අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.10.

තයෝ මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ? පාසාණලේඛූපමෝ පුග්ගලෝ, පඨවිලේඛූපමෝ පුග්ගලෝ, උදකලේඛූපමෝ පුග්ගලෝ.

පින්වත් මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? ගලේ කෙටූ ඉරක් බඳු වූ පාසාණලේඛූපම පුද්ගලයා, පොළොවේ ඇඳි ඉරක් බඳු වූ පඨවිලේඛූපම පුද්ගලයා හා ජලයෙහි ඇඳි ඉරක් බඳු වූ උදකලේඛූපම පුද්ගලයායි.

කතමෝ ච භික්ඛවේ, පාසාණලේඛූපමෝ පුග්ගලෝ?

පින්වත් මහණෙනි, ගලේ කෙටූ ඉරක් බඳු වූ පාසාණලේඛූපම පුද්ගලයා යනු කවුද?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ අභිණ්හං කුජ්ඣති. සෝ ච ඛ්වස්ස කෝධෝ දීඝරත්තං අනුසේති. සෙය්‍යථාපි භික්ඛවේ, පාසාණේ ලේඛා න ඛිප්පං ලුජ්ජති වාතේන වා උදකේන වා, චිරට්ඨිතිකා හෝති. ඒවමේව ඛෝ භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ අභිණ්හං කුජ්ඣති. සෝ ච ඛ්වස්ස කෝධෝ දීඝරත්තං අනුසේති. අයං වුච්චති භික්ඛවේ, පාසාණලේඛූපමෝ පුග්ගලෝ.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තාභ්‍යන්තරයෙහි පවතිනවා. පින්වත් මහණෙනි, ඒක හරියට ගලේ කෙටූ ඉරක් වගෙයි. එය සුළඟින්වත්, ජලයෙන්වත් ඉක්මනින් නැතිවෙලා යන්නේ නෑ. බෙහෝ කල් පවතිනවා. ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තාභ්‍යන්තරයෙහි පවතිනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි ගලේ කෙටූ ඉරක් බඳු වූ පාසාණලේඛූපම පුද්ගලයා කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, පථවිලේඛූපමෝ පුග්ගලෝ?

පින්වත් මහණෙනි, පොළොවේ ඇඳි ඉරක් බඳු වූ පඨවිලේඛූපම පුද්ගලයා යනු කවුද?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ අභිණ්හං කුජ්ඣති. සෝ ච ඛ්වස්ස කෝධෝ න දීඝරත්තං අනුසේති. සෙය්‍යථාපි භික්ඛවේ, පඨවියං ලේඛා ඛිප්පං ලුජ්ජති වාතේන වා උදකේන වා, න චිරට්ඨිතිකා හෝති. ඒවමේවං ඛෝ භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ අභිණ්හං කුජ්ඣති. සෝ ච ඛ්වස්ස කෝධෝ න දීඝරත්තං අනුසේති. අයං වුච්චති භික්ඛවේ, පඨවිලේඛූපමෝ පුග්ගලෝ.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තාභ්‍යන්තරයෙහි පවතින්නේ නෑ. පින්වත් මහණෙනි, ඒක හරියට පොළොවේ ඇඳි ඉරක් වගෙයි. එය සුළඟින් හෝ ජලයෙන් හෝ ඉක්මනින් නැතිවෙලා යනවා. බෙහෝ කල් පවතින්නේ නෑ. ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා. ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තාභ්‍යන්තරයෙහි පවතින්නේ නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි පොළොවේ ඇඳි ඉරක් බඳු වූ පඨවිලේඛූපම පුද්ගලයා කියන්නේ.

කතමෝ ච භික්ඛවේ, උදකලේඛූපමෝ පුග්ගලෝ?

පින්වත් මහණෙනි, ජලයෙහි ඇඳි ඉරක් බඳු වූ උදකලේඛූපම පුද්ගලයා යනු කවුද?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ ආගාළ්හේනපි වුච්චමානෝ ඵරුසේනපි වුච්චමානෝ අමනාපේනපි වුච්චමානෝ සන්ධියති චේව, සම්මෝදතිමේව චේව. සෙය්‍යථාපි භික්ඛවේ, උදකේ ලේඛා ඛිප්පං යේව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හෝති. ඒවමේව ඛෝ භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ ආගාළ්හේනපි වුච්චමානෝ ඵරුසේනපි වුච්චමානෝ අමනාපේනපි වුච්චමානෝ සන්ධියති චේව සංසන්දති චේව සම්මෝදති චේව. අයං වුච්චති භික්ඛවේ, උදකලේඛූපමෝ පුග්ගලෝ.

පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තදින් කියන කොටත්, සැරෙන් කියන කොටත්, අමනාපයෙන් කියන කොටත් එය ගණන් නොගෙන කවුරු සමඟත් පෑහිලාම යනවා. සැසඳිලා යනවා. සතුටටම පත්වෙනවා. පින්වත් මහණෙනි, ඒක හරියට දියෙහි ඇඳි ඉරක් වගෙයි. වහාම මැකිල යනවා. බොහෝ කල් පවතින්නේ නෑ. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් තදින් කියන කොටත්, සැරෙන් කියන කොටත්, අමනාපයෙන් කියන කොටත් එය ගණන් නොගෙන කවුරු සමඟත් පෑහිලාම යනවා. සැසඳිලා යනවා. සතුටටම පත්වෙනවා. පින්වත් මහණෙනි, මොහුට තමයි ජලයෙහි ඇඳි ඉරක් බඳු වූ උදකලේඛූපම පුද්ගලයා කියන්නේ.

ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, ලෝකයෙහි දකින්නට ලැබෙන්නේ මේ පුද්ගලයන් තුන් දෙනා තමයි.

භරණ්ඩුවග්ගෝ තතියෝ.

තුන්වෙනි භරණ්ඩු වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M