අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.2.4.

තයෝමේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං. කතමේ තයෝ?

පින්වත් මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්න ලැබෙනවා. කවර පුද්ගලයන් තුන් දෙනෙක්ද?

ඉධ භික්ඛවේ, ඒකච්චෝ පුග්ගලෝ සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදේති. තං නිකාමේති, තේන ච විත්තිං ආපජ්ජති. තත්‍රට්ඨිතෝ තදධිමුත්තෝ තබ්බහුලවිහාරී අපරිහීනෝ කාලං කුරුමානෝ ආකාසානඤ්චායතනූපගානං දේවානං සහව්‍යතං උපපජ්ජති.

පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සියලු ආකාරයේ රූප සඤ්ඤා ඉක්මවා යෑමෙන්, ගොරෝසු සඤ්ඤාවන් නැති කිරීමෙන්, නානා සඤ්ඤාවන් සිහි නොකිරීමෙන්, ‘ආකාසය අනන්තයි’ කියලා ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහු ඒ අරූප ධ්‍යානයෙන් ආශ්වාදයක් ලබනවා. ඒ අරූප ධ්‍යානය ගැන ඉතාමත් කැමැති වෙනවා. එයින් සතුටට පත්වෙනවා. ඒ අරූප ධ්‍යානයෙහි සිටිමින් එහි බැසගත් සිතින් යුතුව, බහුල වශයෙන් එය තුළ වාසය කරමින් ඒ ධ්‍යානයෙන් නොපිරිහී කළුරිය කර ආකාසානාඤ්චායතනයට පැමිණ දෙවියන් සමඟ එක්වීමකට පැමිණෙනවා.

ආකාසානඤ්චායතනූපගානං භික්ඛවේ, දේවානං වීසතිකප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනෝ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයෝනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.

පින්වත් මහණෙනි, ආකාසානඤ්චායතන ලෝකයෙහි උපන් දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්පවලින් විසිදහසක් වෙනවා. එහිලා පෘතග්ජන පුද්ගලයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා නිරයටත් යනවා. තිරිසන් යෝනියටත් යනවා. ප්‍රේත විෂයටත් යනවා.

භගවතෝ පන සාවකෝ තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිංයේව භවේ පරිනිබ්බායති.

අයං ඛෝ භික්ඛවේ, විසේසෝ, අයං අධිප්පායෝ, ඉදං නානාකරණං සුතවතෝ අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනේන යදිදං ගතියා උපපත්තියා සති.

නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා එහිම පිරිනිවන් පානවා. පින්වත් මහණෙනි, යම් මේ පරලොව ගතියක් ඇති කල්හි, ඉපදීමක් ඇති කල්හි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේත්, අශ්‍රැතවත් පෘතග්ජනයාගේත් තියෙන විශේෂත්වය මේකයි. සුවිශේෂීබව මෙයයි. වෙනස්කම මෙයයි.

පුනචපරං භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්’ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදේති, තං නිකාමේති, තේන ච විත්තිං ආපජ්ජති, තත්‍රට්ඨිතෝ තදධිමුත්තෝ තබ්බහුලවිහාරී අපරිහීනෝ කාලං කුරුමානෝ විඤ්ඤාණඤ්චායතනූපගානං දේවානං සහව්‍යතං උපපජ්ජති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සියලු ආකාරයේ ආකාසානඤ්චායතන සඤ්ඤා ඉක්මවා යෑමෙන්, ‘විඤ්ඤාණය අනන්තයි’ කියලා විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහු ඒ අරූප ධ්‍යානයෙන් ආශ්වාදයක් ලබනවා. ඒ අරූප ධ්‍යානය ගැන ඉතාමත් කැමැති වෙනවා. එයින් සතුටට පත්වෙනවා. ඒ අරූප ධ්‍යානයෙහි සිටිමින් එහි බැසගත් සිතින් යුතුව, බහුල වශයෙන් එය තුළ වාසය කරමින් ඒ ධ්‍යානයෙන් නොපිරිහී කළුරිය කර විඤ්ඤාණඤ්චායතනයට පැමිණි දෙවියන් සමඟ එක්වීමකට පැමිණෙනවා.

විඤ්ඤාණඤ්චායතනූපගානං භික්ඛවේ, දේවානං චත්තාරීසං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනෝ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයෝනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.

පින්වත් මහණෙනි, විඤ්ඤාණඤ්චායතන ලෝකයෙහි උපන් දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්පවලින් හතලිස්දහසක් වෙනවා. එහිලා පෘතග්ජන පුද්ගලයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා නිරයටත් යනවා. තිරිසන් යෝනියටත් යනවා. ප්‍රේත විෂයටත් යනවා.

භගවතෝ පන සාවකෝ තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤේව භවේ පරිනිබ්බායති.

අයං ඛෝ භික්ඛවේ, විසේසෝ, අයං අධිප්පයෝ, ඉදං නානාකරණං සුතවතෝ අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනේන යදිදං ගතියා උපපත්තියා සති.

නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා එහිම පිරිනිවන් පානවා. පින්වත් මහණෙනි, යම් මේ පරලොව ගතියක් ඇති කල්හි, ඉපදීමක් ඇති කල්හි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේත්, අශ්‍රැතවත් පෘතග්ජනයාගේත් තියෙන විශේෂත්වය මේකයි. සුවිශේෂීබව මෙයයි. වෙනස්කම මෙයයි.

පුනචපරං භික්ඛවේ, ඉධේකච්චෝ පුග්ගලෝ සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදේති, තං නිකාමේති, තේන ච විත්තිං ආපජ්ජති. තත්‍රට්ඨිතෝ තදධිමුත්තෝ තබ්බහුලවිහාරී අපරිහීනෝ කාලං කුරුමානෝ ආකිඤ්චඤ්ඤායතනූපගානං දේවානං සහව්‍යතං උපපජ්ජති.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, මෙහිලා එක්තරා පුද්ගලයෙක් සියලු ආකාරයේ විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා යෑමෙන්, ‘කිසිවක් නැත’ කියලා ආකිඤ්චඤ්චායතනය උපදවාගෙන වාසය කරනවා. ඔහු ඒ අරූප ධ්‍යානයෙන් ආශ්වාදයක් ලබනවා. ඒ අරූප ධ්‍යානය ගැන ඉතාමත් කැමැති වෙනවා. එයින් සතුටට පත්වෙනවා. ඒ අරූප ධ්‍යානයෙහි සිටිමින් එහි බැසගත් සිතින් යුතුව, බහුල වශයෙන් එය තුළ වාසය කරමින් ඒ ධ්‍යානයෙන් නොපිරිහී කළුරිය කර ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ දෙවියන් සමඟ එක්වීමකට පැමිණෙනවා.

ආකිඤ්චඤ්ඤායතනූපගානං භික්ඛවේ, දේවානං සට්ඨිං කප්පසහස්සානි ආයුප්පමාණං. තත්ථ පුථුජ්ජනෝ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං, තං සබ්බං ඛෙපෙත්වා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයෝනිම්පි ගච්ඡති, පෙත්තිවිසයම්පි ගච්ඡති.

පින්වත් මහණෙනි, ආකිඤ්චඤ්ඤායතන ලෝකයෙහි උපන් දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්පවලින් හැටදහසක් වෙනවා. එහිලා පෘථග්ජන පුද්ගලයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා නිරයටත් යනවා. තිරිසන් යෝනියටත් යනවා. ප්‍රේත විෂයටත් යනවා.

භගවතෝ පන සාවකෝ තත්ථ යාවතායුකං ඨත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමාණං තං සබ්බං ඛෙපෙත්වා තස්මිඤ්ඤේව භවේ පරිනිබ්බායති.

අයං ඛෝ භික්ඛවේ, විසේසෝ, අයං අධිප්පායෝ, ඉදං නානාකරණං සුතවතෝ අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනේන යදිදං ගතියා උපපත්තියා සති. ‘ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති.

නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආයුෂ ඇති තාක්කල් එහි ඉඳලා ඒ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය යම්තාක්ද, ඒ සියලු ආයුෂ ගෙවලා එහිම පිරිනිවන් පානවා. පින්වත් මහණෙනි, යම් මේ පරලොව ගතියක් ඇති කල්හි, ඉපදීමක් ඇති කල්හි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේත් තියෙන විශේෂත්වය මේකයි. සුවිශේෂීබව මෙයයි. වෙනස්කම මෙයයි.

පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනා ලෝකයෙහි දකින්නට ලැබෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M