මහණෙනි, මේ සම්‍යක් ප්‍රධන් වීර්යයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
2. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
3. නූපන් කුසල් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
4. උපන් කුසල් දහම් දිගට ම පැවැත්වීම පිණිස ත්, එහි නොමුලා බව පිණිස ත්, බොහෝ සෙයින් දියුණු වීම පිණිස ත්, විපුල බව පිණිස ත්, නැවත නැවත දියුණු කොට පිරිපුන් බවට පත් කිරීම පිණිස ත් කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. බලවත් උත්සාහයක යෙදෙයි.
මේවා වනාහී සම්‍යක් ප්‍රධන් වීර්යයෝ සතර ය.
සම්‍යක් ප්‍රධන් වීර්යයෙන් යුතුව මාරයාගේ බලපෑම මැඩගෙන සිටින ඒ රහතන් වහන්සේලා ඉපදෙන මැරෙන භයෙන් එතෙරට ගියාහු ය. උන්වහන්සේලා සේනා සහිත මරු දිනා සතුටින් සිටිති. උන්වහන්සේලා තෘෂ්ණා නැත්තෝ ය. සියළු මාර බලය ඉක්මවා ගොස් සිටින ඒ රහතන් වහන්සේලා සැප සේ වසන්නෝ ය.
පධාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M