අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.3.1.8.

ඒකමන්තං නිසින්නං ඛෝ අනාථපිණ්ඩිකං ගහපතිං භගවා ඒතදවෝච: “චිත්තේ ගහපති, ව්‍යාපන්නේ කායකම්මම්පි බ්‍යාපන්නං හෝති. වචීකම්මම්පි ව්‍යාපන්නං හෝති. මනෝකම්මම්පි ව්‍යාපන්නං හෝති. තස්ස ව්‍යාපන්නකායකම්මන්තස්ස ව්‍යාපන්නවචීකම්මන්තස්ස ව්‍යාපන්නමනෝකම්මන්තස්ස න භද්දකං මරණං හෝති. න භද්දිකා කාලංකිරියා.

එකත්පස්ව වාඩි වූ අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට වදාළා. පින්වත් ගෘහපතිය, සිත පවට පෙරලී ගිය විට කයින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. මනසින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. ඉතින් පවට පෙරලී ගිය කායික ක්‍රියා ඇති, පවට පෙරලී ගිය වාචසික ක්‍රියා ඇති, පවට පෙරලී ගිය මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙන්නේ නෑ. කළුරිය කිරීම සුන්දර වෙන්නේ නෑ.

සෙය්‍යථාපි ගහපති, කූටාගාරේ දුච්ඡන්නේ කූටම්පි බ්‍යාපන්නං හෝති. ගෝපානසියෝපි ව්‍යාපන්නා හොන්ති. භිත්තීපි ව්‍යාපන්නා හෝති. ඒවමේවං ඛෝ ගහපති, චිත්තේ ව්‍යාපන්නේ කායකම්මම්පි ව්‍යාපන්නං හෝති. වචීකම්මම්පි ව්‍යාපන්නං හෝති. මනෝකම්මම්පි ව්‍යාපන්නං හෝති. තස්ස ව්‍යාපන්නකායකම්මන්තස්ස ව්‍යාපන්නවචීකම්මන්තස්ස ව්‍යාපන්නමනෝකම්මන්තස්ස න භද්දකං මරණං හෝති. න භද්දිකා කාලංකිරියා.

පින්වත් ගෘහපතිය, ඒක හරියට මේ වගේ දෙයක්. කූටාගාරයක් වැරදි විදිහට සෙවිලි කළොත් එහි මුදුන පෙරලී යනවා. මුදුන් යටලීත් පෙරලී යනවා. බිත්තිත් පෙරලී යනවා. පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහමයි. සිත පවට පෙරලී ගිය විට කයින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. මනසින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යනවා. ඉතින් පවට පෙරලී ගිය කායික ක්‍රියා ඇති, පවට පෙරලී ගිය වාචසික ක්‍රියා ඇති, පවට පෙරලී ගිය මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙන්නේ නෑ. කළුරිය කිරීම සුන්දර වෙන්නේ නෑ.

චිත්තේ ගහපති, අව්‍යාපන්නේ කායකම්මම්පි අව්‍යාපන්නං හෝති. වචීකම්මම්පි අව්‍යාපන්නං හෝති. මනෝකම්මම්පි අව්‍යාපන්නං හෝති. තස්ස අව්‍යාපන්නකායකම්මන්තස්ස අව්‍යාපන්නවචීකම්මන්තස්ස අව්‍යාපන්නමනෝකම්මන්තස්ස භද්දකං මරණං හෝති. භද්දිකා කාලංකිරියා.

පින්වත් ගෘහපතිය, සිත පවට පෙරලී නොගිය විට කයින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. වචනයෙන් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. මනසින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. ඉතින් පවට පෙරලී නොගිය කායික ක්‍රියා ඇති, පවට පෙරලී නොගිය වාචසික ක්‍රියා ඇති, පවට පෙරලී නොගිය මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙනවා. කළුරිය කිරීම සුන්දර වෙනවා.

සෙය්‍යථාපි ගහපති, කූටාගාරේ සුච්ඡන්නේ කූටම්පි අව්‍යාපන්නං හෝති. ගෝපානසියෝපි අව්‍යාපන්නා හොන්ති. භිත්තිපි අව්‍යාපන්නා හෝති. ඒවමේව ඛෝ ගහපති, චිත්තේ අව්‍යාපන්නේ කායකම්මම්පි අව්‍යාපන්නං හෝති. වචීකම්මම්පි අව්‍යාපන්නං හෝති. මනෝකම්මම්පි අව්‍යාපන්නං හෝති. තස්ස අව්‍යාපන්නකායකම්මන්තස්ස අව්‍යාපන්නවචීකම්මන්තස්ස අව්‍යාපන්නමනෝකම්මන්තස්ස භද්දකං මරණං හෝති. භද්දිකා කාලංකිරියාති.

පින්වත් ගෘහපතිය, ඒක හරියට මේ වගේ දෙයක්. කූටාගාරයක් මනාකොට සෙවිලි කළොත් එහි මුදුන පෙරලී යන්නේ නෑ. මුදුන් යටලීත් පෙරලී යන්නේ නෑ. බිත්තිත් පෙරලී යන්නේ නෑ. පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහමයි. සිත පවට පෙරලී නොගිය විට කයින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. වචනයෙන් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. මනසින් කරන ක්‍රියාවන්ද පවට පෙරලී යන්නේ නෑ. ඉතින් පවට පෙරලී නොගිය කායික ක්‍රියා ඇති, පවට පෙරලී නොගිය වාචසික ක්‍රියා ඇති, පවට පෙරලී නොගිය මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙනවා. කළුරිය කිරීම සුන්දර වෙනවා.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M