අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.3.2.

[සාවත්ථි නිදානං]

සැවැත් නුවරදී ……….

යස්සං භික්ඛවේ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසි කාතුම්පි මේ ඒසා භික්ඛවේ, දිසා න ඵාසු හෝති. පගේව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි: ‘අද්ධා තේ ආයස්මන්තෝ තයෝ ධම්මේ පජහිංසු, තයෝ ධම්මේ බහුලමකංසු”.

පින්වත් මහණෙනි, යම් දිශාවක වාසය කරන භික්ෂූන් රණ්ඩු වෙමින් සිටිනවා නම්, කෝලාහල කරමින් සිටිනවා නම්, වාදවිවාද ඇතිකරගෙන එකිනෙකා වචන නැමැති ආයුධවලින් විද ගනිමින් වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, මට ඒ දිශාව ගැන සිහි කරන්නවත් පහසු වෙන්නේ නෑ. යෑම ගැන කවර කථාද? ඒ ගැන මා තීරණයකට පැමිණෙනවා. “ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මත්වරු කරුණු තුනක් අත්හැරියා. කරුණු තුනක් බහුලව පුරුදු කරලා” කියලා.

කතමේ තයෝ ධම්මේ පජහිංසු? නෙක්ඛම්මවිතක්කං, අව්‍යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමේ තයෝ ධම්මේ පජහිංසු.

පින්වත් මහණෙනි, ඒ අත්හැරපු කාරණා තුන මොනවාද? නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය හා අවිහිංසා විතර්කයයි. මේ කාරණා තුන තමයි අත්හැරලා තියෙන්නේ.

කතමේ තයෝ ධම්මේ බහුලමකංසු? කාමවිතක්කං, ව්‍යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමේ තයෝ ධම්මේ බහුලමකංසු.

පින්වත් මහණෙනි, බහුල වශයෙන් පුරුදු කළ කාරණා තුන මොනවාද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය හා විහිංසා විතර්කයයි. මේ කාරණා තුන තමයි බහුලව පුරුදු කරලා තියෙන්නේ.

යස්සං භික්ඛවේ, දිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති, මනසිකාතුම්පි මේ ඒසා භික්ඛවේ, දිසා න ඵාසු හෝති. පගේව ගන්තුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි: “අද්ධා තේ ආයස්මන්තෝ තයෝ ධම්මේ පජහිංසු. ඉමේ තයෝ ධම්මේ බහුලමකංසු”.

පින්වත් මහණෙනි, යම් දිශාවක වාසය කරන භික්ෂූන් රණ්ඩු වෙමින් සිටිනවා නම්, කෝලාහල කරමින් සිටිනවා නම්, වාදවිවාද ඇතිකරගෙන එකිනෙකා වචන නැමැති ආයුධවලින් විද ගනිමින් වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, මට ඒ දිශාව ගැන සිහි කරන්නවත් පහසු වෙන්නේ නෑ. යෑම ගැන කවර කථාද? ඒ ගැන මා තීරණයකට පැමිණෙනවා. “ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මත්වරු මේ කරුණු තුනයි අත්හැරියේ. මේ කරුණු තුනයි බහුලව පුරුදු කළේ” කියලා.

යස්සං පන භික්ඛවේ, දිසායං භික්ඛූ සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. ගන්තුම්පි මේ ඒසා භික්ඛවේ, දිසා ඵාසු හෝති. පගේව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි: “අද්ධා තේ ආයස්මන්තෝ ඉමේ තයෝ ධම්මේ පජහිංසු, ඉමේ තයෝ ධම්මේ බහුලමකංසූ”ති.

පින්වත් මහණෙනි, යම් දිශාවක වාසය කරන භික්ෂූන් සමගිව සිටිනවා නම්, සතුටින් සිටිනවා නම්, වාදවිවාද නොකරමින් සිටිනවා නම්, කිරිත් දියත් එක් වූවා සේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, මට ඒ දිශාවට යෑම පවා පහසුවකි. සිහි කිරීම ගැන කවර කථාද? ඒ ගැන මා තීරණයකට පැමිණෙනවා. “ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මත්වරු කරුණු තුනක් අත්හැරියා. කරුණු තුනක් බහුලව පුරුදු කරලා” කියලා.

කතමේ තයෝ ධම්මේ පජහිංසු? කාමවිතක්කං , ව්‍යාපාදවිතක්කං, විහිංසාවිතක්කං. ඉමේ තයෝ ධම්මේ පජහිංසු.

පින්වත් මහණෙනි, ඒ අත්හැරපු කාරණා තුන මොනවාද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය හා විහිංසා විතර්කයයි. මේ කාරණා තුන තමයි අත්හැරලා තියෙන්නේ.

කතමේ තයෝ ධම්මේ බහුලමකංසු? නෙක්ඛම්මවිතක්කං, අව්‍යාපාදවිතක්කං, අවිහිංසාවිතක්කං. ඉමේ තයෝ ධම්මේ බහුලමකංසු.

පින්වත් මහණෙනි, බහුල වශයෙන් පුරුදු කළ කාරණා තුන මොනවාද? නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය හා අවිහිංසා විතර්කයයි. මේ කාරණා තුන තමයි බහුලව පුරුදු කරලා තියෙන්නේ.

යස්සං භික්ඛවේ, දිසායං භික්ඛූ සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති, ගන්තුම්පි මේ ඒසා භික්ඛවේ, දිසා ඵාසු හෝති. පගේව මනසි කාතුං. නිට්ඨමෙත්ථ ගච්ඡාමි: “අද්ධා තේ ආයස්මන්තෝ ඉමේ තයෝ ධම්මේ පජහිංසු, ඉමේ තයෝ ධම්මේ බහුලමකංසූ”ති.

පින්වත් මහණෙනි, යම් දිශාවක වාසය කරන භික්ෂූන් සමගිව සිටිනවා නම්, සතුටින් සිටිනවා නම්, වාදවිවාද නොකරමින් සිටිනවා නම්, කිරිත් දියත් එක් වූවා සේ එකිනෙකා ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා නම්, පින්වත් මහණෙනි, මට ඒ දිශාවට යෑම පවා පහසුවකි. සිහි කිරීම ගැන කවර කථාද? ඒ ගැන මා තීරණයකට පැමිණෙනවා. “ඒකාන්තයෙන්ම ඒ ආයුෂ්මත්වරු මේ කරුණු තුනයි අත්හැරියේ. මේ කරුණු තුනයි බහුලව පුරුදු කළේ” කියලා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M