මහණෙනි, මේ අග්‍ර පැණවීම් සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. මහණෙනි, යම් මේ රාහු අසුරේන්ද්‍ර තෙමේ වෙයි ද, මෙතෙමේ ආත්මභාව ලාභීන් අතුරෙන් අග්‍ර වෙයි.
2. මහණෙනි, යම් මේ මහාමන්ධාතු නම් රජෙක් වෙයි ද, මෙතෙමේ කාමභෝගීන් අතුරෙන් අග්‍ර වෙයි.
3. මහණෙනි, යම් මේ පාපී වූ මාර තෙමේ වෙයි ද, මෙතෙමේ ලොවෙහි අධිපති බව දරන්නවුන් අතුරෙන් අග්‍ර වෙයි.
4. මහණෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍ර යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී සතරක් වූ අග්‍ර ප්‍රඥප්තියෝ ය.
ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරේන්ද්‍ර තෙමේ අග්‍ර වෙයි. කාමභෝගීන් අතුරෙන් මන්ධාතු සක්විති රජතෙමේ අග්‍ර වෙයි. ආධිපත්‍ය දරන්නවුන් අතුරෙන් මහා පරිවාර ඉර්ධියෙන් යුතු, කීර්තියෙන් යුතුව බබලන මාරයා අග්‍ර වෙයි.
උඩ, මැද, යට යම්තාක් ලෝකයෙහි ගති ඇද්ද, දෙවියන් සහිත ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ අග්‍ර යැයි කියනු ලැබේ.
අග්ගපඤ්ඤත්ති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M