මහණෙනි, මේ ධර්මපද සතරෙකි. මෙම ධර්මපද සතර අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර සතරක් ද යත්;
1. මහණෙනි, ලෝභ නැතිකම යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.
2. මහණෙනි, නොකිපෙන බව යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.
3. මහණෙනි, මනාකොට සිහියෙන් සිටීම යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.
4. මහණෙනි, සම්මා සමාධිය යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.
මහණෙනි, මේ වනාහී ධර්මපද සතරයි. මෙම ධර්මපද සතර අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.
(ගාථා)
ලෝභ රහිත ව, නොකිපෙන සිතින් වසන්නේ ය. මනා සිහියෙන් යුතු ව, ඒකාග්‍ර සිතින් යුතු ව, තමා තුළ මැනැවින් සමාහිත වූ සිතක් පවත්වන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ධම්මපද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M