මහණෙනි, සතර ධර්මයකින් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ. ඒ කවර ධර්ම සතරකින් ද යත්;
1. මහණෙනි, ආර්ය වූ සීලයෙන් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
2. මහණෙනි, ආර්ය වූ සමාධියෙන් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
3. මහණෙනි, ආර්ය වූ ප්‍රඥාවෙන් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
4. මහණෙනි, ආර්ය වූ විමුක්තියෙන් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ධර්මයෙන් තොර වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් ගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ. ඒ කවර ධර්ම සතරකින් ද යත්;
1. මහණෙනි, ආර්ය වූ සීලයෙන් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
2. මහණෙනි, ආර්ය වූ සමාධියෙන් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
3. මහණෙනි, ආර්ය වූ ප්‍රඥාවෙන් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
4. මහණෙනි, ආර්ය වූ විමුක්තියෙන් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ පුද්ගලයා මේ ධර්ම විනයෙන් නොගිලිහී වැටුණේ යැයි කියනු ලැබේ.
යමෙක් සසුනෙන් චුත වූවාහු ද, ගිලිහී වැටෙත් ද, ගිලිහී වැටී සිටිත් ද, කාමයන්හී ගිජු ව සිටිත් ද, ඔවුහු යළි යළි දුක කරා ම පැමිණෙති. එහෙත් යමෙක් කළ යුතු නිවන් මග පිරිපුන් කරන ලද්දේ ද, රම්‍ය වූ නිවනෙහි ඇළුණේ ද, ඔවුහු සැප වූ ප්‍රතිපදාවෙන් සැපයට පත්වූවාහු වෙති.
පපතිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-1-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M