අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.13.

43. තීහි භික්ඛවේ, ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අච්චන්තනිට්ඨෝ හෝති ….(පෙ)…. සෙට්ඨෝ දේවමනුස්සානං.

කතමේහි තීහි?

43. පින්වත් මහණෙනි, කාරණා තුනකින් යුක්ත වූ භික්ෂුව සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙනවා. ….(පෙ)…. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙනවා. කවර කාරණා තුනකින්ද?

සම්මාදිට්ඨියා සම්මාඤාණේන සම්මාවිමුත්තියා.

සම්මා දිට්ඨියෙන්, සම්මා ඤාණයෙන් හා සම්මා විමුක්තියෙන්ය.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු අච්චන්තනිට්ඨෝ හෝති, අච්චන්තයෝගක්ඛේමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානන්ති.

පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් යුක්ත වූ භික්ෂුව තමයි සම්පූර්ණයෙන්ම නිෂ්ටාවට පැමිණියා වෙන්නේ. සම්පූර්ණයෙන්ම කෙලෙස් බන්ධනවලින් නිදහස් වුනා වෙන්නේ. සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී වෙන්නේ. සම්පූර්ණයෙන්ම සසරේ අවසානයට පැමිණියා වෙන්නේ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ.

සාදු! සාදු!! සාදු!!!

යෝධාජීවවග්ගෝ චතුත්ථෝ.

හතරවෙනි යෝධාජීව වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M