අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.4.1.

31. [සාවත්ථි නිදානං:]

31. සැවැත් නුවරදී ……………..

තීහි භික්ඛවේ, අංගේහි සමන්නාගතෝ යෝධාජීවෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ, රඤ්ඤෝ අංගන්තේව සඩ්ඛං ගච්ඡති.

කතමේහි තීහි ?

පින්වත් මහණෙනි, අංග තුනකින් සමන්විත යුධභටයා රාජකීය වෙනවා. රජුගේ සේවයටම සුදුසු වෙනවා. රජුගේම කොටසක්ය යන ගණයටත් ඇතුළත් වෙනවා. කවර අංග තුනක්ද?

ඉධ භික්ඛවේ, යෝධාජීවෝ දූරේ පාතී ච හෝති, අක්ඛණවේධී ච, මහතෝ ච කායස්ස පදාලේතා. ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි අංගේහි සමන්නාගතෝ යෝධාජීවෝ රාජාරහෝ හෝති රාජභොග්ගෝ, රඤ්ඤෝ අංගන්තේව සඩ්ඛං ගච්ඡති.

පින්වත් මහණෙනි, මෙහිලා යුධභටයා ඉතා දුරට ඊතලය විදින සුළු වෙයි. විදුලි කොටන එළියෙනුත් ඊතල විදින සුළු වෙයි. ඉතා දැඩි වූ දෙයද බිඳින සුළු වෙයි. පින්වත් මහණෙනි, ඔය අංග තුනකින් සමන්විත යුධභටයා රාජකීය වෙනවා. රජුගේ සේවයටම සුදුසු වෙනවා. රජුගේම කොටසක්ය යන ගණයටත් ඇතුළත් වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති ….(පෙ)…. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. කතමේහි තීහි?

පින්වත් මහණෙනි, ඔය අයුරින්ම අංග තුනකින් සමන්විත භික්ෂුව ආහුනෙය්‍ය (දුර සිට නමුත් දන්පැන් ගෙනවුත් පිළිගැන්වීමට සුදුසු) වෙනවා. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වෙනවා. කවර අංග තුනකින්ද?

ඉධ භික්ඛවේ, භික්ඛු දූරේ පාතී ච හෝති අක්ඛණවේධී ච මහතෝ ච කායස්ස පදාලේතා.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඉතා දුරට විදින සුළු වෙයි. විදුලි කොටන එළියෙනුත් විදින සුළු වෙයි. ඉතා දැඩි වූ දෙයද බිඳින සුළු වෙයි.

කථඤ්ච භික්ඛවේ, භික්ඛු දූරේ පාතී හෝති?

පින්වත් මහණෙනි, භික්ෂුව ඉතා දුරට විදින සුළු වන්නේ කොයි ආකාරයෙන්ද?

ඉධ භික්ඛවේ, භික්ඛු යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්බං රූපං “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වේදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තිකා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරේවා සන්තිකේ වා, සබ්බං වේදනං “නේතං මම, නේසෝහමස්මි , න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි සඤ්ඤා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරේවා සන්තිකේ වා සබ්බං සඤ්ඤං “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යේ කේචි සංඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තිකා වා බහිද්ධා වා ඕලාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යේ දූරේවා සන්තිකේ වා සබ්බේ සංඛාරේ “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේවා සන්තිකේ වා, සබ්බං විඤ්ඤාණං “නේතං මම, නේසෝහමස්මි, න මේසෝ අත්තා”ති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. ඒවං ඛෝ,භික්ඛවේ, භික්ඛු දූරේ පාතී හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව අතීත, අනාගත, වර්තමාන වූ යම් රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා යම් රූපයක් ඇද්ද, ඒ සියලු රූප ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යැයි කියා ඔය විදිහට ඇති සැටියෙන්ම දියුණු කළ නුවණින් දකිනවා.

අතීත, අනාගත, වර්තමාන වූ යම් වේදනාවක් ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා යම් වේදනාවක් ඇද්ද, ඒ සියලු වේදනා ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යැයි කියා ඔය විදිහට ඇති සැටියෙන්ම දියුණු කළ නුවණින් දකිනවා.

අතීත, අනාගත, වර්තමාන වූ යම් සඤ්ඤාවක් ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා යම් සඤ්ඤාවක් ඇද්ද, ඒ සියලු සඤ්ඤා ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යැයි කියා ඔය විදිහට ඇති සැටියෙන්ම දියුණු කළ නුවණින් දකිනවා.

අතීත, අනාගත, වර්තමාන වූ යම් සංස්කාර ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා යම් සංස්කාර ඇද්ද, ඒ සියලු සංස්කාර ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යැයි කියා ඔය විදිහට ඇති සැටියෙන්ම දියුණු කළ නුවණින් දකිනවා.

අතීත, අනාගත, වර්තමාන වූ යම් විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, උසස් වේවා, දුර වේවා, ළඟ වේවා යම් විඤ්ඤාණයක් ඇද්ද, ඒ සියලු විඤ්ඤාණ ‘මෙය මාගේ නොවෙයි. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ’ යැයි කියා ඔය විදිහට ඇති සැටියෙන්ම දියුණු කළ නුවණින් දකිනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඉතා දුරට විදින සුළු වන්නේ ඔය ආකාරයටයි.

කථඤ්ච භික්ඛවේ, භික්ඛු අක්ඛණවේධී හෝති?

පින්වත් මහණෙනි, භික්ෂුව විදුලි කොටන එළියෙනුත් විදින සුළු වන්නේ කොයි ආකාරයෙන්ද?

ඉධ භික්ඛවේ, භික්ඛු “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති. “අයං දුක්ඛසමුදයෝ”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරෝධෝ”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. ඒවං ඛෝ භික්ඛවේ, භික්ඛු අක්ඛණවේධී හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මෙය තමයි දුක’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. ‘මෙය තමයි දුකේ හටගැනීම’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. ‘මෙය තමයි දුකේ නිරුද්ධ වීම’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. ‘මෙය තමයි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව’ කියලා ඇති සැටියෙන්ම දැනගන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව විදුලි කොටන එළියෙනුත් විදින සුළු වන්නේ ඔය ආකාරයටයි.

කථඤ්ච භික්ඛවේ, භික්ඛු මහතෝ කායස්ස පදාලේතා හෝති?

පින්වත් මහණෙනි, භික්ෂුව ඉතා දැඩි දෙයද බිඳින සුළු වන්නේ කොයි ආකාරයෙන්ද?

ඉධ භික්ඛවේ, භික්ඛු මහන්තං අවිජ්ජාක්ඛන්ධං පදාලේති. ඒවං ඛෝ භික්ඛවේ, භික්ඛු මහතෝ කායස්ස පදාලේතා හෝති.

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව ඉතා දැඩි වූ අවිද්‍යා කඳ බිඳ හෙලනවා. පින්වත් මහණෙනි, භික්ෂුව ඉතා දැඩි දෙයද බිඳින සුළු වන්නේ ඔය ආකාරයටයි.

ඉමේහි ඛෝ භික්ඛවේ, තීහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති ….(පෙ)….අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

පින්වත් මහණෙනි, මේ අංග තුනකින් සමන්විත භික්ෂුව තමයි ආහුනෙය්‍ය (දුර සිට නමුත් දන්පැන් ගෙනවුත් පිළිගැන්වීමට සුදුසු) වන්නේ. ….(පෙ)…. ලොවට උතුම් පින්කෙත වන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M