අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.4. සංවරප්පධාන සුත්තං

4.1.2.4. ප්‍රධන් වීර්යය ගැන වදාළ දෙසුම

“චත්තාරිමානි , භික්ඛවේ, පධානානි. කතමානි චත්තාරි? සංවරප්පධානං, පහාණප්පධානං, භාවනාප්පධානං, අනුරක්ඛණාප්පධානං.

මහණෙනි, ප්‍රධන් වීර්යයෝ සතරකි. කවර සතරක් ද යත්; සංවරප්පධාන ය, පහාණප්පධාන ය, භාවනාප්පධාන ය, අනුරක්ඛණප්පධාන ය වශයෙනි.

කතමඤ්ච, භික්ඛවේ, සංවරප්පධානං? ඉධ, භික්ඛවේ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෝති නානුව්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේතං චක්ඛුන්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්‍රියං, චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. සෝතේන සද්දං සුත්වා… ඝාණේන ගන්ධං ඝායිත්වා… ජිව්හාය රසංසායිත්වා… කායේන ඵොට්ඨබ්බං ඵුසිත්වා… මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හෝති නානුව්‍යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමේතං මනින්ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්‍රියං, මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඉදං වුච්චති, භික්ඛවේ, සංවරප්පධානං.

1. මහණෙනි, සංවරප්පධානය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක එහි සළකුණු සිතට නොගනියි. එම රූපයෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස ඇස සංවර වීමට පිළිපදියි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස ලබා ….(පෙ)…. මනසින් අරමුණක් සිතා එහි සළකුණු සිතට නොගනියි. එම අරමුණෙහි අනුකොටසක වත් සළකුණු සිතට නොගනියි. මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කිරීම හේතුවෙන් ලෝභ, ද්වේෂ ආදී පාපී අකුසල් තමා ව ලුහු බැඳ එයි නම් එබඳු වූ දෙය කරා නොයනු පිණිස මනස සංවර වීමට පිළිපදියි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙය සංවරප්පධාන යැයි කියනු ලැබේ.

“කතමඤ්ච, භික්ඛවේ, පහාණප්පධානං? ඉධ, භික්ඛවේ, භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාදවිතක්කං ….(පෙ)…. උප්පන්නං විහිංසාවිතක්කං ….(පෙ)…. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති අනභාවං ගමේති. ඉදං වුච්චති, භික්ඛවේ, පහාණප්පධානං.

2. මහණෙනි, පහාණප්පධාන යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නොඉවසයි, බැහැර කරයි, දුරු කරයි, නැති කරයි, අභාවයට පත් කරයි. උපන් ව්‍යාපාද විතර්කය ….(පෙ)…. උපන් විහිංසා විතර්කය ….(පෙ)…. උපනූපන් පාපී අකුසල් නොඉවසයි, බැහැර කරයි, දුරු කරයි, නැති කරයි, අභාවයට පත් කරයි. මහණෙනි, මෙය පහාණප්පධාන යැයි කියනු ලැබේ.

“කතමඤ්ච, භික්ඛවේ, භාවනාප්පධානං? ඉධ, භික්ඛවේ, භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති… විරියසම්බොජ්ඣංගං භාවේති… පීතිසම්බොජ්ඣංගං භාවේති… පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති… සමාධිසම්බොජ්ඣංගං භාවේති… උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉදං වුච්චති, භික්ඛවේ, භාවනාප්පධානං.

3. මහණෙනි, භාවනාප්පධාන යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු වූ, නොඇල්මෙන් යුතු වූ, ඇල්ම නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ඣංගය දියුණු කරයි. ධම්මවිචය සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. පීති සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු කරයි. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය දියුණු කරයි. කාය චිත්ත විවේකයෙන් යුතු වූ, නොඇල්මෙන් යුතු වූ, ඇල්ම නිරුද්ධ කරන සිතින් යුතුව, නිවනට නැඹුරු වූ සිතින් යුතුව උපෙක්ඛා සම්බොජ්ඣංගය දියුණු කරයි. මහණෙනි, මෙය භාවනාප්පධාන යැයි කියනු ලැබේ.

“කතමඤ්ච, භික්ඛවේ, අනුරක්ඛණප්පධානං? ඉධ, භික්ඛවේ, භික්ඛු උප්පන්නං භද්දකං සමාධිනිමිත්තං අනුරක්ඛති අට්ඨිකසඤ්ඤං පුළවකසඤ්ඤං විනීලකසඤ්ඤං විච්ඡිද්දකසඤ්ඤං උද්ධුමාතකසඤ්ඤං. ඉදං වුච්චති, භික්ඛවේ, අනුරක්ඛණප්පධානං.

4. මහණෙනි, අනුරක්ඛණප්පධාන යනු කුමක් ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තමා තුළ උපන් සොඳුරු සමාධි නිමිත්ත ආරක්ෂා කර ගනියි. එනම් අට්ඨික සංඥාව ය, පුලවක සංඥාව ය, විනීලක සංඥාව ය, විපුබ්බක සංඥාව ය, විච්ඡිද්දක සංඥාව ය, උද්ධුමාතක සංඥාව ය. මහණෙනි, මෙය අනුරක්ඛණප්පධාන යැයි කියනු ලැබේ.

ඉමානි ඛෝ, භික්ඛවේ, චත්තාරි පධානානී”ති.

මහණෙනි, මේවා සතර ප්‍රධන් වීර්යයෝ ය.

“සංවරෝ ච පහාණඤ්ච, භාවනා අනුරක්ඛණා;
ඒතේ පධානා චත්තාරෝ, දේසිතාදිච්චබන්ධුනා;
යේහි භික්ඛු ඉධාතාපී, ඛයං දුක්ඛස්ස පාපුණේ”ති.

සංවරප්පධාන ය, පහාණප්පධාන ය, භාවනාප්පධාන ය, අනුරක්ඛණප්පධාන ය යන මේ ප්‍රධන් වීර්යයෝ සතර දෙන ආදිච්ච බන්ධු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දාහ. මේ සසුනෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇතිව යම් ප්‍රධන් වීර්යය සතරකින් යුක්ත වූයේ වෙයි ද, දුකේ ක්ෂය වීම වූ නිවනට පැමිණෙන්නේ ය.

සංවරප්පධාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M