අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.3.10. පරිබ්බාජක සුත්තං

4.1.3.10. පිරිවැජියන්ට වදාළ දෙසුම

(ඒවං මේ සුතං) ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා සප්පිනියාතීරේ පරිබ්බාජකාරාමේ පටිවසන්ති, සෙය්‍යථිදං: අන්නභාරෝ වරධරෝ සකුලුදායී ච පරිබ්බාජකෝ අඤ්ඤේ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ පරිබ්‍රාජකයෝ සප්පිනියා නදී තෙර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරති. ඔවුන් කවරහු ද යත්, අන්නභාර ය, වරධර ය, සකුළුදායී ය, එමෙන් ම අන්‍ය වූ බොහෝ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ ය.

අථ ඛෝ භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන සප්පිනියාතීරං පරිබ්බාජකාරාමෝ තේනුපසංකමි; උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා තේ පරිබ්බාජකේ ඒතදවෝච –

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට සප්පිනියා නදී තෙර පිරිවැජි ආරාමය කරා වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිවැජියන් ඇමතූ සේක.

“චත්තාරිමානි, පරිබ්බාජකා, ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පෝරාණානි, අසංකිණ්ණානි, අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති, න සංකීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි. කතමානි චත්තාරි?

“පරිබ්‍රාජකයෙනි, මේ ධර්මපද සතරකි. මෙම ධර්මපද සතර අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර සතරක් ද යත්;

අනභිජ්ඣා, පරිබ්බාජකා, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පෝරාණං, අසංකිණ්ණං, අසංකිණ්ණපුබ්බං, න සංකීයති, න සංකීයිස්සති, අප්පතිකුට්ඨං සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි. අව්‍යාපාදං, පරිබ්බාජකා, ධම්මපදං ….(පෙ)…. සම්මාසති, පරිබ්බාජකා, ධම්මපදං ….(පෙ)…. සම්මාසමාධි, පරිබ්බාජකා, ධම්මපදං අග්ගඤ්ඤං, රත්තඤ්ඤං, වංසඤ්ඤං, පෝරාණං, අසංකිණ්ණං, අසංකිණ්ණපුබ්බං, න සංකීයති, න සංකීයිස්සති, අප්පතිකුට්ඨං සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි.

පරිබ්‍රාජකයෙනි, ලෝභ නැතිකම යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. පරිබ්‍රාජකයෙනි, නොකිපෙන බව යනු ධර්මපදයකි. ….(පෙ)…. පරිබ්‍රාජකයෙනි, මනාකොට සිහියෙන් සිටීම යනු ධර්මපදයකි. ….(පෙ)…. පරිබ්‍රාජකයෙනි, සම්මා සමාධිය යනු ධර්මපදයකි. එය අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.

ඉමානි ඛෝ පරිබ්බාජකා, චත්තාරි ධම්මපදානි අග්ගඤ්ඤානි, රත්තඤ්ඤානි, වංසඤ්ඤානි, පෝරාණානි, අසංකිණ්ණානි, අසංකිණ්ණපුබ්බානි, න සංකීයන්ති, න සංකීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි.

පරිබ්‍රාජකයෙනි, මේ වනාහී ධර්මපද සතරයි. මෙම ධර්මපද සතර අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණබ්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.

“යෝ ඛෝ, පරිබ්බාජකා, ඒවං වදෙය්‍ය – ‘අහමේතං අනභිජ්ඣං ධම්මපදං පච්චක්ඛාය අභිජ්ඣාලුං කාමේසු තිබ්බසාරාගං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමී’ති, තමහං තත්ථ ඒවං වදෙය්‍යං – ‘ඒතු වදතු ව්‍යාහරතු පස්සාමිස්ස ආනුභාව’න්ති. සෝ වත, පරිබ්බාජකා, අනභිජ්ඣං ධම්මපදං පච්චක්ඛාය අභිජ්ඣාලුං කාමේසු තිබ්බසාරාගං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

පරිබ්‍රාජකයෙනි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘මම් මේ ලෝභ නැතිකම නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට ලෝභයෙන් යුතු, කාමයන්හී තියුණු රාග ඇති කෙනෙකු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වශයෙන් පණවන්නෙමි’ යි කියා. එවිට මම එහිදී ඔහුට මෙසේ කියමි. ‘එබඳු කෙනෙක් පැමිණේවා ! පවසාවා. විස්තර කොට පවසාවා. ඔහුගේ ආනුභාවය දකිමි’ යි. පරිබ්‍රාජකයෙනි, ඒකාන්තයෙන් ඒ තැනැත්තා ලෝභ නැති බව නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට ලෝභයෙන් යුතුව කාමයන්හී තියුණු රාග ඇතිව තමා ශ්‍රමණයෙකු කියා හෝ බ්‍රාහ්මණයෙකු කියා හෝ පණවන්නේ නම් එකරුණ සිදුවන දෙයක් නොවෙයි.

“යෝ ඛෝ, පරිබ්බාජකා, ඒවං වදෙය්‍ය – ‘අහමේතං අව්‍යාපාදං ධම්මපදං පච්චක්ඛාය, බ්‍යාපන්නචිත්තං පදුට්ඨමනසංකප්පං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමී’ති, තමහං තත්ථ ඒවං වදෙය්‍යං – ‘ඒතු වදතු. ව්‍යාහරතු. පස්සාමිස්ස ආනුභාව’න්ති. සෝ වත, පරිබ්බාජකා, අබ්‍යාපාදං ධම්මපදං පච්චක්ඛාය බ්‍යාපන්නචිත්තං පදුට්ඨමනසංකප්පං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

පරිබ්‍රාජකයෙනි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘මම් මේ නොකිපෙන බව නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට ද්වේෂ සිතින් යුතුව, දූෂිත චිත්ත සංකල්ප ඇති කෙනෙකු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වශයෙන් හෝ පණවන්නෙමි’ යි කියා. එවිට මම එහිදී ඔහුට මෙසේ කියමි. ‘එබඳු කෙනෙක් පැමිණේවා ! පවසාවා. විස්තර කොට පවසාවා. ඔහුගේ ආනුභාවය දකිමි’ යි. පරිබ්‍රාජකයෙනි, ඒකාන්තයෙන් ඒ තැනැත්තා නොකිපෙන බව නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට ද්වේෂ සිතින් යුතුව, දූෂිත චිත්ත සංකල්ප ඇතිව තමා ශ්‍රමණයෙකු කියා හෝ බ්‍රාහ්මණයෙකු කියා හෝ පණවන්නේ නම් එකරුණ සිදුවන දෙයක් නොවෙයි.

“යෝ ඛෝ පරිබ්බාජකා, ඒවං වදෙය්‍ය – ‘අහමේතං සම්මාසතිං ධම්මපදං පච්චක්ඛාය, මුට්ඨස්සතිං අසම්පජානං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමී’ති, තමහං තත්ථ ඒවං වදෙය්‍යං – ‘ඒතු වදතු. ව්‍යාහරතු පස්සාමිස්ස ආනුභාව’න්ති. සෝ වත පරිබ්බාජකා, සම්මාසතිං ධම්මපදං පච්චක්ඛාය, මුට්ඨස්සතිං අසම්පජානං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

පරිබ්‍රාජකයෙනි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘මම් මේ සම්මා සතිය නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට මුළා වූ සිත් ඇති, නුවණින් තොර ව වසන කෙනෙකු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වශයෙන් හෝ පණවන්නෙමි’ යි කියා. එවිට මම එහිදී ඔහුට මෙසේ කියමි. ‘එබඳු කෙනෙක් පැමිණේවා ! පවසාවා. විස්තර කොට පවසාවා. ඔහුගේ ආනුභාවය දකිමි’ යි. පරිබ්‍රාජකයෙනි, ඒකාන්තයෙන් ඒ තැනැත්තා සම්මා සතිය නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට මුළා වූ සිත් ඇති ව, නුවණින් තොර ව වසමින් තමා ශ්‍රමණයෙකු කියා හෝ බ්‍රාහ්මණයෙකු කියා හෝ පණවන්නේ නම් එකරුණ සිදුවන දෙයක් නොවෙයි.

“යෝ ඛෝ පරිබ්බාජකා, ඒවං වදෙය්‍ය – ‘අහමේතං සම්මාසමාධිං ධම්මපදං පච්චක්ඛාය අසමාහිතං විබ්භන්තචිත්තං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සාමී’ති, තමහං තත්ථ ඒවං වදෙය්‍යං – ‘ඒතු වදත.ු ව්‍යාහරතු. පස්සාමිස්ස ආනුභාව’න්ති. සෝ වත, පරිබ්බාජකා, සම්මාසමාධිං ධම්මපදං පච්චක්ඛාය අසමාහිතං විබ්භන්තචිත්තං සමණං වා බ්‍රාහ්මණං වා පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

පරිබ්‍රාජකයෙනි, යමෙක් මෙසේ කියන්නේ නම්, ‘මම් මේ සම්මා සමාධිය නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට අසමාහිත සිත් ඇති, භ්‍රාන්ත සිත් ඇති කෙනෙකු ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වශයෙන් හෝ පණවන්නෙමි’ යි කියා. එවිට මම එහිදී ඔහුට මෙසේ කියමි. ‘එබඳු කෙනෙක් පැමිණේවා ! පවසාවා. විස්තර කොට පවසාවා. ඔහුගේ ආනුභාවය දකිමි’ යි. පරිබ්‍රාජකයෙනි, ඒකාන්තයෙන් ඒ තැනැත්තා සම්මා සමාධිය නම් වූ ධර්මපදය ප්‍රතික්ෂේප කොට අසමාහිත සිත් ඇති, භ්‍රාන්ත සිත් ඇති කෙනෙකු ශ්‍රමණයෙකු කියා හෝ බ්‍රාහ්මණයෙකු කියා හෝ පණවන්නේ නම් එකරුණ සිදුවන දෙයක් නොවෙයි.

“යෝ ඛෝ, පරිබ්බාජකා, ඉමානි චත්තාරි ධම්මපදානි ගරහිතබ්බං පටික්කෝසිතබ්බං මඤ්ඤෙය්‍ය, තස්ස දිට්ඨේව ධම්මේ චත්තාරෝ සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා ආගච්ඡන්ති. කතමේ චත්තාරෝ?

පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ සතර ධර්මපදයන්ට ගැරහිය යුතු යැයි, ප්‍රතික්ෂේප කළ යුතු යැයි සිතයි ද, ඔහුට මෙලොව දී ම කරුණු සහිත වූ සාධාරණ ලෙස ගැරහීමට ලක් වන සතර කරුණකට මුහුණ දිය යුතු වෙයි. ඒ කවර සතරක් ද යත්;

අනභිජ්ඣඤ්චේ භවං ධම්මපදං ගරහති, පටික්කෝසති, යේ ච හි අභිජ්ඣාලූ කාමේසු තිබ්බසාරගා සමණබ්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා තේ භෝතෝ පාසංසා.

ඉදින් භවත් තෙමේ ලෝභ නැති බවට ගරහයි නම්, ප්‍රතික්ෂේප කරයි නම්, ලෝභයෙන් යුක්ත වූ, කාමයන්හී තියුණු රාගයෙන් යුක්ත වූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙත් නම්, භවත්හු විසින් ඔවුහු පුදනු ලද්දාහු ය. භවත්හු විසින් ඔවුහු පසසන ලද්දාහු ය.

අබ්‍යාපාදඤ්චේ භවං ධම්මපදං ගරහති, පටික්කෝසති, යේ ච හි බ්‍යාපන්නචිත්තා පදුට්ඨමනසංකප්පා සමණ බ්‍රාහ්මණා. තේ භෝතෝ පුජ්ජා තේ භෝතෝ පාසංසා.

ඉදින් භවත් තෙමේ කෝප නැති බවට ගරහයි නම්, ප්‍රතික්ෂේප කරයි නම්, කෝපයෙන් යුක්ත වූ, දූෂිත වූ චිත්ත සංකල්පයෙන් යුක්ත වූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙත් නම්, භවත්හු විසින් ඔවුහු පුදනු ලද්දාහු ය. භවත්හු විසින් ඔවුහු පසසන ලද්දාහු ය.

සම්මාසතිඤ්චේ භවං ධම්මපදං ගරහති, පටික්කෝසති, යේ ච හි මුට්ඨස්සතී අසම්පජානා සමණබ්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා. තේ භෝතෝ පාසංසා.

ඉදින් භවත් තෙමේ සම්මා සතියට ගරහයි නම්, ප්‍රතික්ෂේප කරයි නම්, සිහි මුලාවෙන් යුක්ත වූ, නුවණින් තොර වූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙත් නම්, භවත්හු විසින් ඔවුහු පුදනු ලද්දාහු ය. භවත්හු විසින් ඔවුහු පසසන ලද්දාහු ය.

සම්මාසමාධිඤ්චේ භවං ධම්මපදං ගරහති, පටික්කෝසති, යේ ච හි අසමාහිතා විබ්භන්තචිත්තා සමණබ්‍රාහ්මණා. තේ භෝතෝ පුජ්ජා. තේ භෝතෝ පාසංසා.

ඉදින් භවත් තෙමේ සම්මා සමාධියට ගරහයි නම්, ප්‍රතික්ෂේප කරයි නම්, එකඟ සිතින් තොර වූ, භ්‍රාන්ත සිත් ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙත් නම්, භවත්හු විසින් ඔවුහු පුදනු ලද්දාහු ය. භවත්හු විසින් ඔවුහු පසසන ලද්දාහු ය.

“යෝ ඛෝ, පරිබ්බාජකා, ඉමානි චත්තාරි ධම්මපදානි ගරහිතබ්බං පටික්කෝසිතබ්බං මඤ්ඤෙය්‍ය, තස්ස දිට්ඨේව ධම්මේ ඉමේ චත්තාරෝ සහධම්මිකා වාදානුපාතා ගාරය්හා ඨානා ආගච්ඡන්ති.

පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ සතර ධර්මපදයන්ට ගැරහිය යුතු යැයි, ප්‍රතික්ෂේප කළ යුතු යැයි සිතයි ද, ඔහුට මෙලොව දී ම කරුණු සහිත වූ සාධාරණ ලෙස ගැරහීමට ලක් වන මේ සතර කරුණට මුහුණ දිය යුතු වෙයි.

යේපි තේ පරිබ්බාජකා අහේසුං උක්කලා වස්ස-භඤ්ඤ අහේතුවාදා, අකිරියවාදා, නත්ථිකවාදා, තේපි ඉමානි චත්තාරි ධම්මපදානි න ගරහිතබ්බං න පටික්කෝසිතබ්බං අමඤ්ඤිංසු. තං කිස්ස හේතු? නින්දාබ්‍යාරෝසාඋපාරම්භභයා”ති.

පරිබ්‍රාජකයෙනි, උක්කලා ජනපදවාසී වස්ස ය, භඤ්ඤ ය යන අහේතුවාදී ක්‍රියාව නොපිළිගන්නා නාස්තිකවාදී යම් ඒ වාදකාරයෝ දෙදෙනෙක් වූවාහු ද, ඔවුනුත් මේ සතර ධර්ම පදයන් නොගැරහිය යුතු යැයි, පිළිකෙව් නොකළ යුතු යැයි සිතූහ. ඒ මක්නිසාද යත්, නැණවතුන්ගෙන් ලැබෙන නින්දා අපහාස ගැරහුම් වලට ඇති බිය නිසා ය.

(ගාථා)

“අබ්‍යාපන්නෝ සදා සතෝ, අජ්ඣත්තං සුසමාහිතෝ;
අභිජ්ඣාවිනයේ සික්ඛං, අප්පමත්තෝති වුච්චතී”ති.

කෝප නොවන සිතින් යුතුව, නිරතුරු ව සිහියෙන් යුතුව තමා තුළ මැනැවින් එකඟ කළ සිහි ඇතිව ලෝභය දුරු කොට හික්මෙන භික්ෂුව අප්‍රමාදී තැනැත්තා යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පරිබ්බාජක සූත්‍රය නිමා විය.

උරුවේලවග්ගෝ තතියෝ.

තුන්වෙනි උරුවේල වර්ගය අවසන් විය.

තස්සුද්දානං –

එහි පිළිවෙල උද්දානයයි :

ද්වේ උරුවේලා ලෝකෝ කාලිකෝ බ්‍රහ්මචරියේන පඤ්චමං;
කුහං සන්තුට්ඨි වංසෝ ධම්මපදං පරිබ්බාජකේන චාති.

උරුවේල සූත්‍ර දෙකකි. ලෝක සූත්‍රය, කාළකාරාම සූත්‍රය, බ්‍රහ්මචරිය සූත්‍රය, කුහක සූත්‍රය, සන්තුට්ඨි සූත්‍රය, අරියවංශ සූත්‍රය, ධම්මපද සූත්‍රය සහ පරිබ්බාජක සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M