☰
මහණෙනි, අගතියට යන මේ කරුණු සතරකි. ඒ කවර සතරක් ද යත්;
කැමැත්ත හේතුවෙන් අගතියට යයි. ද්වේෂය හේතුවෙන් අගතියට යයි. මුලාව හේතුවෙන් අගතියට යයි. භය හේතුවෙන් අගතියට යයි.
මහණෙනි, මේ වනාහී සතරක් වූ අගතියට යෑම් ය.
යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා යයි ද, කළුවර පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පිරිහී යයි.
අගති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M