අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.2.1. චරන්ත සුත්තං

4.1.2.1. ඇවිදීම ගැන වදාළ දෙසුම

“චරතෝ චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු අධිවාසේති, නප්පජහති, න විනෝදේති, න ව්‍යන්තීකරෝති, න අනභාවං ගමේති, චරම්පි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතෝ හීනවිරියෝ’ති වුච්චති.

1. ඉදින් මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය ඉවසයි. දුරු නොකරයි. බැහැරට නොහරියි. අභාවයට පත් නොකරයි. මහණෙනි, ඇවිදිමින් සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ, අකුසලයට භය නොවූයේ, හැමවිට නිරතුරු ව කුසීත වූයේ, හීන වූ වීරිය ඇත්තේ යැයි කියනු ලැබේ.

“ඨිතස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු අධිවාසේති, නප්පජහති, න විනෝදේති, න බ්‍යන්තීකරෝති, න අනභාවං ගමේති. ඨිතෝ චේපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතෝ හීනවිරියෝ’ති වුච්චති.

2. ඉදින් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය ඉවසයි. දුරු නොකරයි. බැහැරට නොහරියි. අභාවයට පත් නොකරයි. මහණෙනි, සිටගෙන සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ, අකුසලයට භය නොවූයේ, හැමවිට නිරතුරු ව කුසීත වූයේ, හීන වූ වීරිය ඇත්තේ යැයි කියනු ලැබේ.

“නිසින්නස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු අධිවාසේති, නප්පජහති, න විනෝදේති, න බ්‍යන්තීකරෝති, න අනභාවං ගමේති. නිසින්නෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතෝ හීනවිරියෝ’ති වුච්චති.

3. ඉදින් මහණෙනි, වාඩි වී සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය ඉවසයි. දුරු නොකරයි. බැහැරට නොහරියි. අභාවයට පත් නොකරයි. මහණෙනි, වාඩි වී සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ, අකුසලයට භය නොවූයේ, හැමවිට නිරතුරු ව කුසීත වූයේ, හීන වූ වීරිය ඇත්තේ යැයි කියනු ලැබේ.

“සයානස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු අධිවාසේති, නප්පජහති, න විනෝදේති, න බ්‍යන්තීකරෝති, න අනභාවං ගමේති. සයානෝපි, භික්ඛවේ, භික්ඛු ජාගරෝ ඒවම්භූතෝ ‘අනාතාපී අනොත්තාපී සතතං සමිතං කුසීතෝ හීනවිරියෝ’ති වුච්චති.

4. ඉදින් මහණෙනි, සැතපී නිදිවරමින් සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය ඉවසයි. දුරු නොකරයි. බැහැරට නොහරියි. අභාවයට පත් නොකරයි. මහණෙනි, සැතපී නිදිවරා සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් තොර වූයේ, අකුසලයට භය නොවූයේ, හැමවිට නිරතුරු ව කුසීත වූයේ, හීන වූ වීරිය ඇත්තේ යැයි කියනු ලැබේ.

“චරතෝ චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තං චේ භික්ඛු නාධිවාසේති, පජහති විනෝදේති බ්‍යන්තීකරෝති අනභාවං ගමේති, චරම්පි, භික්ඛවේ, භික්ඛු ඒවංභූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

1. ඉදින් මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැරට හරියි. අභාවයට පමුණුවයි. මහණෙනි, ඇවිදිමින් සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට භය වූයේ, හැමවිට නිරතුරු ව පටන් ගත් වීරිය ඇත්තේ, දහමට දිවි පුදා වසන්නේ යැයි කියනු ලැබේ.

“ඨිතස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා බ්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු නාධිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති. ඨිතෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

2. ඉදින් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැරට හරියි. අභාවයට පමුණුවයි. මහණෙනි, සිටගෙන සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට භය වූයේ, හැමවිට නිරතුරු ව පටන් ගත් වීරිය ඇත්තේ, දහමට දිවි පුදා වසන්නේ යැයි කියනු ලැබේ.

“නිසින්නස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු නාධිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති. නිසින්නෝපි, භික්ඛවේ, භික්ඛු ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චති.

3. ඉදින් මහණෙනි, වාඩි වී සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැරට හරියි. අභාවයට පමුණුවයි. මහණෙනි, වාඩි වී සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට භය වූයේ, හැමවිට නිරතුරු ව පටන් ගත් වීරිය ඇත්තේ, දහමට දිවි පුදා වසන්නේ යැයි කියනු ලැබේ.

“සයානස්ස චේපි, භික්ඛවේ, භික්ඛුනෝ ජාගරස්ස උප්පජ්ජති කාමවිතක්කෝ වා ව්‍යාපාදවිතක්කෝ වා විහිංසාවිතක්කෝ වා. තඤ්ච භික්ඛු නාධිවාසේති, පජහති, විනෝදේති, ව්‍යන්තීකරෝති, අනභාවං ගමේති, සයානෝපි, භික්ඛවේ, භික්ඛු ජාගරෝ ඒවම්භූතෝ ‘ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවිරියෝ පහිතත්තෝ’ති වුච්චතී”ති.

4. ඉදින් මහණෙනි, සැතැපී නිදිවරමින් සිටින භික්ෂුවකට ත් කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේ ය. එවිට ඒ භික්ෂුව එම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැරට හරියි. අභාවයට පමුණුවයි. මහණෙනි, සැතැපී නිදිවරමින් සිටින මෙබඳු වූ භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු වූයේ, අකුසලයට භය වූයේ, හැමවිට නිරතුරු ව පටන් ගත් වීරිය ඇත්තේ, දහමට දිවි පුදා වසන්නේ යැයි කියනු ලැබේ.

“චරං වා යදි වා තිට්ඨං, නිසින්නෝ උද වා සයං;
යෝ විතක්කං විතක්කේති, පාපකං ගේහනිස්සිතං.

යම් භික්ෂුවක් ඇවිදින විට හෝ සිටගෙන සිටිද්දී හෝ වාඩි වී සිටිනා විට හෝ සයනය කොට සිටිද්දී හෝ කාම නිශ්‍රිත වූ ලාමක පාපී අකුසල විතර්කයන් විතර්ක කරයි නම්,

“කුම්මග්ගං පටිපන්නෝ සෝ, මෝහනෙය්‍යෙසු මුච්ඡිතෝ;
අභබ්බෝ තාදිසෝ භික්ඛු, ඵුට්ඨුං සම්බෝධිමුත්තමං.

නොමගක ගමන් කරන, මෝහනීය අරමුණුවල මුසපත් වූ එබඳු වූ භික්ෂුව උතුම් අරහත්වය පසක් කරන්නට සුදුස්සෙක් නොවෙයි.

“යෝ චරං වා තිට්ඨං වා, නිසින්නෝ උදවා සයං;
විතක්කං සමයිත්වාන, විතක්කූපසමේ රතෝ;
භබ්බෝ සෝ තාදිසෝ භික්ඛු, ඵුට්ඨුං සම්බෝධිමුත්තම”න්ති.

යම් භික්ෂුවක් ඇවිදින විට හෝ සිටගෙන සිටින විට හෝ වාඩි වී සිටින විට හෝ සැතැපී සිටින විට හෝ අකුසල විතර්කයන් සංසිඳුවාගෙන, ඒ අකුසල විතර්කයන්ගේ සංසිඳීම කෙරෙහි ඇලී වසයි ද, එබඳු වූ භික්ෂුව උතුම් අරහත්වය පසක් කරන්නට සුදුස්සෙකි.

චරන්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M