අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.2.2.

තිණ්ණං භික්ඛවේ, පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං. කතමේසං තිණ්ණං?

පින්වත් මහණෙනි, මේ තුන් දෙනෙකුගේ ලොව පහළවීම දුර්ලභයි.

තථාගතස්ස භික්ඛවේ, අරහතෝ සම්මාසම්බුද්ධස්ස පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං, තථාගතප්පවේදිතස්ස ධම්මවිනයස්ස දේසේතා පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං. කතඤ්ඤූ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං.

පින්වත් මහණෙනි, තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මය දේශනා කරන පුද්ගලයා ලෝකයෙහි දුර්ලභයි. කෙළෙහිගුණ දන්නා වූ, කෙළෙහිගුණ සළකන්නා වූ පුද්ගලයා ලෝකයෙහි දුර්ලභයි.

ඉමේසං ඛෝ භික්ඛවේ, තිණ්ණං පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මින්ති.

පින්වත් මහණෙනි, මේ තුන් දෙනාගේ පහළ වීම ලෝකයෙහි දුර්ලභයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M