අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.4.

34. උප්පාදා වා භික්ඛවේ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා “සබ්බේ සංඛාරා අනිච්චා”ති. තං තථාගතෝ අභිසම්බුජ්ඣති අභිසමේති. අභිසම්බුජ්ක්‍ධිත්වා අභිසමෙත්වා ආචික්ඛති දේසේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානී කරෝති “සබ්බේ සංඛාරා අනිච්චා”ති.

34. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදුවුනත්, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදු නොවුනත් ‘සියලුම සංස්කාර අනිත්‍යයි’ යන මෙම මූලික ස්වභාවය එසේම තිබෙන්නා වූ දෙයක්. සොබාදහමට අයත් දෙයක්. ධර්ම නියාමයක්. එය තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරනවා. මැනැවින් අවබෝධ කරනවා. ගැඹුරින් අවබෝධ කොට, මැනැවින් අවබෝධ කොට ‘සියලුම සංස්කාර අනිත්‍යයි’ කියලා ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විස්තර කරනවා. බෙදා දක්වනවා. ඉස්මතු කොට පෙන්වනවා.

උප්පාදා වා භික්ඛවේ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා “සබ්බේ සංඛාරා දුක්ඛා”ති. තං තථාගතෝ අභිසම්බුජ්ඣති අභිසමේති. අභිසම්බුජ්ක්‍ධිත්වා අභිසමෙත්වා ආචික්ඛති දේසේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානී කරෝති “සබ්බේ සංඛාරා දුක්ඛා”ති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදුවුනත්, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදු නොවුනත් ‘සියලුම සංස්කාර දුකයි’ යන මෙම මූලික ස්වභාවය එසේම තිබෙන්නා වූ දෙයක්. සොබාදහමට අයත් දෙයක්. ධර්ම නියාමයක්. එය තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරනවා. මැනැවින් අවබෝධ කරනවා. ගැඹුරින් අවබෝධ කොට, මැනැවින් අවබෝධ කොට ‘සියලුම සංස්කාර දුකයි’ කියලා ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විස්තර කරනවා. බෙදා දක්වනවා. ඉස්මතු කොට පෙන්වනවා.

උප්පාදා වා භික්ඛවේ, තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා “සබ්බේ ධම්මා අනත්තා”ති. තං තථාගතෝ අභිසම්බුජ්ඣති අභිසමේති. අභිසම්බුජ්ක්‍ධිත්වා අභිසමෙත්වා ආචික්ඛති දේසේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානී කරෝති “සබ්බේ ධම්මා අනත්තා”ති.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදුවුනත්, තථාගතයන් වහන්සේලාගේ පහළ වීම සිදු නොවුනත් ‘සියලුම ධර්මයෝ අනාත්මයි’ යන මෙම මූලික ස්වභාවය එසේම තිබෙන්නා වූ දෙයක්. සොබාදහමට අයත් දෙයක්. ධර්ම නියාමයක්. එය තථාගතයන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරනවා. මැනැවින් අවබෝධ කරනවා. ගැඹුරින් අවබෝධ කොට, මැනැවින් අවබෝධ කොට ‘සියලුම ධර්මයෝ අනාත්මයි’ කියලා ප්‍රකාශ කරනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විස්තර කරනවා. බෙදා දක්වනවා. ඉස්මතු කොට පෙන්වනවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M