අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.8.

38. තයෝ ච භික්ඛවේ, අස්සඛලුංකේ දේසිස්සාමි තයෝ ච පුරිසඛලුංකේ. තං සුණාථ ….(පෙ)….

38. පින්වත් මහණෙනි, අශ්ව පැටව් තුන් දෙනෙක් ගැනත්, පුරුෂ පැටව් තුන් දෙනෙක් ගැනත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. ….(පෙ)….

කතමේ ච භික්ඛවේ, තයෝ අස්සඛලුංකා?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ අස්සඛලුංකෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ, න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ අස්සඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ අස්සඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ අස්සඛලුංකා.

පින්වත් මහණෙනි, අශ්ව පැටව් තුන් දෙනා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් අශ්ව පැටියෙක් ජවසම්පන්නයි. නමුත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහසම්පන්න නෑ. ඒ වගේම පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් අශ්ව පැටියෙක් ජවසම්පන්න නමුත් වර්ණසම්පන්න නමුත් ආරෝහපරිනාහ සම්පන්න නෑ. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් අශ්ව පැටියෙක් ජවසම්පන්න වගේම, වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහසම්පන්නයි. පින්වත් මහණෙනි, මේ තමයි අශ්ව පැටව් තුන්දෙනා.

කතමේ ච භික්ඛවේ, තයෝ පුරිසඛලුංකා?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ, න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ. ඉධ පන භික්ඛවේ, ඒකච්චෝ පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච.

පින්වත් මහණෙනි, පුරුෂ පැටව් තුන් දෙනා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුරුෂ පැටියෙක් ජවසම්පන්නයි. නමුත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහසම්පන්න නෑ. ඒ වගේම පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුරුෂ පැටියෙක් ජවසම්පන්න නමුත් වර්ණසම්පන්න නමුත් ආරෝහපරිනාහ සම්පන්න නෑ. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුරුෂ පැටියෙක් ජවසම්පන්න වගේම, වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහසම්පන්නයි. පින්වත් මහණෙනි, මේ තමයි පුරුෂ පැටව් තුන්දෙනා.

කථඤ්ච භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ න ආරෝහපරිණාහසම්පන්නෝ?

පින්වත් මහණෙනි, පුරුෂ පැටියා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න නොවෙන්නෙත්, ආරෝහපරිනාහසම්පන්න නොවෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ, භික්ඛු “ඉදං දුක්ඛන්ති” යථාභූතං පජානාති. “අයං දුක්ඛ සමුදයෝ”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරෝධෝ”ති. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ සංසාදේති නෝ විස්සජ්ජේති. ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛෝ පන ලාභී හෝති චීවරපිණ්ඩපාත සේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ හෝති, න වණ්ණසම්පන්නෝ, න ච ආරෝහපරිණාහසම්පන්නෝ.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ‘මේ තමයි දුකේ හටගැනීම’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ‘මේ තමයි දුක නිරුද්ධ වීම’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ‘මෙය තමයි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. නමුත් අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසිනවා. විසඳන්නේ නෑ. මෙය ඔහුගේ වර්ණසම්පන්න නොවන බව කියලයි මා කියන්නේ. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් නොවෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහසම්පන්නබව නැතිකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට පුරුෂ පැටියා ජවසම්පන්න වෙනවා. ඒත් වර්ණසම්පන්න නෑ. ආරෝහපරිනාහසම්පන්න නෑ.

කථඤ්ච භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ?

පින්වත් මහණෙනි, පුරුෂ පැටියා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න වෙන්නෙත්, ආරෝහපරිනාහසම්පන්න නොවෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ, භික්ඛු “ඉදං දුක්ඛන්ති” යථාභූතං පජානාති. “අයං දුක්ඛ සමුදයෝ”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරෝධෝ”ති. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ විස්සජ්ජේති, නෝ සංසාදේති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛෝ පන ලාභී හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස න ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච, න ආරෝහපරිණාහසම්පන්නෝ.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ….(පෙ)…. ‘මෙය තමයි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසින්නේ නෑ. විසඳනවා. මෙය ඔහුගේ වර්ණසම්පන්න බව කියලයි මා කියන්නේ. නමුත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් නොවෙයි. මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නබව නැතිකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට පුරුෂ පැටියා ජවසම්පන්න වෙනවා. වර්ණසම්පන්න වෙනවා. නමුත් ආරෝහපරිනාහසම්පන්න නෑ.

කථඤ්ච භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච?

පින්වත් මහණෙනි, පුරුෂ පැටියා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න වෙන්නෙත්, ආරෝහපරිනාහ සම්පන්න වෙන්නෙත් කොහොමද?

ඉධ භික්ඛවේ, භික්ඛු “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති ….(පෙ)…. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මේ ඛෝ පන අභිවිනයේ පඤ්හං පුට්ඨෝ විස්සජ්ජේති, නෝ සංසාදේති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛෝ පන හෝති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරානං. ඉදමස්ස ආරෝහපරිණාහස්මිං වදාමි. ඒවං ඛෝ භික්ඛවේ, පුරිසඛලුංකෝ ජවසම්පන්නෝ ච හෝති වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. ….(පෙ)…. ‘මෙය තමයි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇතිසැටියෙන්ම දැනගන්නවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසින්නේ නෑ. විසඳනවා. මෙය ඔහුගේ වර්ණසම්පන්න බව කියලයි මා කියන්නේ. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් වෙනවා. මෙය ඔහුගේ ආරෝහ පරිනාහසම්පන්නබව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට පුරුෂ පැටියා ජවසම්පන්න වෙනවා. වර්ණසම්පන්න වෙනවා. ආරෝහපරිනාහ සම්පන්න වෙනවා.

ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුරිසඛලුංකාති.

පින්වත් මහණෙනි, මේ තමයි පුරුෂ පැටව් තුන් දෙනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M