අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.3.

[වේසාලි නිදානං]

විශාලා මහනුවරදී ………

ඒකං සමයං භගවා වේසාලියං විහරති ගෝතමකේ චේතියේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි ….(පෙ)….

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර ගෝතමක චෛත්‍යය අසල. එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. ….(පෙ)….

අභිඤ්ඤායාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අනිදානං. සප්පාටිහාරියාහං භික්ඛවේ, ධම්මං දේසේමි, නෝ අප්පාටිහාරියං.

පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ ඤාණයකින් අවබෝධ කරගෙනයි. විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකරගෙන නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නොවෙයි. පින්වත් මහණෙනි, මා ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාර්යය සහිතවයි. ප්‍රාතිහාර්ය රහිතව නොවෙයි.

තස්ස මය්හං භික්ඛවේ, අභිඤ්ඤාය ධම්මං දේසයතෝ නෝ අනභිඤ්ඤාය, සනිදානං ධම්මං දේසයතෝ නෝ අනිදානං, සප්පාටිහාරියං ධම්මං දේසයතෝ නෝ අප්පාටිහාරියං, කරණීයෝ ඕවාදෝ කරණීයා අනුසාසනී.

පින්වත් මහණෙනි, විශිෂ්ට ඤාණයකින් අවබෝධ නොකොට නොව, විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන ධර්මය දේශනා කරන්නා වූ, හේතු රහිතව නොව, හේතු සහිතව ධර්මය දේශනා කරන්නා වූ, ප්‍රාතිහාර්යය රහිතව නොව, ප්‍රාතිහාර්යය සහිතව ධර්මය දේශනා කරන්නා වූ ඒ මාගේ අවවාදය පිළිපැදිය යුතුයි. අනුශාසනාව පිළිපැදිය යුතුයි.

අලඤ්ච පන වෝ භික්ඛවේ, තුට්ඨියා, අලං අත්තමනතාය, අලං සෝමනස්සාය “සම්මාසම්බුද්ධෝ භගවා, ස්වාක්ඛාතෝ ධම්මෝ, සුප්පටිපන්නෝ සංඝෝ”ති.

පින්වත් මහණෙනි, ඔබට සතුටු වෙන්නට පුළුවනි. සතුටු සිත් ඇති කරගන්න පුළුවනි. සොම්නසක් ඇති කරගන්න පුළුවනි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ සහස්සී ලෝකධාතු අකම්පිත්ථාති.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය සතුටින් පිළිගත්තා. මේ ගාථා රහිත වූ දේශනාව (වෙය්යාකරණය) වදාරණ කල්හි සහශ්‍රී ලෝකධාතුව කම්පාවුනා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M