අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.11.

41. ඒකං සමයං භගවා රාජගහේ විහරති මෝරනිවාපේ පරිබ්බාජකාරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි ….(පෙ)….

41. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර මොණරුන්ගේ අභයභූමිය නම් වූ මෝරනිවාපයේ පරිබ්‍රාජකාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.

තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අච්චන්තනිට්ඨෝ හෝති අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානං.

කතමේහි තීහි?

පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුක්ත වූ භික්ෂුව සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙනවා. සම්පූර්ණයෙන්ම කෙලෙස් බන්ධනවලින් නිදහස් වුනා වෙනවා. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී වෙනවා. සම්පූර්ණයෙන්ම සසරේ අවසානයට පැමිණියා වෙනවා. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙනවා. කවර කාරණා තුනකින්ද?

අසේඛේන සීලක්ඛන්ධේන අසේඛේන සමාධික්ඛන්ධේන අසෙක්ඛේන පඤ්ඤාක්ඛන්ධේන.

අසේඛ (පුහුණු වීම සම්පූර්ණ කරන ලද) වූ සීලස්කන්ධයෙන්, අසේඛ වූ සමාධි ස්කන්ධයෙන් හා අසේඛ වූ ප්‍රඥා ස්කන්ධයෙන්ය.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අච්චන්තනිට්ඨෝ හෝති අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානන්ති.

පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුක්ත වූ භික්ෂුව තමයි සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙන්නේ. සම්පූර්ණයෙන්ම කෙලෙස් බන්ධනවලින් නිදහස් වුනා වෙන්නේ. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී වෙන්නේ. සම්පූර්ණයෙන්ම සසරේ අවසානයට පැමිණියා වෙන්නේ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M