අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.1.1.6. අප්පස්සුත සුත්තං

4.1.1.6. අල්පශ්‍රැතභාවය ගැන වදාළ දෙසුම

“චත්තාරෝමේ, භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ චත්තාරෝ? අප්පස්සුතෝ සුතේන අනුපපන්නෝ, අප්පස්සුතෝ සුතේන උපපන්නෝ, බහුස්සුතෝ සුතේන අනුපපන්නෝ, බහුස්සුතෝ සුතේන උපපන්නෝ. කථඤ්ච, භික්ඛවේ, පුග්ගලෝ අප්පස්සුතෝ හෝති සුතේන අනුපපන්නෝ ? ඉධ , භික්ඛවේ, ඒකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හෝති – සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. සෝ තස්ස අප්පකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නෝ හෝති. ඒවං ඛෝ, භික්ඛවේ, පුග්ගලෝ අප්පස්සුතෝ හෝති සුතේන අනුපපන්නෝ.

මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි පැහැදිලි ව දකින්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් අල්පශ්‍රැතයා, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශ්‍රැතයා, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන නොලත් බහුශ්‍රැතයා, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රැතයා,

1. මහණෙනි, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අල්පශ්‍රැතයා යනු කවුද? මහණෙනි, මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය අල්ප වශයෙන් අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා අල්ප වශයෙන් ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් නොගෙන, ඒ ධර්මය වටහා නොගෙන, ධර්මානුකූල ජීවිතයකට නොබැසගත්තේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අල්පශ්‍රැතයෙක් වෙයි.

“කථඤ්ච, භික්ඛවේ, පුග්ගලෝ අප්පස්සුතෝ හෝති සුතේන උපපන්නෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චස්ස පුග්ගලස්ස අප්පකං සුතං හෝති – සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. සෝ තස්ස අප්පකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති. ඒවං ඛෝ, භික්ඛවේ, පුග්ගලෝ අප්පස්සුතෝ හෝති සුතේන උපපන්නෝ.

2. මහණෙනි, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශ්‍රැතයා යනු කවුද? මහණෙනි, මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය අල්ප වශයෙන් අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා අල්ප වශයෙන් ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් ගෙන, ඒ ධර්මය වටහා ගෙන, ධර්මානුකූල ජීවිතයකට බැසගත්තේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශ්‍රැතයෙක් වෙයි.

“කථඤ්ච, භික්ඛවේ, පුග්ගලෝ බහුස්සුතෝ හෝති සුතේන අනුපපන්නෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චස්ස පුග්ගලස්ස බහුං සුතං හෝති – සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. සෝ තස්ස බහුකස්ස සුතස්ස න අත්ථමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානුධම්මපටිපන්නෝ හෝති. ඒවං ඛෝ, භික්ඛවේ, පුග්ගලෝ බහුස්සුතෝ හෝති සුතේන අනුපපන්නෝ.

3. මහණෙනි, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් බහුශ්‍රැතයා යනු කවුද? මහණෙනි, මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ කොට අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා බොහෝ කොට ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් නොගෙන, ඒ ධර්මය වටහා නොගෙන, ධර්මානුකූල ජීවිතයකට නොබැසගත්තේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් බහුශ්‍රැතයෙක් වෙයි.

“කථඤ්ච, භික්ඛවේ, පුග්ගලෝ බහුස්සුතෝ හෝති සුතේන උපපන්නෝ? ඉධ, භික්ඛවේ, ඒකච්චස්ස පුග්ගලස්ස බහුං සුතං හෝති – සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. සෝ තස්ස බහුකස්ස සුතස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති. ඒවං ඛෝ, භික්ඛවේ, පුග්ගලෝ බහුස්සුතෝ හෝති සුතේන උපපන්නෝ. ඉමේ ඛෝ, භික්ඛවේ, චත්තාරෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි”න්ති.

4. මහණෙනි, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රැතයා යනු කවුද? මහණෙනි, මෙහිලා කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය බොහෝ කොට අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා බොහෝ කොට ඇසූ ඒ කරුණු පිළිබඳ ව තේරුම් ගෙන, ඒ ධර්මය වටහා ගෙන, ධර්මානුකූල ජීවිතයකට බැසගත්තේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රැතයෙක් වෙයි.

මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි දකින්නට සිටිති.

“අප්පස්සුතෝපි චේ හෝති, සීලේසු අසමාහිතෝ;
උභයේන නං ගරහන්ති, සීලතෝ ච සුතේන ච.

ඉදින් ධර්මය අසන ලද්දේ ත් අල්ප වශයෙන් නම්, සීලය ත් නොපුරයි නම්, ඒ තැනැත්තා සීලයෙනුත්, ශ්‍රැතයෙනුත් යන මේ දෙඅංශයෙන් ම ගැරහීමට ලක්වෙයි.

“අප්පස්සුතෝපි චේ හෝති, සීලේසු සුසමාහිතෝ;
සීලතෝ නං පසංසන්ති, තස්ස සම්පජ්ජතේ සුතං.

ඉදින් ස්වල්පයක් නමුත් ධර්මය අසන ලද්දේ නම්, සීලය ත් පුරයි නම් ඒ තැනැත්තා සීලයෙන් ප්‍රශංසා ලබන්නේ වෙයි. එනමුදු ශ්‍රැතය සම්පූර්ණ වී නැත.

“බහුස්සුතෝපි චේ හෝති, සීලේසු අසමාහිතෝ;
සීලතෝ නං ගරහන්ති, තස්ස සම්පජ්ජතේ සුතං.

ඉදින් යමෙක් බොහෝ කොට ධර්මය අසන ලද්දේ ද, එහෙත් සිල් නොපුරයි ද, ඔහු සීලය සම්බන්ධයෙන් ගැරහුම් ලබයි. ශ්‍රැතය සම්පූර්ණ වී ඇත්තේ ය.

“බහුස්සුතෝපි චේ හෝති, සීලේසු සුසමාහිතෝ;
උභයේන නං පසංසන්ති, සීලතෝ ච සුතේන ච.

ඉදින් යමෙක් බොහෝ කොට ධර්මය අසන ලද්දේ ද, සීලය පුරන්නේ ත් වෙයි ද, සීලයෙනුත්, ශ්‍රැතයෙනුත් යන මේ දෙඅංශයෙන් ම ඔහු ප්‍රශංසාවට බඳුන් වෙයි.

“බහුස්සුතං ධම්මධරං, සප්පඤ්ඤං බුද්ධසාවකං;
නෙක්ඛං ජම්බෝනදස්සේව, කෝ තං නින්දිතුමරහති;
දේවාපි නං පසංසන්ති, බ්‍රහ්මුනාපි පසංසිතෝ”ති.

බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥා සම්පන්න වූ බුද්ධ ශ්‍රාවකයා ඉතා දිළිසෙන වටිනා රනක් මෙන් බබලයි. ඒ ශ්‍රාවකයා හට ගරහන්නට කවරෙකුට නම් හැකි වෙයි ද? ඔහුට දෙවියෝ පවා ප්‍රශංසා කරති. බ්‍රහ්මරාජයා විසිනුත් පසසන ලද්දේ ය.

අප්පස්සුත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M