සැවැත් නුවර දී ය ……….
මහණෙනි, මේ නිවන් මග වනාහී ජනයා පුදුමයට පත් කරනු පිණිස හැසිරෙන දෙයක් නොවෙයි. ජනයා සුරතල් කරනු පිණිස හැසිරෙන දෙයක් නොවෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපිදවීම අනුසස් කොට හැසිරෙන දෙයක් නොවෙයි. වාද විවාදයන් උපදවා ජයගැනීම අනුසස් කොට හැසිරෙන දෙයක් නොවෙයි. මහාජන තෙමේ මේ අයුරු වූ මා දැනගනිත්වා යනුවෙන් හැසිරෙන දෙයකුත් නොවෙයි. වැලිදු මහණෙනි, මේ බඹසරෙහි හැසිරෙන්නේ ඉඳුරන්ගේ සංවර වීම පිණිස ය. කෙලෙස් ප්‍රහාණය පිණිස ය. නොඇල්ම පිණිස ය. තෘෂ්ණා නිරෝධය පිණිස ය.
(ගාථා)
ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිස ත්, ප්‍රහාණය පිණිස ත්, මෙසේ මෙසේ යැයි කතාවකින් අවසන් වන දෙයක් නොව නිවනෙහි බැස ගැනීම පිණිස ත් බ්‍රහ්මචරියාව වදාළ සේක.
මේ නිවන් මග මහාර්ෂීන් විසින් අනුගමනය කරන ලද්දකි. බුදුරජුන් වදාරණ ලද්දේ යම් අයුරකින් ද, ඒ අයුරින් යමෙක් ඒ මග පිළිපදිත් ද, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය කරන ඔවුහු දුක් කෙළවර කරන්නාහු ය.
සාදු! සාදු!! සාදු!!!
බ්‍රහ්මචරිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M