අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.5.1.

44. [සාවත්ථි නිදානං]

44. සැවැත් නුවරදී ……………..

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

අකුසලේන කායකම්මේන, අකුසලේන වචීකම්මේන, අකුසලේන මනෝකම්මේන.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ.

අකුසල් සහිත කාය කර්මයෙන්, අකුසල් සහිත වචී කර්මයෙන් හා අකුසල් සහිත මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම නිරයේ උපදිනවා.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ.

කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා. කවර කරුණු තුනකින්ද?

කුසලේන කායකම්මේන, කුසලේන වචීකම්මේන, කුසලේන මනෝකම්මේන.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ යථාභතං නික්ඛිත්තෝ ඒවං සග්ගේති.

කුසල් සහිත කාය කර්මයෙන්, කුසල් සහිත වචී කර්මයෙන් හා කුසල් සහිත මනෝ කර්මයෙන්ය. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් යුක්ත වූ කෙනා ඔසවාගෙන ආ බරක් බිම තබන්නේ යම් අයුරකින්ද, ඒ අයුරින්ම සුගතියේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M