අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.5.

48. තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජෝ ච හෝති සානුවජ්ජෝ විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවති.

කතමේහි තීහි?

48. පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා උදුරා දැමූ ගුණ ඇතිව, කෙලෙසුනු ජීවිතයක් පරිහරණය කරනවා. වැරදි බවෙනුත් යුක්තයි. නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කරනවා. කවර කරුණු තුනකින්ද?

අකුසලේන කායකම්මේන, අකුසලේන වචීකම්මේන, අකුසලේන මනෝකම්මේන.

අකුසල් සහිත කාය කර්මයෙන්, අකුසල් සහිත වචී කර්මයෙන් හා අකුසල් සහිත මනෝ කර්මයෙන්ය.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ බාලෝ අව්‍යත්තෝ අසප්පුරිසෝ ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජෝ ච හෝති, සානුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.

පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා උදුරා දැමූ ගුණ ඇතිව, කෙලෙසුනු ජීවිතයක් පරිහරණය කරනවා. වැරදි බවෙනුත් යුක්තයි. නුවණැත්තන්ගේ ගැරහීමට ලක්වෙනවා. බොහෝ පව්ත් රැස් කරනවා.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වියත්තෝ සප්පුරිසෝ අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජෝ ච හෝති, අනනුවජ්ජෝ විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති.

කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ ඤාණවන්ත වූ, ව්‍යක්ත වූ සත්පුරුෂයා උදුරා නොදැමූ ගුණ ඇතිව, නොකෙලෙසුනු ජීවිතයක් පරිහරණය කරනවා. නිවැරදි බවෙනුත් යුක්තයි. නුවණැත්තන්ගේ ගැරහුම් ලැබීමටත් සුදුසු නෑ. බොහෝ පිනුත් රැස් කරනවා. කවර කරුණු තුනකින්ද?

කුසලේන කායකම්මේන, කුසලේන වචීකම්මේන, කුසලේන මනෝකම්මේන.

ඉමේහි ඛෝ භික්ඛවේ ….(පෙ)…. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.

කුසල් සහිත කාය කර්මයෙන්, කුසල් සහිත වචී කර්මයෙන් හා කුසල් සහිත මනෝ කර්මයෙන්ය.

පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් ….(පෙ)…. බොහෝ පිනුත් රැස් කරනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M