පින්වත් මහණෙනි, මේ විපත් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සීල විපත්තිය, චිත්ත විපත්තිය හා දෘෂ්ටි විපත්තියයි.
පින්වත් මහණෙනි, සීල විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාත කරනවා. ….(පෙ)…. හිස් වචන කියනවා. පින්වත් මහණෙනි, මේකට තමයි සීල විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරනවා. ද්වේෂ සහගත සිතින් යුතු වෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි චිත්ත විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි විපත්තිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. විපරීත දැක්මෙන් යුක්තයි. ඒ කියන්නේ; ‘දුන් දෙයෙහි විපාක නැත. පුද කළ දෙයෙහි විපාක නැත. ….(පෙ)…. යම් කෙනෙක් මේ ලෝකයත්, පරලෝකයත් තමා විසින්ම විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කොට පවසනවා නම්, එවන් යහපත් ගති ඇති, යහපත් දෙයට පැමිණි ශ්‍රමණයෝවත්, බ්‍රාහ්මණයෝවත් නැත’ කියන විපරීත දර්ශනයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේකට තමයි දෘෂ්ටි විපත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, සීල විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා.
ඉමා ඛෝ භික්ඛවේ, තිස්සෝ විපත්තියෝති.
පින්වත් මහණෙනි, හය පැත්තකින් යුතු දාදු කැටය උඩට දැමූ විට යම් යම් අයුරකින් බිම පැතලි ලෙස වැටී සිටිනවා නම්, එය මනාකොටම වැටී තිබෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි, පින්වත් මහණෙනි, සීල විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත විපත්තිය හේතු කොට ගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි විපත්තිය හේතු කොටගෙනත් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදිනවා. පින්වත් මහණෙනි, මේ තමයි විපත්ති තුන.
පින්වත් මහණෙනි, සම්පත්ති තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය හා දෘෂ්ටි සම්පත්තියයි.
පින්වත් මහණෙනි, සීල සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. ….(පෙ)…. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේකට තමයි සීල සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, චිත්ත සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් අනුන් සතු දෙයට ආශා කරන්නේ නෑ. ද්වේෂ සහගත සිතින් තොරව ඉන්නවා. පින්වත් මහණෙනි, මේකට තමයි චිත්ත සම්පත්තිය කියන්නේ.
පින්වත් මහණෙනි, දිට්ඨි සම්පත්තිය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, සීල සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.
පින්වත් මහණෙනි, හය පැත්තකින් යුතු දාදු කැටය උඩට දැමූ විට යම් යම් අයුරකින් බිම පැතලි ලෙස වැටී සිටිනවා නම්, එය මනාකොටම වැටී තිබෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි, පින්වත් මහණෙනි, සීල සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, චිත්ත සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. පින්වත් මහණෙනි, දෘෂ්ටි සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.
පින්වත් මහණෙනි, මේ වනාහී තුන් අයුරු වූ සම්පත්තිය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M