අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.9.

තීණිමානි භික්ඛවේ, පටිච්ඡන්නානි වහන්ති නෝ විවටානි. කතමානි තීණි?

පින්වත් මහණෙනි, මේ කරුණු තුන වැසී තිබෙන විට තමයි පවතින්නේ, විවෘත වූ විට නොවෙයි. ඒ කවර කරුණු තුනක්ද?

මාතුගාමෝ භික්ඛවේ, පටිච්ඡන්නෝ වහති නෝ විවටෝ. බ්‍රාහ්මණානං භික්ඛවේ, මන්තා පටිච්ඡන්නා වහන්ති නෝ විවටා. මිච්ඡාදිට්ඨි භික්ඛවේ, පටිච්ඡන්නා වහති නෝ විවටා.

පින්වත් මහණෙනි, කාන්තාව වැසුණු විටයි පවතින්නේ, විවෘත වූ විට නොවෙයි. පින්වත් මහණෙනි, බමුණන්ගේ මන්තර වැසුණු විටයි පවතින්නේ, විවෘත වූ විට නොවෙයි. පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය වැසුණු විටයි පවතින්නේ, විවෘත වූ විට නොවෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ, තීණි පටිච්ඡන්නානි වහන්ති, නෝ විවටානි.

පින්වත් මහණෙනි, මේ කරුණු තුන වැසී තිබෙන විට තමයි පවතින්නේ, විවෘත වූ විට නොවෙයි.

තීණිමානි භික්ඛවේ, විවටානි විරෝචන්ති. නෝ පටිච්ඡන්නානි. කතමානි තීණි?

පින්වත් මහණෙනි, මේ කරුණු තුන විවෘත වූ විට තමයි බබලන්නේ, වැසුණු විට නොවෙයි. ඒ කවර කරුණු තුනක්ද?

චන්දමණ්ඩලං භික්ඛවේ, විවටං විරෝචති, නෝ පටිච්ඡන්නං. සූරියමණ්ඩලං භික්ඛවේ, විවටං විරෝචති නෝ පටිච්ඡන්නං. තථාගතප්පවේදිතෝ ධම්මවිනයෝ භික්ඛවේ, විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ.

පින්වත් මහණෙනි, සඳ මඬල විවෘත වූ විට තමයි බබලන්නේ, වැසුණු විට නොවෙයි. පින්වත් මහණෙනි, හිරු මඬල විවෘත වූ විට තමයි බබලන්නේ, වැසුණු විට නොවෙයි. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනය විවෘත වූ විට තමයි බබලන්නේ, වැසුණු විට නොවෙයි.

ඉමානි ඛෝ භික්ඛවේ, තීණි විවටානි විරෝචන්ති, නෝ පටිච්ඡන්නානීති.

පින්වත් මහණෙනි, මේ කරුණු තුන විවෘත වූ විට තමයි බබලන්නේ, වැසුණු විට නොවෙයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M