පින්වත් මහණෙනි, මේ විපත් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කම්මන්ත විපත්තිය, ආජීව විපත්තිය හා දෘෂ්ටි විපත්තියයි.
පින්වත් මහණෙනි, කම්මන්ත විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා. ….(පෙ)…. හිස් වචන කියනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කම්මන්ත විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, ආජීව විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මිත්‍යා ආජීවයෙන් යුතු වෙනවා. මිත්‍යා ආජීවයෙන් යුතුව ජීවිතය ගතකරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි ආජීව විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. විපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක නැත. පුද කළ දෙයෙහි විපාක නැත. ….(පෙ)…. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයෝවත්, බ්‍රාහ්මණයෝවත් නැත’ කියන විපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි විපත්තිය කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි විපත්ති තුන.
පින්වත් මහණෙනි, සම්පත්ති තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කම්මන්ත සම්පත්තිය, ආජීව සම්පත්තිය හා දෘෂ්ටි සම්පත්තියයි.
පින්වත් මහණෙනි, කම්මන්ත සම්පත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. ….(පෙ)…. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කම්මන්ත සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, ආජීව සම්පත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් සම්මා ආජීවයෙන් යුතු වෙනවා. සම්මා ආජීවයෙන් යුතුව ජීවිතය ගත කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි ආජීව සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි සම්පත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි. අවිපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක ඇත. පුද කළ දෙයෙහි විපාක ඇත. ….(පෙ)…. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන් ඇත’ කියන අවිපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි සම්පත්තිය කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි සම්පත්ති තුන.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M