සැවැත් නුවරදී ……………..
එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා. “ස්වාමීනී, මෙහි මං මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් ස්ත්‍රියක් දැක්කා. ඈ බොහෝ සෙයින්ම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපන්නා. ස්වාමීනී, කොපමණ කරුණු වලින් සමන්විත වූ ස්ත්‍රියද කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදින්නේ?”
“පින්වත් අනුරුද්ධ, කරුණු තුනකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද යත්; පින්වත් අනුරුද්ධ, මෙහිලා ස්ත්‍රිය උදේ වරුවේ මසුරුමලයෙන් (තමා සතු දෙයක් තව කෙනෙක් පරිභෝග කොට සැප විඳිනවාට ඇති අකමැත්ත මසුරුකමයි. එයින් වැසී ගිය සිතක් ඇති විට මසුරුමල (මලකඩ) නම් වේ) යට වූ සිතින් යුතුව ගෙදර වසයි. දහවල් කාලයෙහි ඊර්ෂ්‍යාවෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි. රාත්‍රී කාලයෙහි කාමරාගයෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි.
පින්වත් අනුරුද්ධ, මේ කරුණු තුනකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.”
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M