අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.1.7. සෝභෙන්ති සුත්තං

4.1.1.7. සෝභමාන කිරීම ගැන වදාළ දෙසුම

“චත්තාරෝමේ, භික්ඛවේ පුග්ගලා, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සංඝං සෝභෙන්ති. කතමේ චත්තාරෝ? භික්ඛු, භික්ඛවේ, වියත්තෝ විනීතෝ විසාරදෝ බහුස්සුතෝ ධම්මධරෝ ධම්මානුධම්මප්පටිපන්නෝ සංඝං සෝභේති. භික්ඛුනී, භික්ඛවේ, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සංඝං සෝභේති. උපාසකෝ, භික්ඛවේ, වියත්තෝ විනීතෝ විසාරදෝ බහුස්සුතෝ ධම්මධරෝ ධම්මානුධම්මප්පටිපන්නෝ සංඝං සෝභේති. උපාසිකා, භික්ඛවේ, වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සංඝං සෝභේති. ඉමේ ඛෝ, භික්ඛවේ, චත්තාරෝ වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මප්පටිපන්නා සංඝං සෝභෙන්තී”ති.

මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ මේ සතර පුද්ගලයෝ සංඝයා ශෝභමාන කරති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ භික්ෂුව සංඝයා ශෝභමාන කරයි.

2. මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ භික්ෂුණිය සංඝයා ශෝභමාන කරයි.

3. මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ උපාසකයා සංඝයා ශෝභමාන කරයි.

4. මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ උපාසිකාව සංඝයා ශෝභමාන කරයි.

මහණෙනි, ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුකූල පිළිවෙතෙහි යෙදී සිටින්නා වූ මේ සතර පුද්ගලයෝ සංඝයා ශෝභමාන කරති.

යෝ හෝති වියත්තෝ විසාරදෝ ච,
බහුස්සුතෝ ධම්මධරෝ ච හෝති;
ධමස්ස හෝති අනුධම්මචාරී,
ස තාදිසෝ වුච්චති සංඝසෝභනෝ.

මහණෙනි, යමෙක් ව්‍යක්ත වූයේ, විශාරද වූයේ, බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ, ධර්මයට අනුකූල ව ධර්මයේ හැසිරෙන්නේ ත් වෙයි නම්, එබඳු ශ්‍රාවකයා සංඝයා ශෝභමාන කරන්නේ යැයි කියනු ලැබේ.

භික්ඛු ච සීලසම්පන්නෝ, භික්ඛුනී ච බහුස්සුතා;
උපාසකෝ ච යෝ සද්ධෝ, යා ච සද්ධා උපාසිකා;
ඒතේ ඛෝ සංඝං සෝභෙන්ති, ඒතේ හි සංඝසෝභනා”ති.

සීල සම්පන්න වූ භික්ෂුවක් වෙයි ද, බහුශ්‍රැත වූ භික්ෂුණියක් වෙයි ද, සැදැහැවත් උපාසකයෙක් වෙයි ද, යම් උපාසිකාවක් සැදැහැ ඇත්තී ද, මේ සියලු දෙනා සංඝයා ශෝභමාන කරති. මොවුහු වනාහී සංඝයා ශෝභමාන කරන්නෝ ය.

සෝභෙන්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M