අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.5.

35. සෙය්‍යථාපි භික්ඛවේ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං කේසකම්බලෝ තේසං පාවාරානං පතිකිට්ඨෝ අක්ඛායති. කේසකම්බලෝ භික්ඛවේ, සීතේ සීතෝ, උණ්හේ උණ්හෝ, දුබ්බණ්ණෝ, දුග්ගන්ධෝ, දුක්ඛසම්ඵස්සෝ. ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි පුථුසමණප්පවාදානං මක්ඛලිවාදෝ තේසං පතිකිට්ඨෝ අක්ඛායති.

35. පින්වත් මහණෙනි, කෙඳිවලින් වියන ලද යම්කිසි වස්ත්‍රයක් ඇතිනම් ඒ වස්ත්‍ර අතුරින් කේසකම්බිලිය (කෙස්වලින් වියන ලද වස්ත්‍රය) ඉතාම පහත් කියලයි කියන්නේ. පින්වත් මහණෙනි, කේසකම්බිලිය සීතල වෙලාවට සීතලයි. උණුසුම් වෙලාවට ඌෂ්ණයි. දුර්වර්ණයි. දුර්ගන්ධයි. එහි පහසත් දුකයි. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, ශ්‍රමණයින්ගේ යම්කිසි මහත් මතවාදයන් ඇද්ද, ඒවා අතරින් මක්ඛලී ගෝසාලගේ මතය තමයි ඉතාමත්ම පහත්ය කියල කියන්නේ.

මක්ඛලි භික්ඛවේ, මෝඝපුරිසෝ ඒවංවාදී ඒවංදිට්ඨි: “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි වීරිය”න්ති.

පින්වත් මහණෙනි, මක්ඛලී නම් වූ හිස් පුරුෂයා මෙබඳු මතවාදයක්, මෙබඳු දෘෂ්ටියක් තමයි පවසන්නේ. ‘කර්මය නැත. ක්‍රියාව නැත. වීරිය නැත’ කියලයි.

යේපි තේ භික්ඛවේ, අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේපි භගවන්තෝ කම්මවාදා චේව අහේසුං කිරියවාදා ච වීරියවාදා ච. තේපි භික්ඛවේ, මක්ඛලි මෝඝපුරිසෝ පටිබාහති: “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි වීරිය”න්ති.

පින්වත් මහණෙනි, අතීතයේ යම්කිසි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩසිටියා නම්, ඒ භාග්‍යවතුන් වහන්සේලා පවා කර්මවාදී වුනා. ක්‍රියාවාදී වුනා. විරියවාදී වුනා. පින්වත් මහණෙනි, ඒත් මේ මක්ඛලී කියන හිස් පුරුෂයා ‘කර්මය නැත, ක්‍රියාව නැත, වීරිය නැත’ කියල ඒ බුදුවරයන් වහන්සේලාත් ප්‍රතික්ෂේප කරනවා.

යේපි තේ භික්ඛවේ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, තේපි භගවන්තෝ කම්මවාදා චේව භවිස්සන්ති කිරියවාදා ච වීරියවාදා ච. තේපි භික්ඛවේ, මක්ඛලි මෝඝපුරිසෝ පටිබාහති: “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි වීරිය”න්ති.

පින්වත් මහණෙනි, අනාගතයේ යම්කිසි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම්, ඒ භාග්‍යවතුන් වහන්සේලා පවා කර්මවාදී වෙනවා. ක්‍රියාවාදී වෙනවා. විරියවාදී වෙනවා. පින්වත් මහණෙනි, ඒත් මේ මක්ඛලී කියන හිස් පුරුෂයා ‘කර්මය නැත, ක්‍රියාව නැත, වීරිය නැත’ කියල ඒ බුදුවරයන් වහන්සේලාත් ප්‍රතික්ෂේප කරනවා.

අහම්පි භික්ඛවේ, ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ කම්මවාදෝ ච කිරියවාදෝ ච වීරියවාදෝ ච. මම්පි භික්ඛවේ, මක්ඛලි මෝඝපුරිසෝ පටිබාහති: “නත්ථි කම්මං, නත්ථි කිරියං, නත්ථි වීරිය”න්ති.

පින්වත් මහණෙනි, මෙකල අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මමද කර්මවාදී කෙනෙක්. ක්‍රියාවාදී කෙනෙක්. විරියවාදී කෙනෙක්. පින්වත් මහණෙනි, ඒත් මේ මක්ඛලී කියන හිස් පුරුෂයා ‘කර්මය නැත, ක්‍රියාව නැත, වීරිය නැත’ කියල මාවත් ප්‍රතික්ෂේප කරනවා.

සෙය්‍යථාපි භික්ඛවේ, නදීමුඛේ ඛිපං ඔඩ්ඩෙය්‍ය බහුන්නං මච්ඡානං අහිතාය දුක්ඛාය අනයාය ව්‍යසනාය. ඒවමේව ඛෝ භික්ඛවේ, මක්ඛලි මෝඝපුරිසෝ මනුස්සඛිප්පං මඤ්ඤේ ලෝකේ උප්පන්නෝ බහූන්නං සත්තානං අහිතාය දුක්ඛාය අනයාය ව්‍යසනායාති.

පින්වත් මහණෙනි, ඒක හරියට මේ වගේ දෙයක්. ගං මෝයක කෙමනක් අටවලා තියෙනවා. එය බොහෝ මත්ස්‍යයින්ගේ අයහපත පිණිස, දුක පිණිස, අවාසනාව පිණිස, විනාශය පිණිස හේතු වෙනවා. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, ඔය මක්ඛලී කියන හිස් පුරුෂයා බොහෝ සත්වයින්ගේ අහිත පිණිස, දුක පිණිස, අවාසනාව පිණිස, විනාශය පිණිස ලෝකයෙහි ඉපදිලා ඉන්න මිනිස් කෙමනක් වගෙයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M