පින්වත් මහණෙනි, පිරිසිදුකම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙහි පිරිසිදුබව, වචනයෙහි පිරිසිදුබව හා සිතෙහි පිරිසිදුබවයි.
පින්වත් මහණෙනි, කයෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. සොරකමෙන් වැළකී සිටිනවා. වැරදි කාමසේවනයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කයෙහි පිරිසිදු බව කියන්නේ.
පින්වත් මහණෙනි, වචනයෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් බොරු කීමෙන්වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි වචනයෙහි පිරිසිදු බව කියන්නේ.
පින්වත් මහණෙනි, සිතෙහි පිරිසිදුබව යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන්ගේ දෙයට ආශා කරන්නේ නෑ. ද්වේෂ සහගත සිතින් යුක්ත නෑ. සම්මා දිට්ඨියෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි සිතෙහි පිරිසිදු බව කියන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි පිරිසිදුකම් තුන.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M