50. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මේ පුරුෂයා යම් යම් අයුරකින් කර්ම කරයි නම්, ඒ ඒ අයුරින් ඔහු විපාකය විඳිනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි මේ බඹසර වාසය සිදුවෙන්නේ නෑ. මැනැවින් දුක් කෙළවර කර දැමීමට අවස්ථාව පැණවෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘යම් යම් අයුරකින් විපාක වින්ඳ යුතු කර්ම මේ පුරුෂයා කරයි නම්, ඒ ඒ අයුරින් ඒ කර්මයන්ගේ විපාකය විඳිනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි මේ බඹසර වාසය සිදුවෙනවා. මැනැවින් දුක් කෙළවර කර දැමීමට අවස්ථාව පැණවෙනවා.
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට අල්පමාත්ර වූ පව්කමක් කළත්, එයින් ඔහු නිරයට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත්, එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසාද, එයින් ඔහු නිරයට ඇදගෙන යන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අභාවිත කයෙන් යුක්තයි. අභාවිත සීලයෙන් යුක්තයි. අභාවිත සිතෙන් යුක්තයි. අභාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු සිතින් යුක්තයි. ගුණදහමෙන් අල්පයි. අල්ප ගුණ ඇතිව දුකසේ වසයි. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසා එයින් ඔහු නිරයට පැමිණෙනවා.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළොත්ද, එය දිට්ඨධම්මවේදනීය වන්නේ? අණුමාත්රයකින්වත් පරලොව විපාක නොදෙන්නේ? බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැතිවන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් භාවිත කයෙන් යුක්තයි. භාවිත සීලයෙන් යුක්තයි. භාවිත සිතෙන් යුක්තයි. භාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු නොවූ සිතින් යුක්තයි. මහත් වූ ගුණදහමෙන් යුක්තයි. අප්රමාණ ගුණ ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත් එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, එය මෙන්න වගේ දෙයක්. පුරුෂයෙක් ලුණු කැටයක් අරගෙන කුඩා දිය බඳුනකට දමනවා. පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඒ කුඩා දිය බඳුනේ ඇති ජලය මේ ලුණු කැටය නිසා ලුණු රසයට පත්වෙනවා නේද?” “එසේය, ස්වාමීනී.”
“එයට හේතුව කුමක්ද?”
“ස්වාමීනී, ඒ කුඩා දිය බඳුනෙහි තිබෙන්නේ ජලය ස්වල්පයයි. ඒ නිසයි අර ලුණු කැටය නිසා ජලය ලුණු රසයට හැරුනේ.”
“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙක් ලුණු කැටයක් ගෙන ගංගා නම් ගඟට දමනවා නම්, පින්වත් මහණෙනි, ඒ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඒ ගංගා නදිය අර ලුණු කැටය නිසා ලුණු රසයට පත්වෙනවාද?” “ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ.”
“එයට හේතුව කුමක්ද?”
“ස්වාමීනී, ඒ ගංගා නදියෙහි මහා ජල කඳක් තියෙනවා. ඒ ජල කඳ අර කුඩා ලුණු කැටය නිසා ලුණු රසයට හැරෙන්නේ නෑ.”
“අන්න ඒ වගේ තමයි, පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට අල්පමාත්ර වූ පව්කමක් කළත්, එයින් ඔහු නිරයට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත්, එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසාද, එයින් ඔහු නිරයට ඇදගෙන යන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අභාවිත කයෙන් යුක්තයි. අභාවිත සීලයෙන් යුක්තයි. අභාවිත සිතෙන් යුක්තයි. අභාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු සිතින් යුක්තයි. ගුණදහමෙන් අල්පයි. අල්ප ගුණ ඇතිව දුකසේ වසයි. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසා එයින් ඔහු නිරයට පැමිණෙනවා.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළොත්ද, එය දිට්ඨධම්මවේදනීය වන්නේ? අණුමාත්රයකින්වත් පරලොව විපාක නොදෙන්නේ? බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැතිවන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් භාවිත කයෙන් යුක්තයි. භාවිත සීලයෙන් යුක්තයි. භාවිත සිතෙන් යුක්තයි. භාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු නොවූ සිතින් යුක්තයි. මහත් වූ ගුණදහමෙන් යුක්තයි. අප්රමාණ ගුණ ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත් එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් කහවණු භාගයක් හේතු කරගෙනත් හිරබත් කනවා. කහවණුවක් හේතු කරගෙනත් හිරබත් කනවා. කහවණු සීයක් හේතු කරගෙනත් හිරබත් කනවා. නමුත් පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් කහවණු භාගයක් හේතු කොට ගෙනත් හිරේට යන්නේ නෑ. කහවණුවක් හේතු කොට ගෙනත් හිරේට යන්නේ නෑ. කහවණු සියයක් හේතු කොට ගෙනත් හිරේට යන්නේ නෑ.
පින්වත් මහණෙනි, කෙබඳු ආකාරයේ කෙනෙක්ද, කහවණු භාගයක් හේතු කරගෙන වුණත් හිරබත් කන්නේ? කහවණුවක් හේතු කරගෙන වුනත් හිරබත් කන්නේ? කහවණු සියයක් හේතු කරගෙන වුනත් හිරබත් කන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් දිළිඳුව ඉන්නවා. අල්ප ධනයෙන් යුක්තයි. අල්ප භෝගයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙබඳු වූ පුද්ගලයා තමයි කහවණු භාගයක් හේතු කරගෙන වුනත් හිරබත් කන්නේ. කහවණුවක් හේතු කරගෙන වුනත් හිරබත් කන්නේ. කහවණු සියයක් හේතු කරගෙන වුනත් හිරබත් කන්නේ.
පින්වත් මහණෙනි, කෙබඳු ආකාරයේ කෙනෙක්ද, කහවණු භාගයක් හේතු කරගෙන වුණත් හිරේට නොයන්නේ? කහවණුවක් හේතු කරගෙන වුනත් හිරේට නොයන්නේ? කහවණු සියයක් හේතු කරගෙන වුනත් හිරේට නොයන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ධනවත් කෙනෙක් ඉන්නවා. මහා ධනයකින් යුක්තයි. මහා භෝගසම්පත්වලින් යුක්තයි. පින්වත් මහණෙනි, මේ ආකාරයේ කෙනා කහවණු භාගයක් හේතු කරගෙන වුනත් හිරේට යන්නේ නෑ. කහවණුවක් හේතු කරගෙන වුනත් හිරේට යන්නේ නෑ. කහවණු සියයක් හේතු කරගෙන වුනත් හිරේට යන්නේ නෑ.
අන්න ඒ වගේ තමයි, පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට අල්පමාත්ර වූ පව්කමක් කළත්, එයින් ඔහු නිරයට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත්, එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසාද, එයින් ඔහු නිරයට ඇදගෙන යන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අභාවිත කයෙන් යුක්තයි. අභාවිත සීලයෙන් යුක්තයි. අභාවිත සිතෙන් යුක්තයි. අභාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු සිතින් යුක්තයි. ගුණදහමෙන් අල්පයි. අල්ප ගුණ ඇතිව දුකසේ වසයි. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසා එයින් ඔහු නිරයට පැමිණෙනවා.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළොත්ද, එය දිට්ඨධම්මවේදනීය වන්නේ? අණුමාත්රයකින්වත් පරලොව විපාක නොදෙන්නේ? බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැතිවන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් භාවිත කයෙන් යුක්තයි. භාවිත සීලයෙන් යුක්තයි. භාවිත සිතෙන් යුක්තයි. භාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු නොවූ සිතින් යුක්තයි. මහත් වූ ගුණදහමෙන් යුක්තයි. අප්රමාණ ගුණ ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත් එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. බැටළුවන් අයිති කෙනෙක් හෝ බැටළුවන් මරන්නෙක් හෝ ඉන්නවා. ඔවුන් නොදුන්නා වූ බැටළුවෙකු කවුරුන් හෝ සොරකම් කළහොත් ඒ සොරාව නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට පුළුවන් වෙනවා. නමුත් ඔවුන් විසින් නොදුන්නා වූ බැටළුවෙකු සොරකම් කරන සමහර කෙනෙකුව නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට පුළුවන්කමක් නෑ.
පින්වත් මහණෙනි, බැටළුවන් අයිතිකාරයා හෝ බැටළුවන් මරන්නා හෝ ඔවුන් නොදුන්නා වූ බැටළුවෙකු සොරකම් කළ කෙබඳු වූ සොරෙකුවද නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට ඔවුන්ට පුළුවන් වෙන්නේ?
පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් දිළිඳුයි. අල්ප ධනයෙන් යුක්තයි. අල්ප භෝගයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, නොදුන්නා වූ බැටළුවෙකු සොරකම් කළ මෙබඳු වූ සොරෙකුවයි නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට ඔවුන්ට පුළුවන් වෙන්නේ.
පින්වත් මහණෙනි, බැටළුවන් අයිතිකාරයා හෝ බැටළුවන් මරන්නා හෝ ඔවුන් නොදුන්නා වූ බැටළුවෙකු සොරකම් කළ කෙබඳු වූ සොරෙකුවද නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට ඔවුන්ට නොහැකි වෙන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ධනවත් කෙනෙක් ඉන්නවා. මහා ධනයකින් යුක්තයි. මහා භෝගසම්පත්වලින් යුක්තයි. එක්කෝ ඔහු රජෙක් වෙන්න පුළුවනි. නැත්නම් රාජමහාමාත්යයෙක් වෙන්න පුළුවනි. පින්වත් මහණෙනි, නොදුන්නා වූ බැටළුවෙකු සොරකම් කළ එබඳු වූ සොරෙකුව නැසීමට හෝ බැඳ දැමීමට හෝ ධනය උදුරා ගැනීමට හෝ කැමැති දෙයක් කිරීමට ඒ බැටළුවන් අයිතිකාරයාට හෝ බැටළුවන් මරන්නාට හෝ පුළුවන්කමක් නෑ. අනෙක් අතට ඔහුට සිද්ධ වෙන්නේ දෙඅත් බැඳගෙන ‘නිදුකාණෙනි, මගේ බැටළුවා හරි, ඒ සඳහා යම් මුදලක් හරි ලබාදෙන්න’ කියලා ආයාචනා කරන එක විතරයි.
අන්න ඒ වගේ තමයි, පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට අල්පමාත්ර වූ පව්කමක් කළත්, එයින් ඔහු නිරයට ඇදගෙන යනවා. පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙකුට එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත්, එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසාද, එයින් ඔහු නිරයට ඇදගෙන යන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අභාවිත කයෙන් යුක්තයි. අභාවිත සීලයෙන් යුක්තයි. අභාවිත සිතෙන් යුක්තයි. අභාවිත ප්රඥාවෙන් යුක්තයි. පටු සිතින් යුක්තයි. ගුණදහමෙන් අල්පයි. අල්ප ගුණ ඇතිව දුකසේ වසයි. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා කරන ලද අල්පමාත්ර වූ කර්මයක් නිසා එයින් ඔහු නිරයට පැමිණෙනවා.
පින්වත් මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළොත්ද, එය දිට්ඨධම්මවේදනීය වන්නේ? අණුමාත්රයකින්වත් පරලොව විපාක නොදෙන්නේ? බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නැතිවන්නේ?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් භාවිත කයෙන් යුක්තයි. ….(පෙ)…. මහත් වූ ගුණදහමෙන් යුක්තයි. අප්රමාණ ගුණ ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා එබඳුම වූ අල්පමාත්ර වූ පව්කමක් කළා වුනත් එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අණුමාත්රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ. (3)
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘මේ පුරුෂයා යම් යම් අයුරකින් කර්ම කරයි නම්, ඒ ඒ අයුරින් ඔහු විපාකය විඳිනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි මේ බඹසර වාසය සිදුවෙන්නේ නෑ. මැනැවින් දුක් කෙළවර කර දැමීමට අවස්ථාව පැණවෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කියන්න පුළුවනි. ‘යම් යම් අයුරකින් විපාක වින්ඳ යුතු කර්ම මේ පුරුෂයා කරයි නම්, ඒ ඒ අයුරින් ඒ කර්මයන්ගේ විපාකය විඳිනවා’ කියලා. පින්වත් මහණෙනි, මෙබඳු දෘෂ්ටියක් ඇති කල්හි මේ බඹසර වාසය සිදුවෙනවා. මැනැවින් දුක් කෙළවර කර දැමීමට අවස්ථාව පැණවෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M