අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.6.

[බාරාණසි නිදානං]

බරණැස් නුවරදී…………….

ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ භගවා ගෝයෝගපිලක්ඛස්මිං පිණ්ඩාය චරමානෝ අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සතිං අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්‍රියං. දිස්වා තං භික්ඛුං ඒතදවෝච:

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ බැරණැස් නුවර ඉසිපතන නම් මිගදායේ. එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවා, පාත්‍ර සිවුරු ගෙන බරණැස් නුවරට පිණ්ඩපාතය පිණිස වැඩම කළා. එහිදී ගවයන් විකුණන තැනෙක පුලිල ගසක් අසලින් පිඬුසිඟා වඩින භාග්‍යවතුන් වහන්සේ එහි සිටින්නා වූ භාවනාවට ඇති ආශාවෙන් හිස් වූ සිත් ඇති, බාහිර දෙයට ආශා ඇති, මුලා වූ සිහි ඇති, නුවණ නැති, අසමාහිත වූ, භ්‍රාන්ත වූ සිත් ඇති, අසංවර ඉඳුරන් ඇති භික්ෂුවක් දැක වදාළා. දැක ඒ භික්ෂුවට මෙකරුණ වදාළා.

භික්ඛු භික්ඛු, මා ඛෝ ත්වං අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධේ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති, නාන්වාස්සවිස්සන්තී’ති නේතං ඨානං විජ්ජතීති.

“පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව, ඔබ ජීවිතය පිළුනු කරගන්න එපා! පින්වත් භික්ෂුව, ඒකාන්තයෙන්ම පිළී ගඳ වැගිරෙන්නා වූ ඒ පිළුනු වුන ජීවිතයට ‘කෙලෙස් නිලමැස්සෝ රොද බැඳගන්නේ නෑ, පසුපසින් ලුහුබඳින්නේ නෑ’ යන කරුණ සිදුවෙන දෙයක් නම් නොවෙයි.”

අථ ඛෝ සෝ භික්ඛු භගවතා ඉමිනා ඕවාදේන ඕවදිතෝ සංවේගමාපාදි. අථ ඛෝ භගවා බාරාණසියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ භික්ඛූ ආමන්තේසි:

එතකොට භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ භික්ෂුව සංවේගයට පත්වුනා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර පිණ්ඩපාතයේ වැඩම කොට දානයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකුණු සවස් වරුවේ භික්ෂූන් අමතා වදාළා.

ඉධාහං භික්ඛවේ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය බාරාණසිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛෝ අහං භික්ඛවේ, ගෝයෝගපිලක්ඛස්මිං පිණ්ඩාය චරමානෝ අඤ්ඤතරං භික්ඛුං රිත්තාසං බාහිරාසං මුට්ඨස්සති අසම්පජානං අසමාහිතං විබ්භන්තචිත්තං පාකතින්ද්‍රියං. දිස්වා තං භික්ඛුං ඒතදවෝචං:

“පින්වත් මහණෙනි, මෙහි මා පෙරවරුවේ සිවුරු පොරවා, පාත්‍ර සිවුරු ගෙන බරණැස් නුවරට පිණ්ඩපාතය පිණිස වැඩම කළා. එහිදී ගවයන් විකුණන තැනක පුලිල ගසක් අසලින් පිඬුසිඟා වඩින මා හට එහි සිටින්නා වූ භාවනාවට ඇති ආශාවෙන් හිස් වූ සිත් ඇති, බාහිර දෙයට ආශා ඇති, මුලා වූ සිහි ඇති, නුවණ නැති, අසමාහිත වූ, භ්‍රාන්ත වූ සිත් ඇති, අසංවර ඉඳුරන් ඇති භික්ෂුවක් දැකගන්නට ලැබුනා. දැක ඒ භික්ෂුවට මෙකරුණ පැවසුවා.

භික්ඛු භික්ඛු, මා ඛෝ ත්වං භික්ඛු, අත්තානං කටුවියමකාසි. තං වත භික්ඛු කටුවියකතං අත්තානං ආමගන්ධේ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති, නාන්වාස්සවිස්සන්තී’ති නේතං ඨානං විජ්ජතීති.

‘පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව, ඔබ ජීවිතය පිළුනු කරගන්න එපා! පින්වත් භික්ෂුව, ඒකාන්තයෙන්ම පිළී ගඳ වැගිරෙන්නා වූ ඒ පිළුනු වුන ජීවිතයට ‘කෙලෙස් නිලමැස්සෝ රොද බැඳගන්නේ නෑ, පසුපසින් ලුහුබඳින්නේ නෑ’ යන කරුණ සිදුවෙන දෙයක් නම් නොවෙයි’ කියලා.

අථ ඛෝ භික්ඛවේ, සෝ භික්ඛු මයා ඉමිනා ඕවාදේන ඕවදිතෝ සංවේගමාපාදීති.

එතකොට පින්වත් මහණෙනි, මා විසින් මේ අවවාදයෙන් අවවාද කරන ලද ඒ භික්ෂුව සංවේගයට පත්වුනා.”

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: කිං නු ඛෝ භන්තේ, කටුවියං? කෝ ආමගන්ධෝ? කා මක්ඛිකාති?

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විදිහට ඇහුවා. “ස්වාමීනී, පිළුනු වීම කියන්නේ මොකක්ද? පිළී ගඳ කියන්නේ කුමක්ද? මැස්සන් කියන්නේ කවුද?”

අභිජ්ඣා ඛෝ භික්ඛු, කටුවියං. ව්‍යාපාදෝ ආමගන්ධෝ, පාපකා අකුසලා විතක්කා මක්ඛිකා. තං වත භික්ඛු, කටුවිය කතං අත්තානං ආමගන්ධේ අවස්සුතං මක්ඛිකා නානුපතිස්සන්ති නාන්වාස්සවිස්සන්තීති නේතං ඨානං විජ්ජතීති.

“පින්වත් භික්ෂුව, පිළුනු වීම කියන්නේ අනුන්ගේ දෙයට ආශා කිරීමයි. පිළීගඳ කියන්නේ ව්‍යාපාදයටයි. මැස්සෝ කියන්නේ පවිටු වූ අකුසල විතර්කයන්ටයි. පින්වත් භික්ෂුව, ඒකාන්තයෙන්ම පිළීගඳ වැගිරෙන්නා වූ, ඒ පිළුනු වුන ජීවිතයට ‘කෙලෙස් නිලමැස්සෝ රොද බැඳගන්නේ නෑ, පසුපසින් ලුහුබඳින්නේ නෑ’ යන කරුණ සිදුවෙන දෙයක් නම් නොවේ.”

අගුත්තං චක්ඛුසෝතස්මිං ඉන්ද්‍රියේසු අසංවුතං,
මක්ඛිකා අනුපතිස්සන්ති සංකප්පා රාගනිස්සතා.

ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් ආරක්ෂා කරනොගෙන අසංවරව වාසය කළොත්, රාග නිශ්‍රිත වූ අදහස් නැමැති මැස්සෝ රොද බැඳගන්නවා.

කටුවියකතෝ භික්ඛු ආමගන්ධේ අවස්සුතෝ,
ආරකා හෝති නිබ්බාණා විඝාතස්සේව භාගවා.

පිළී ගඳින් තෙත් වූ පිළුනු වූ ජීවිතයක් ඇති භික්ෂුව නිවනින් ඈත්වෙලයි ඉන්නේ. සංසාර දුකටමයි හිමිකාරයෙක් වන්නේ.

ගාමේ වා යදි වා, රඤ්ඤේ අලද්ධා සමමත්තනෝ,
පරේති බාලෝ දුම්මේධෝ, මක්ඛිකාහි පුරක්ඛතෝ.

ගමේ වේවා, අරණ්‍යයේ වේවා වාසය කරන භික්ෂුව තමාගේ දියුණුවට අදාළ කෙනෙක් නොලබා ප්‍රඥා රහිත අන්ධබාල භික්ෂුව යන්නේ කෙලෙස් මැස්සන් පෙරටු කරගෙනයි.

යේ ච සීලේන සම්පන්නා පඤ්ඤායූපසමේරතා,
උපසන්තා සුඛං සෙන්ති නාසයිත්වාන මක්ඛිකාති.

යම් කෙනෙක් සීලයෙන් යුක්ත වෙලා, ප්‍රඥාවෙන් යුතුව කෙලෙස් සංසිඳවීමෙහි ඇලී වාසය කරනවා නම්, උපශාන්ත වූ භික්ෂුව ඒ අකුසල් නැමැති මැස්සන් නසා සුවසේ ජීවත් වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M