සැවැත් නුවර දී ය…….
මහණෙනි, මේ චක්‍රයෝ සතරකි. යමකින් යුක්ත වූ දෙවි මිනිසුන් හට සතර චක්‍රයක් පවතියි නම්, යමකින් යුක්ත වූ දෙවි මිනිස්හු නොබෝ කලකින් ම භෝග සම්පත්තියෙන් මහත් බවට ත්, විපුල බවට ත් පත්වෙත් නම්, ඒ සතර චක්‍රයන් මොනවාද?
එනම් පින් දහම් කිරීමට යෝග්‍ය ප්‍රදේශයක වාසය කිරීම ත්, සත්පුරුෂයන්ගේ ආශ්‍රය ත්, තමා මනාකොට ශ්‍රද්ධාදී ගුණධර්මයන්හී පිහිටුවා ගැනීම ත්, පෙර කරන ලද පින් ඇති බව ත් ය.
මහණෙනි, මේ චක්‍රයෝ සතරකි. යමකින් යුක්ත වූ දෙවි මිනිසුන් හට සතර චක්‍රයක් පවතියි නම්, යමකින් යුක්ත වූ දෙවි මිනිස්හු නොබෝ කලකින් ම භෝග සම්පත්තියෙන් මහත් බවට ත්, විපුල බවට ත් පත්වෙත් නම්, ඒ සතර චක්‍රයන් මේවා ය.
(ගාථා)
මනුෂ්‍යයා පින් දහම් කළ හැකි ප්‍රදේශයක වාසය කරන්නේ ය. බුද්ධාදී ආර්ය උතුමන් කෙරෙහි සිත පහදවා ගන්නේ ය. තමා මැනැවින් කුසලයෙහි පිහිටා සිටින්නේ ය. පෙර කළ පින් ඇති බව ද ඇත්තේ ය. මෙබඳු තැනැත්තා ධාන්‍යය ද, ධනය ද, යසස ද, කීර්තිය ද, සැපය ද, යන මෙහි බලවත් වන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
චක්ක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M