එදා අනාථපිණ්ඩික සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවූ අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට වදාළා.
පින්වත් ගෘහපතිය සිත නොරැකගත් විට කයින් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා. මනසින් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා.
ඒ විදිහට නොරකින ලද කායික ක්‍රියාවන් ඇති, නොරකින ලද වාචසික ක්‍රියාවන් ඇති, නොරකින ලද මානසික ක්‍රියාවන් ඇති ඔහුගේ කායික ක්‍රියාවන් කෙලෙස්වලින් තෙත් වෙනවා. වාචසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා. මානසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා. ඉතින් කෙලෙස්වලින් තෙත් වුන කායික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුන වාචසික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුන මානසික ක්‍රියා ඇති ඔහුගේ කායික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. වාචසික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. මානසික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. ඉතින් කුණු වූ කායික ක්‍රියා ඇති, කුණු වූ වාචසික ක්‍රියා ඇති, කුණු වූ මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වන්නේ නෑ. කළුරිය කිරීම සුන්දර වන්නේ නෑ.
පින්වත් ගෘහපතිය, ඒක හරියට මේ වගේ දෙයක් කූටාගාරයක් (පියැසි කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලක්) වැරදි විදිහට සෙවිලි කළොත් එහි මුදුන නොරැකුනා වෙනවා. මුදුන් යටලීත් නොරැකුනා වෙනවා. බිත්තියත් නොරැකුනා වෙනවා. මුදුනත් තෙත් වුනා වෙනවා. මුදුන් යටලීත් තෙත් වුනා වෙනවා. බිත්තිත් තෙත් වුනා වෙනවා. මුදුනත් දිරල යනවා. මුදුන් යටලීත් දිරල යනවා. බිත්තිත් දිරල යනවා.
පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහමයි. සිත නොරැකගත් විට කයින් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා. මනසින් කරන ක්‍රියාවන්ද නොරැකුනා වෙනවා. ඉතින් නොරකින ලද කායික ක්‍රියාවන් ඇති, නොරකින ලද වාචසික ක්‍රියාවන් ඇති, නොරකින ලද මානසික ක්‍රියාවන් ඇති ඔහුගේ කායික ක්‍රියාවන් කෙලෙස්වලින් තෙත් වෙනවා. වාචසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා. මානසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙනවා. ඉතින් කෙලෙස්වලින් තෙත් වුන කායික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුන වාචසික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් වුන මානසික ක්‍රියා ඇති ඔහුගේ කායික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. වාචසික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. මානසික ක්‍රියාවත් කුණුවෙලා තියෙන්නේ. ඉතින් කුණු වූ කායික ක්‍රියා ඇති, කුණු වූ වාචසික ක්‍රියා ඇති, කුණු වූ මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වන්නේ නෑ. කළුරිය කිරීම සුන්දර වන්නේ නෑ.
පින්වත් ගෘහපතිය, සිත රැකගත් විට කයින් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. මනසින් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. ඒ විදිහට රකින ලද කායික ක්‍රියාවන් ඇති, රකින ලද වාචසික ක්‍රියාවන් ඇති, රකින ලද මානසික ක්‍රියාවන් ඇති ඔහුගේ කායික ක්‍රියාවන් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. වාචසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. මානසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. ඉතින් කෙලෙස්වලින් තෙත් නොවූ කායික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් නොවූ වාචසික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් නොවූ මානසික ක්‍රියා ඇති ඔහුගේ කායික ක්‍රියාවත් කුණුවෙලා නෑ. වාචසික ක්‍රියාවත් කුණුවෙලා නෑ. මානසික ක්‍රියාවත් කුණුවෙලා නෑ. ඉතින් කුණු නොවූ කායික ක්‍රියා ඇති, කුණු නොවූ වාචසික ක්‍රියා ඇති, කුණු නොවූ මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙනවා. කළුරිය කිරීම සුන්දර වෙනවා.
පින්වත් ගෘහපතිය, ඒක හරියට මේ වගේ දෙයක් කූටාගාරයක් (පියැසි කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලක්) මනාකොට සෙවිලි කළොත් එහි මුදුන රැකුනා වෙනවා. මුදුන් යටලීත් රැකුනා වෙනවා. බිත්තියත් රැකුනා වෙනවා. මුදුනත් තෙත් නොවුනා වෙනවා. මුදුන් යටලීත් තෙත් නොවුනා වෙනවා. බිත්තිත් තෙත් නොවුනා වෙනවා. මුදුනත් දිරල යන්නෙ නෑ. මුදුන් යටලීත් දිරල යන්නෙ නෑ. බිත්තිත් දිරල යන්නෙ නෑ.
පින්වත් ගෘහපතිය, අන්න ඒ විදිහමයි. සිත රැකගත් විට කයින් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. වචනයෙන් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. මනසින් කරන ක්‍රියාවන්ද රැකුනා වෙනවා. ඒ විදිහට රකින ලද කායික ක්‍රියාවන් ඇති, රකින ලද වාචසික ක්‍රියාවන් ඇති, රකින ලද මානසික ක්‍රියාවන් ඇති ඔහුගේ කායික ක්‍රියාවන් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. වාචසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. මානසික ක්‍රියාවනුත් කෙලෙස්වලින් තෙත් වෙන්නේ නෑ. ඉතින් කෙලෙස්වලින් තෙත් නොවූ කායික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් නොවූ වාචසික ක්‍රියා ඇති, කෙලෙස්වලින් තෙත් නොවූ මානසික ක්‍රියා ඇති ඔහුගේ කායික ක්‍රියාවත් කුණුවෙලා නෑ. වාචසික ක්‍රියාවත් කුණුවෙලා නෑ. මානසික ක්‍රියාවත් කුණුවෙලා නෑ. ඉතින් කුණු නොවූ කායික ක්‍රියා ඇති, කුණු නොවූ වාචසික ක්‍රියා ඇති, කුණු නොවූ මානසික ක්‍රියා ඇති ඔහුගේ මරණය සුන්දර එකක් වෙනවා. කළුරිය කිරීම සුන්දර වෙනවා.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M