෙහි ඒ ශාස්තෘ තෙමේ ප්‍රතිපුද්ගල රහිත කෙනෙකි.

“සක්කායඤ්ච නිරෝධඤ්ච, සක්කායස්ස ච සම්භවං;
අරියඤ්චට්ඨංගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.

සක්කාය ද, එහි නිරෝධය ද, සක්කායේ හටගැනීම ද, දුක් සංසිඳුවන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද නම් වූයේ ඒ ධර්ම චක්‍රය යි.

“යේපි දීඝායුකා දේවා, වණ්ණවන්තෝ යසස්සිනෝ;
භීතා සන්තාසමාපාදුං, සීහස්සේවි’තරේ මිගා.

යම් දීර්ඝායුෂ ඇති, මනා පැහැ ඇති යශස්වී වූ දෙවිවරු සිටිත් ද, ඔවුහු සිංහනාදයට බිය වූ වනසතුන් පරිද්දෙන් භීතියට ත්, සංත්‍රාසයට ත් පත් වූහ.

“අවීතිවත්තා සක්කායං, අනිච්චා කිර භෝ මයං;
සුත්වා අරහතෝ වාක්‍යං, විප්පමුත්තස්ස තාදිනෝ”ති.

භවත්නි, සක්කායෙන් නිදහස් වූ, අට ලෝ දහමට අකම්පිත වූ රහතුන්ගේ වචන ඇසූ අපි වනාහී සක්කාය ඉක්මවා ගත නොහැකි ව නිත්‍ය රහිත ව සිටිමු.

සාදු! සාදු!! සාදු!!!

සීහ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M