අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.2. සීල සුත්තං

4.1.2.2. සීලය මුල්කොට වදාළ දෙසුම

“සම්පන්නසීලා, භික්ඛවේ, විහරථ සම්පන්නපාතිමොක්ඛා, පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගෝචරසම්පන්නා අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවිනෝ. සමාදාය සික්ඛථ සික්ඛාපදේසු. සම්පන්නසීලානං වෝ, භික්ඛවේ, විහරතං සම්පන්නපාතිමොක්ඛානං පාතිමොක්ඛසංවරසංවුතානං විහරතං ආචාරගෝචරසම්පන්නානං අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවීනං සමාදාය සික්ඛතං සික්ඛාපදේසු කිමස්ස උත්තරිං කරණීයං?

මහණෙනි, සීල සම්පන්න ව, ප්‍රාතිමෝක්ෂ සම්පන්න ව වසව්. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව, අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකිමින් වසව්. ශික්ෂාපදයන් සමාදන් ව හික්මෙව්. මහණෙනි, සීල සම්පන්න ව, ප්‍රාතිමෝක්ෂ සම්පන්න ව වසන්නා වූ, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ව, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව, අණුමාත්‍ර වරදෙහි ත් බිය දකිමින් වසන්නා වූ සික පදයන්හි සමාදන් ව හික්මෙන්නා වූ ඔබ විසින් ඉන්පසු කළ යුත්තේ කුමක් ද?

“චරතෝ චේපි, භික්ඛවේ, භික්ඛුනෝ අභිජ්ඣා ව්‍යාපාදෝ විගතෝ හෝති. ථිනමිද්ධං… උද්ධච්චකුක්කුච්චං… විචිකිච්ඡා පහීණා හෝති. ආරද්ධං හෝති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං. චරම්පි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

1. මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවක් හට ද ලෝභය ත් ව්‍යාපාදය ත් දුරුවූයේ නම්, නිදිමත හා අලස බව ත්, සිතේ විසිරීම හා පසුතැවීම ත්, සැකය ත් ප්‍රහාණය වූයේ නම්, නොහැකිළුණු වීරිය අරඹන ලද්දේ නම්, පිහිටුවාගත් සිහිය නොමුලා ව තිබේ නම්, පීඩා රහිත වූ සංසිඳුණු කයක් ඇත්තේ නම්, සමාහිත වූ එකඟ සිතක් ඇත්තේ නම්, මහණෙනි, මෙබඳු වූ භික්ෂුව ඇවිදින්නේ නමුදු කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට බිය ඇත්තේ හැමවිට නිරතුරු පටන් ගත් වීරිය ඇත්තේ දහමට දිවි පුදා සිටින්නේ යැයි කියනු ලැබේ.

“ඨිතස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ අභිජ්ඣා ව්‍යාපාදෝ විගතෝ හෝති. ථිනමිද්ධං… උද්ධච්චකුක්කුච්චං… විචිකිච්ඡා පහීණා හෝති. ආරද්ධං හෝති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං. ඨිතෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

2. මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවක් හට ද ලෝභය ත් ව්‍යාපාදය ත් දුරුවූයේ නම්, නිදිමත හා අලස බව ත්, සිතේ විසිරීම හා පසුතැවීම ත්, සැකය ත් ප්‍රහාණය වූයේ නම්, නොහැකිළුණු වීරිය අරඹන ලද්දේ නම්, පිහිටුවාගත් සිහිය නොමුලා ව තිබේ නම්, පීඩා රහිත වූ සංසිඳුණු කයක් ඇත්තේ නම්, සමාහිත වූ එකඟ සිතක් ඇත්තේ නම්, මහණෙනි, මෙබඳු වූ භික්ෂුව සිටගෙන සිටින්නේ නමුදු කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට බිය ඇත්තේ හැමවිට නිරතුරු පටන් ගත් වීරිය ඇත්තේ දහමට දිවි පුදා සිටින්නේ යැයි කියනු ලැබේ.

“නිසින්නස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ අභිජ්ඣා ව්‍යාපාදෝ විගතෝ හෝති. ථිනමිද්ධං… උද්ධච්චකුක්කුච්චං… විචිකිච්ඡා පහීණා හෝති. ආරද්ධං හෝති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං. නිසින්නෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

3. මහණෙනි, වාඩි වී සිටින භික්ෂුවක් හට ද ලෝභය ත් ව්‍යාපාදය ත් දුරුවූයේ නම්, නිදිමත හා අලස බව ත්, සිතේ විසිරීම හා පසුතැවීම ත්, සැකය ත් ප්‍රහාණය වූයේ නම්, නොහැකිළුණු වීරිය අරඹන ලද්දේ නම්, පිහිටුවාගත් සිහිය නොමුලා ව තිබේ නම්, පීඩා රහිත වූ සංසිඳුණු කයක් ඇත්තේ නම්, සමාහිත වූ එකඟ සිතක් ඇත්තේ නම්, මහණෙනි, මෙබඳු වූ භික්ෂුව වාඩි වී සිටින්නේ නමුදු කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට බිය ඇත්තේ හැමවිට නිරතුරු පටන් ගත් වීරිය ඇත්තේ දහමට දිවි පුදා සිටින්නේ යැයි කියනු ලැබේ.

“සයානස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ ජාගරස්ස අභිජ්ඣා ව්‍යාපාදෝ විගතෝ හෝති. ථිනමිද්ධං… උද්ධච්චකුක්කුච්චං… විචිකිච්ඡා පහීණා හෝති. ආරද්ධං හෝති විරියං අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං. සයානෝපි, භික්ඛවේ, භික්ඛු ජාගරෝ ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චතී”ති.

4. මහණෙනි, සැතැපී නිදි වරා සිටින භික්ෂුවක් හට ද ලෝභය ත් ව්‍යාපාදය ත් දුරුවූයේ නම්, නිදිමත හා අලස බව ත්, සිතේ විසිරීම හා පසුතැවීම ත්, සැකය ත් ප්‍රහාණය වූයේ නම්, නොහැකිළුණු වීරිය අරඹන ලද්දේ නම්, පිහිටුවාගත් සිහිය නොමුලා ව තිබේ නම්, පීඩා රහිත වූ සංසිඳුණු කයක් ඇත්තේ නම්, සමාහිත වූ එකඟ සිතක් ඇත්තේ නම්, මහණෙනි, මෙබඳු වූ භික්ෂුව සැතැපී නිදි වරා සිටින්නේ නමුදු කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට බිය ඇත්තේ හැමවිට නිරතුරු පටන් ගත් වීරිය ඇත්තේ දහමට දිවි පුදා සිටින්නේ යැයි කියනු ලැබේ.

“යතං චරේ යතං තිට්ඨේ, යතං අච්ඡේ යතං සයේ;
යතං සමිඤ්ජයේ භික්ඛු, යතමේව නං පසාරයේ.

ඇවිදින විට ත් හික්මී සිටින්නේ වෙයි. සිටින විට ත් හික්මී සිටින්නේ වෙයි. හිඳින විට ත් හික්මී සිටින්නේ වෙයි. සැතැපෙන විට ත් හික්මී සිටින්නේ වෙයි. ඒ භික්ෂුව අතපය හකුලන විට ත් හික්මී සිටින්නේ වෙයි. දිගහරින විට ත් හික්මී සිටින්නේ වෙයි.

“උද්ධං තිරියං අපාචීනං, යාවතා ජගතෝ ගති;
සමවෙක්ඛිතා ච ධම්මානං, ඛන්ධානං උදයබ්බයං.

යම් භික්ෂුවක් උඩ, මැද, යට ආදී ලෝකයෙහි යම්තාක් ගති ඇද්ද, ඒ සියළු ආකාර පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැසීම ත් සම සේ දකින්නේ වෙයි.

“චේතෝසමථසාමීචිං, සික්ඛමානං සදා සතං;
සතතං පහිතත්තෝ’ති, ආහු භික්ඛුං තථාවිධන්ති.

හැමකල්හී සිහියෙන් යුතු සිතෙහි සංසිඳීමට යෝග්‍ය වූ ප්‍රතිපදාවෙහි හික්මෙන එබඳු වූ භික්ෂුව නිරතුරුව ම දහමට දිවි පුදා සිටින්නේ යැයි කියනු ලැබේ.

සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M