40. පින්වත් මහණෙනි, සුන්දර වූ ආජානීය අශ්වයන් තුන් දෙනෙක් ගැනත්, සුන්දර වූ ආජානීය පුරුෂයන් තුන් දෙනෙක් ගැනත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. ….(පෙ)….
ඉධ භික්ඛවේ, ඒකච්චෝ භද්‍රෝ අස්සාජානීයෝ ජවසම්පන්නෝ ච හෝති, [….(පෙ)…. න ආරෝහපරිණාහසම්පන්නෝ හෝති ….(පෙ)…. ඉධ භික්ඛවේ ඒකච්චෝ භද්‍රෝ අස්සාජානියෝ ජවසම්පත්තෝච හෝති.] වණ්ණසම්පන්නෝ ච ආරෝහපරිණාහසම්පන්නෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ භද්‍රා අස්සාජානීයා.
පින්වත් මහණෙනි, සුන්දර වූ ආජානීය අශ්වයන් තුන් දෙනා යනු කවුද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් සුන්දර වූ ආජානීය අශ්වයා ජවසම්පන්නයි. (….(පෙ)…. ආරෝහපරිනාහසම්පන්න නෑ. ….(පෙ)…. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් සුන්දර වූ ආජානීය අශ්වයා ජවසම්පන්න වගේම) වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහසම්පන්නයි. පින්වත් මහණෙනි, මේ තමයි සුන්දර වූ ආජානීය අශ්වයන් තුන්දෙනා.
පින්වත් මහණෙනි, සුන්දර වූ ආජානීය පුරුෂයන් තුන් දෙනා යනු කවුද? (….(පෙ)….)
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් සුන්දර වූ ආජානීය පුරුෂයා ජවසම්පන්න වගේම, වර්ණසම්පන්න වගේම, ආරෝහපරිනාහසම්පන්නයි. (….(පෙ)….)
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් සුන්දර වූ ආජනීය පුරුෂයා ජවසම්පන්න වෙන්නෙත්, වර්ණසම්පන්න වෙන්නෙත්, ආරෝහපරිනාහසම්පන්න වෙන්නෙත් කොහොමද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන්, අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් තුළ උපදවාගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. මෙය ඔහුගේ ජවය කියලයි මා කියන්නේ. අභිධර්මය පිළිබඳව, අභිවිනය පිළිබඳව ප්‍රශ්නයක් ඇසූ විට පසුබසින්නේ නෑ. විසඳනවා. මෙය ඔහුගේ වර්ණසම්පන්න බව කියලයි මා කියන්නේ. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන සුළු කෙනෙක් වෙනවා. මෙය ඔහුගේ ආරෝහ පරිනාහසම්පන්නබව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, මේ ආකාරයට සුන්දර උපත් ඇති ආජානීය පුරුෂයා ජවසම්පන්න වෙනවා. වර්ණසම්පන්න වෙනවා. ආරෝහපරිනාහ සම්පන්න වෙනවා.
පින්වත් මහණෙනි, මේ තමයි සුන්දර වූ ආජානීය පුරුෂයන් තුන් දෙනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M