අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.2.1.

සාවත්ථි නිදානං:

සැවැත් නුවරදී…..

තයෝමේ භික්ඛවේ, ආපායිකා නේරයිකා ඉදමප්පහාය. කතමේ තයෝ?

පින්වත් මහණෙනි, මේ පවිටු කාරණා තුන අත්නොහැර සිටියොත් අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා. ඒ කරුණු තුන මොනවාද?

යෝ ච අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරි පටිඤ්ඤෝ. යෝ ච සුද්ධං බ්‍රහ්මචරියං චරන්තං අමූලකේන අබ්‍රහ්මචරියේන අනුද්ධංසේති. යෝ චායං ඒවංවාදී ඒවංදිට්ඨි නත්ථි කාමේසු දෝසෝති, සෝ කාමේසු පාතව්‍යතං ආපජ්ජති.

යම් කෙනෙක් අබ්‍රහ්මචාරීව සිටිමින් බ්‍රහ්මචාරී බව ප්‍රතිඥා දෙනවා නම්, යම් කෙනෙක් පිරිසිදු බ්‍රහ්මචරියාවේ හැසිරෙන කෙනෙකුට සත්‍යය කරුණුවලින් තොරව අබ්‍රහ්මචාරී කරුණකින් නිග්‍රහ කරනවා නම්, යම් කෙනෙක් ‘පංචකාම සේවනයෙහි දෝෂයක් නැත’ යන මෙබඳු වාද ඇතිව, මෙබඳු දෘෂ්ටියක් ඇතිව කාමයන්හි වරදවා හැසිරීමකට පැමිණෙයි නම්, මේ කරුණු තුනයි.

ඉමේ ඛෝ භික්ඛවේ, තයෝ ආපායිකා නේරයිකා ඉදමප්පහායාති.

පින්වත් මහණෙනි, මේ පවිටු කාරණා තුන අත්නොහැර සිටියොත් අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M