අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.9.

39. තයෝ ච භික්ඛවේ, අස්සසදස්සේ දේසෙස්සාමි තයෝ ච පුරිසසදස්සේ. තං සුණාථ ….(පෙ)….

39. පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති අශ්වයන් තුන් දෙනෙක් ගැනත්, හොඳ උපත් ඇති පුරුෂයන් තුන් දෙනෙක් ගැනත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. ….(පෙ)….

කතමේ ච භික්ඛවේ, තයෝ අස්සසදස්සා?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ අස්සසදස්සෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ න ආරෝහපරිණාහසම්පන්නෝ, ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ අස්සසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ අස්සසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ අස්සසදස්සා.

පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති අශ්වයන් තුන් දෙනා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති අශ්වයා ජවසම්පන්නයි. නමුත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහ සම්පන්න නෑ. ඒ වගේම පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති අශ්වයා ජවසම්පන්න නමුත් වර්ණසම්පන්න නමුත් ආරෝහපරිනාහ සම්පන්න නෑ. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති අශ්වයා ජවසම්පන්න වගේම, වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහ සම්පන්නයි. පින්වත් මහණෙනි, මේ තමයි හොඳ උපත් ඇති අශ්වයන් තුන්දෙනා.

කතමේ ච භික්ඛවේ, තයෝ පුරිසසදස්සා?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුරිසසදස්සෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුරිසසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ ච. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුරිසසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච.

පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති පුරුෂයන් තුන් දෙනා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්නයි. නමුත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහ සම්පන්න නෑ. ඒ වගේම පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න නමුත් වර්ණසම්පන්න නමුත් ආරෝහපරිනාහ සම්පන්න නෑ. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වගේම, වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහ සම්පන්නයි. පින්වත් මහණෙනි, මේ තමයි හොඳ උපත් ඇති පුරුෂයන් තුන්දෙනා.

කථඤ්ච භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ, න ආරෝහපරිණාහසම්පන්නෝ?

පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න නොවෙන්නෙත්, ආරෝහපරිනාහ සම්පන්න නොවෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ, භික්ඛු පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ සංසාදේති, නෝ විස්සජ්ජේති. ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛෝ පන ලාභී හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ, න ආරෝහපරිණාහසම්පන්නෝ.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඕරම්භාගීය සංයෝජන ක්ෂය කිරීමෙන් බඹලොව ඕපපාතිකව උපදින කෙනෙක් වෙනවා. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. නමුත් අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසිනවා. විසඳන්නේ නෑ. මෙය ඔහුගේ වර්ණසම්පන්න නොවන බව කියලයි මා කියන්නේ. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් නොවෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහසම්පන්නබව නැතිකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙනවා. ඒත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහ සම්පන්න නෑ.

කථඤ්ච භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ?

පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න වෙන්නෙත්, ආරෝහපරිනාහසම්පන්න නොවෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ, භික්ඛු පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ විස්සජ්ජේති, නෝ සංසාදේති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛෝ පන ලාභී හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ හෝති, වණ්ණසම්පන්නෝ, න ආරෝහපරිණාහසම්පන්නෝ.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඕරම්භාගීය සංයෝජන ක්ෂය කිරීමෙන් බඹලොව ඕපපාතිකව උපදින කෙනෙක් වෙනවා. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසින්නේ නෑ. විසඳනවා. මෙය ඔහුගේ වර්ණසම්පන්න බව කියලයි මා කියන්නේ. නමුත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් නොවෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නබව නැතිකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙනවා. වර්ණසම්පන්න වෙනවා. නමුත් ආරෝහපරිනාහ සම්පන්න නෑ.

කථඤ්ච භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච?

පින්වත් මහණෙනි, හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න වෙන්නෙත්, ආරෝහපරිනාහසම්පන්න වෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ , භික්ඛු පඤ්චන්නං ඕරම්භාගියානං ….(පෙ)…. අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ විස්සජ්ජේති, නෝ සංසාදේති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛෝ පන හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසසදස්සෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඕරම්භාගීය සංයෝජන ක්ෂය කිරීමෙන් බඹලොව ඕපපාතිකව උපදින කෙනෙක් වෙනවා. ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසින්නේ නෑ. විසඳනවා. මෙය ඔහුගේ වර්ණසම්පන්න බව කියලයි මා කියන්නේ. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් වෙනවා. මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නබව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට හොඳ උපත් ඇති පුරුෂයා ජවසම්පන්න වෙනවා. වර්ණසම්පන්න වෙනවා. ආරෝහපරිනාහ සම්පන්න වෙනවා.

ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුරිසසදස්සාති.

පින්වත් මහණෙනි, මේ තමයි හොඳ උපත් ඇති පුරුෂයන් තුන් දෙනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M