☰
42. පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුක්ත වූ භික්ෂුව සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙනවා. සම්පූර්ණයෙන්ම කෙලෙස් බන්ධනවලින් නිදහස් වුනා වෙනවා. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී වෙනවා. සම්පූර්ණයෙන්ම සසරේ අවසානයට පැමිණියා වෙනවා. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙනවා. කවර කාරණා තුනකින්ද?
ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්, ආදේසනා ප්‍රාතිහාර්යයෙන් හා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ය.
පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුක්ත වූ භික්ෂුව තමයි සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙන්නේ. ….(පෙ)…. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M