අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.2.

32. තිස්සෝ ඉමා භික්ඛවේ, පරිසා. කතමා තිස්සෝ?

32. පින්වත් මහණෙනි, මේ තුන් පිරිසක් ඉන්නවා. ඒ තුන් පිරිස කවුද?

උක්කාචිතවිනීතා පරිසා, පටිපුච්ඡාවිනීතා පරිසා, යාවතාවවිනීතා පරිසා.

කවරෙකුගේවත් උපදෙස් නොලබා හිතුමනාපයට හික්මෙන දුර්විනීත පිරිස, වැඩිහිටියන්ගේ උපදෙස් විමස විමසා හික්මෙන සුවිනීත පිරිස හා ඒ ඒ කටයුත්තට යෝග්‍ය වෙන ලෙස පමණක් හික්මෙන පිරිසයි.

ඉමා ඛෝ භික්ඛවේ, තිස්සෝ පරිසාති.

පින්වත් මහණෙනි, මේ තමයි ඒ පිරිස් තුන.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M