අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.3.3. ලෝක සුත්තං

4.1.3.3. ලෝකය ගැන වදාළ දෙසුම

[සාවත්ථිනිදානං]

සැවැත් නුවර දී ය …….

“ලෝකෝ භික්ඛවේ, තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකස්මා තථාගතෝ විසංයුත්තෝ. ලෝකසමුදයෝ, භික්ඛවේ, තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකසමුදයෝ තථාගතස්ස පහීණෝ. ලෝකනිරෝධෝ, භික්ඛවේ, තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකනිරෝධෝ තථාගතස්ස සච්ඡිකතෝ. ලෝකනිරෝධගාමිනී පටිපදා, භික්ඛවේ, තථාගතේන අභිසම්බුද්ධා. ලෝකනිරෝධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා.

මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය අවබෝධ කරන ලද්දේ ය. තථාගත තෙමේ ලෝකයෙන් වෙන් වී සිටින්නේ වෙයි. මහණෙනි, ලෝකයෙහි හටගැනීම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ ය. තථාගතයන් වහන්සේ හට ලෝකයෙහි හටගැනීම ප්‍රහාණ වූයේ ය. මහණෙනි, ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ ය. ඒ ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අත්දකින ලද්දේ ය. මහණෙනි, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව ද තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ ය. තථාගතයන් විසින් ඒ ලොව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දියුණු කරන ලද්දේ ය.

“යං, භික්ඛවේ, සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතේන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතෝ’ති වුච්චති.

1. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා විසින් දකින ලද, අසන ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, සිතින් සිතන ලද, ලබන ලද, සොයන ලද, මනසින් විමසන ලද යමක් ඇද්ද, ඒ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ ය. එනිසා තථාගත යැයි කියනු ලැබේ.

“යඤ්ච, භික්ඛවේ, රත්තිං තථාගතෝ අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ඣති. යඤ්ච රත්තිං අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං ඒතස්මිං අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බං තං තථේව හෝති, නෝ අඤ්ඤථා. තස්මා ‘තථාගතෝ’ති වුච්චති.

2. මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූයේ ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන්නේ ද, මේ අතර කාලය තුළ යමක් පවසයි ද, කියයි ද, නිර්දේශ කරයි ද, ඒ සියල්ල ඒ අයුරින් ම වෙයි. අන් අයුරකින් නොවෙයි. එනිසා තථාගත යැයි කියනු ලැබේ.

“යථාවාදී, භික්ඛවේ, තථාගතෝ තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතෝ’ති වුච්චති.

3. මහණෙනි, තථාගතයන් වහන්සේ යම් අයුරකින් කියන්නේ වෙයි ද, ඒ අයුරින් කරන්නේ වෙයි. යම් අයුරකින් කරන්නේ වෙයි ද, ඒ අයුරින් කියන්නේ වෙයි. මෙසේ යම් සේ කියයි ද, එසේ කරයි. යම් සේ කරයි ද, එසේ කියයි. එනිසා තථාගත යැයි කියනු ලැබේ.

“සදේවකේ, භික්ඛවේ, ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය තථාගතෝ අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්ථු දසෝ වසවත්තී. තස්මා ‘තථාගතෝ’ති වුච්චති”.

4. මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ සියල්ල මැඩගෙන වාසය කරයි. අන් කෙනෙකුට නොමැඩිය හැක්කේ වෙයි. ඒකාන්තයෙන් සියල්ල දක්නේ වෙයි. තම වසඟයෙහි පවත්වන්නේ වෙයි. එනිසා තථාගත යැයි කියනු ලැබේ.

(ගාථා)

“සබ්බ ලෝකං අභිඤ්ඤාය, සබ්බ ලෝකේ යථාතථං;
සබ්බලෝකවිසංයුත්තෝ, සබ්බලෝකේ අනූපයෝ.

සකල ලොව නුවණින් පිරිසිඳ දැන, සියළු ලොවෙහි ඇති සැබෑ තතු ඒ අයුරින් ම දැන, සියළු ලෝකයෙන් වෙන් ව, සියළු ලෝකයෙහි නොපිහිටා සිටින්නේ වෙයි.

“ස වේ සබ්බාභිභූ ධීරෝ, සබ්බගන්ථප්පමෝචනෝ;
ඵුට්ඨ’ස්ස පරමා සන්ති, නිබ්බානං අකුතෝභයං.

ඒ තථාගත තෙමේ ඒකාන්තයෙන් ම සියල්ල මැඩ පැවැත්වූ ධීරයෙකි. සියළු ගැටයෙන් නිදහස් වූ කෙනෙකි. පරම ශාන්තිය වූ කිසි අයුරකින් බියක් නැත්තා වූ ඒ අමා නිවන ස්පර්ශ කරන ලද්දේ ය.

“ඒස ඛීණාසවෝ බුද්ධෝ, අනීඝෝච්ඡින්නසංසයෝ;
සබ්බකම්මක්ඛයං පත්තෝ, විමුත්තෝ උපධිසංඛයේ.

මේ ක්ෂීණාශ්‍රව වූ බුදුරජ තෙමේ දුක් නැත්තේ ය. සිඳ ලූ සැක ඇත්තේ ය. සියළු කර්මයන්ගේ ක්ෂයයට පත්වූයේ ය. කෙලෙස් සංඛ්‍යාත සියල්ලෙන් නිදහස් වූයේ ය.

“ඒස සෝ භගවා බුද්ධෝ, ඒස සීහෝ අනුත්තරෝ;
සදේවකස්ස ලෝකස්ස, බ්‍රහ්මචක්කං පවත්තයී.

මේ ඒ භාග්‍යවත් තෙමේ බුද්ධ නම් වෙයි. මෙතෙමේ අනුත්තර වූ සිංහරාජයෙකි. දෙවියන් සහිත ලෝකයෙහි බ්‍රහ්ම චක්‍රය කරකැව්වේ ය.

“ඉති දේවාමනුස්සා ච, යේ බුද්ධං සරණංගතා;
සංගම්ම තං නමස්සන්ති, මහන්තං වීතසාරදං.

මෙසේ යම් දෙවි මිනිස් කෙනෙක් බුදුරදුන් සරණ ගියාහු වෙත් ද, ඔවුහු එක් රැස් ව පහ වූ බිය ඇති ගුණයෙන් මහත් වූ ඒ බුදුරජුන් වඳිති.

“දන්තෝ දමයතං සෙට්ඨෝ, සන්තෝ සමයතං ඉසි;
මුත්තෝ මෝචයතං අග්ගෝ, තිණ්ණෝ තාරයතං වරෝ.

තමා දමනය වූයේ, අනුන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨයහ. තමා ශාන්ත වූයේ, අනුන් ශාන්ත කිරීමෙහිලා ඍෂිවරයාණෝ ය. තමන් කෙලෙසුන් ගෙන් මිදුණේ, අනුන් කෙලෙසුන්ගෙන් මිදවීමෙහිලා අග්‍රයහ. තමන් සසරින් එතෙර වූයේ, අන් අය එතෙර කැරවීමෙහිලා උත්තමයහ.

“ඉති හේතං නමස්සන්ති, මහන්තං වීතසාරදං;
සදේවකස්මිං ලෝකස්මිං, නත්ථි තේ පටිපුග්ගලෝ”ති.

මෙසේ දෙවියන් සහිත ලෝකයෙහි නුඹවහන්සේට ප්‍රතිපුද්ගලයෙක් නැතැයි පහ වූ බිය ඇති ගුණයෙන් මහත් වූ බුදුරජුන් හට ලෝවැස්සෝ වන්දනා කරති.

සාදු! සාදු!! සාදු!!!

ලෝක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M