අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.6. සෝඛුම්ම සුත්තං

4.1.2.6. සියුම් බව ගැන වදාළ දෙසුම

“චත්තාරිමානි, භික්ඛවේ, සෝඛුම්මානි. කතමානි චත්තාරි?

මහණෙනි, සියුම් ස්වභාවයන් අවබෝධ කරන ඥාන සතරකි. ඒ කවර සතරක් ද යත්;

ඉධ, භික්ඛවේ, භික්ඛු රූපසෝඛුම්මේන සමන්නාගතෝ හෝති පරමේන, තේන ච රූපසෝඛුම්මේන අඤ්ඤං රූපසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තේන ච රූපසෝඛුම්මේන අඤ්ඤං රූපසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථේති.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව ඉතා උසස් අයුරින් රූපයෙහි ඇති සියුම් ස්වභාවයන් දක්නා ඥානයෙන් යුතු වෙයි. රූපයන් පිළිබඳ සියුම් ව දකිනා ඒ ඥානයට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ වෙනත් රූප සූක්ෂම බවක් නොදකියි. රූපයන් පිළිබඳ ව සියුම් ව දකිනා එම ඥානයෙන් උත්තරීතර වූ ප්‍රණීතතර වූ හෝ වෙනත් රූප සූක්ෂම බවක් නොපතයි.

වේදනාසෝඛුම්මේන සමන්නාගතෝ හෝති පරමේන, තේන ච වේදනාසෝඛුම්මේන අඤ්ඤං වේදනාසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තේන ච වේදනාසෝඛුම්මේන අඤ්ඤං වේදනාසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථේති.

2. මහණෙනි, භික්ෂුව ඉතා උසස් අයුරින් විඳීමෙහි ඇති සියුම් ස්වභාවයන් දක්නා ඥානයෙන් යුතු වෙයි. විඳීම් පිළිබඳ සියුම් ව දකිනා ඒ ඥානයට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ වෙනත් විඳීමක සූක්ෂම බවක් නොදකියි. විඳීම් පිළිබඳ ව සියුම් ව දකිනා එම ඥානයෙන් උත්තරීතර වූ ප්‍රණීතතර වූ හෝ වෙනත් විඳීමක සූක්ෂම බවක් නොපතයි.

සඤ්ඤාසෝඛුම්මේන සමන්නාගතෝ හෝති පරමේන. තේන ච සඤ්ඤාසෝඛුම්මේන අඤ්ඤං සඤ්ඤාසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තේන ච සඤ්ඤාසෝඛුම්මේන අඤ්ඤං සඤ්ඤාසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථේති.

3. මහණෙනි, භික්ෂුව ඉතා උසස් අයුරින් සංඥාවෙහි ඇති සියුම් ස්වභාවයන් දක්නා ඥානයෙන් යුතු වෙයි. සංඥාවන් පිළිබඳ සියුම් ව දකිනා ඒ ඥානයට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ වෙනත් සංඥා සූක්ෂම බවක් නොදකියි. සංඥාවන් පිළිබඳ ව සියුම් ව දකිනා එම ඥානයෙන් උත්තරීතර වූ ප්‍රණීතතර වූ හෝ වෙනත් සංඥා සූක්ෂම බවක් නොපතයි.

සංඛාරසෝඛුම්මේන සමන්නාගතෝ හෝති පරමේන. තේන ච සංඛාරසෝඛුම්මේන අඤ්ඤං සංඛාරසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න සමනුපස්සති. තේන ච සංඛාරසෝඛුම්මේන අඤ්ඤං සංඛාරසෝඛුම්මං උත්තරිතරං වා පණීතතරං වා න පත්ථේති.

4. මහණෙනි, භික්ෂුව ඉතා උසස් අයුරින් සංස්කාරයන්හි ඇති සියුම් ස්වභාවයන් දක්නා ඥානයෙන් යුතු වෙයි. සංස්කාරයන් පිළිබඳ සියුම් ව දකිනා ඒ ඥානයට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ වෙනත් සංස්කාර සූක්ෂම බවක් නොදකියි. සංස්කාරයන් පිළිබඳ ව සියුම් ව දකිනා එම ඥානයෙන් උත්තරීතර වූ ප්‍රණීතතර වූ හෝ වෙනත් සංස්කාර සූක්ෂම බවක් නොපතයි.

ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි සෝඛුම්මානී”ති.

මහණෙනි, මේ වනාහී සියුම් ස්වභාවයන් අවබෝධ කරන ඥාන සතරයි.

“රූපසෝඛුම්මතං ඤත්වා, වේදනානඤ්ච සම්භවං;
සඤ්ඤා යතෝ සමුදේති, අත්ථං ගච්ඡති යත්ථ ච;

රූප උපාදානස්කන්ධයන්ගේ ඇති සියුම් ස්වභාවය අවබෝධ කොට, වේදනාවන්ගේ හටගැනීමෙහි ඇති සියුම් බව ත් අවබෝධ කොට, යම් කරුණකින් සංඥාව උපදියි ද, යම් තැනක නිරුද්ධ වෙයි ද, එය ත් අවබෝධ කොට,

“සංඛාරේ පරතෝ ඤත්වා, දුක්ඛතෝ නෝ ච අත්තතෝ.
ස චේ සම්මද්දසෝ භික්ඛු, සන්තෝ සන්තිපදේ රතෝ;
ධාරේති අන්තිමං දේහං, ජෙත්වා මාරං සවාහිනින්ති.

සංස්කාරයන් අනුන් අයත් දෙයක් වශයෙන් අවබෝධ කොට, දුක් වශයෙන් අවබෝධ කොට, ආත්ම වශයෙන් නොගෙන, මැනැවින් පංච උපදාන ස්කන්ධය දකිනා භික්ෂුව ශාන්ත වූයේ, ශාන්ත නිවනෙහි ඇළුණේ වෙයි. සේනා සහිත මරු දිනූ ඒ භික්ෂුව ඒකාන්තයෙන් ම අන්තිම සිරුර දරන්නේ වෙයි.

සෝඛුම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M