45. පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?
සාවද්‍ය වූ කාය කර්මයෙන්, සාවද්‍ය වූ වචී කර්මයෙන් හා සාවද්‍ය වූ මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා.
පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?
නිවැරදි වූ කාය කර්මයෙන්, නිවැරදි වූ වචී කර්මයෙන් හා නිවැරදි වූ මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M