අංගුත්තර නිකාය

තික නිපාතෝ

3.2.5.8.

49. නවෝපි භික්ඛවේ පොත්ථකෝ දුබ්බණ්ණෝ ච හෝති දුක්ඛසම්ඵස්සෝ ච අප්පග්ඝෝ ච. මජ්ක්‍ධිමෝපි භික්ඛවේ පොත්ථකෝ දුබ්බණ්ණෝ ච හෝති දුක්ඛසම්ඵස්සෝ ච අප්පග්ඝෝ ච. ජිණ්ණෝපි භික්ඛවේ පොත්ථකෝ දුබ්බණ්ණෝ ච හෝති දුක්ඛසම්ඵස්සෝ ච අප්පග්ඝෝ ච.

49. පින්වත් මහණෙනි, හණ රෙද්දෙන් සැකසූ වස්ත්‍රය අලුත් වුනත් දුර්වර්ණයි. දුක් පහසින් යුක්තයි. වටිනාකමෙනුත් අඩුයි. පින්වත් මහණෙනි, මඳක් පාවිච්චි කරන ලද ඒ හණ රෙද්දෙන් සැකසූ වස්ත්‍රය වුනත් දුර්වර්ණයි. දුක් පහසින් යුක්තයි. වටිනාකමෙනුත් අඩුයි. පින්වත් මහණෙනි, ඒ හණ රෙද්දෙන් සැකසූ වස්ත්‍රය දිරාගියත් දුර්වර්ණයි. දුක් පහසින් යුක්තයි. වටිනාකමෙනුත් අඩුයි.

ජිණ්ණම්පි භික්ඛවේ පොත්ථකං උක්ඛලිපරිමජ්ජනං වා කරොන්ති සංකාරකූටේ වා තං ඡඩ්ඩෙන්ති.

පින්වත් මහණෙනි, දිරා ගිය ඒ හණ රෙද්දෙන් සැකසූ වස්ත්‍රය ඉකිලි පිස්නක් වශයෙන් හෝ ගන්නවා. නැත්නම් කුණු ගොඩකට හරි විසි කරනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ නවෝ චේපි භික්ඛු හෝති දුස්සීලෝ පාපධම්මෝ. ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ දුබ්බණ්ණෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේ ඛෝ පනස්ස සේවන්ති භජන්ති පයිරුපාසන්ති, දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තේසං තං හෝති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ දුක්ඛසම්ඵස්සෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේසං ඛෝ පන පතිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරං, තේසං තං න මහප්ඵලං හෝති. න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ අප්පග්ඝෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.

අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, නවක භික්ෂුවක් වුනත් දුස්සීල නම්, පාපී ස්වභාවයෙන් යුක්ත නම්, මෙය ඔහුගේ දුර්වර්ණබව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ ඒ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය දුර්වර්ණ වේද, පින්වත් මහණෙනි, එබඳුවූම උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ. යම් කෙනෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, භජනය කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, ඔහුගේ දෘෂ්ටියට අනුකූල වෙනවා නම්, එය ඔවුන් හට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස හේතුවෙනවා. මෙය ඔහුගේ ‘දුක් සහිත පහස’ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය දුක් පහසින් යුක්තයිද, පින්වත් මහණෙනි, එබඳු වූ උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ. පින්වත් මහණෙනි, ඔහු යම් කෙනෙකුගෙන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදී දේ පිළිගන්නවා නම්, ඔවුන්ට (පූජා කරන අයට) එය මහත්ඵල වන්නේ නෑ, මහානිසංස වන්නේ නෑ. මෙය ඔහුගේ නොවටිනාකම හැටියටයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය නොවටීද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ.

මජ්ඣිමෝ චේපි භික්ඛවේ භික්ඛු හෝති ….පෙ…. ථේරෝ චේපි භික්ඛවේ භික්ඛු හෝති දුස්සීලෝ පාපධම්මෝ. ඉදමස්ස දුබ්බණ්ණතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ දුබ්බණ්ණෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේ ඛෝ පනස්සු සේවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තේසං තං හෝති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ඉදමස්ස දුක්ඛසම්ඵස්සතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ දුක්ඛසම්ඵස්සෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේසං ඛෝ පන පතිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරං, තේසං තං න මහප්ඵලං හෝති න මහානිසංසං. ඉදමස්ස අප්පග්ඝතාය වදාමි. සෙය්‍යථාපි සෝ භික්ඛවේ පොත්ථකෝ අප්පග්ඝෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.

පින්වත් මහණෙනි, මධ්‍යම භික්ෂුවක් වුනත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ස්ථවිර භික්ෂුවක් වුනත් දුස්සීල නම්, පාපී ස්වභාවයෙන් යුක්ත නම්, මෙය ඔහුගේ දුර්වර්ණබව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ ඒ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය දුර්වර්ණ වේද, පින්වත් මහණෙනි, එබඳුවූම උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ. යම් කෙනෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, භජනය කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, ඔහුගේ දෘෂ්ටියට අනුකූල වෙනවා නම්, එය ඔවුන් හට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස හේතුවෙනවා. මෙය ඔහුගේ ‘දුක් සහිත පහස’ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය දුක් පහසින් යුක්තයිද, පින්වත් මහණෙනි, එබඳු වූ උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ. පින්වත් මහණෙනි, ඔහු යම් කෙනෙකුගෙන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදී දේ පිළිගන්නවා නම්, ඔවුන්ට (පූජා කරන අයට) එය මහත්ඵල වන්නේ නෑ, මහානිසංස වන්නේ නෑ. මෙය ඔහුගේ නොවටිනාකම හැටියටයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් සේ හණ වැහැරියෙන් කළ වස්ත්‍රය නොවටීද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මේ පුද්ගලයා ගැන මා කියන්නේ.

ඒවරූපෝ චායං භික්ඛවේ ථේරෝ භික්ඛු සංඝමජ්ඣේ භණති, තමේනං භික්ඛූ ඒවමාහංසුඃ කිං නු ඛෝ තුය්හං බාලස්ස අව්‍යත්තස්ස භණිතේන, ත්වම්පි නාම භණිතබ්බං මඤ්ඤසීති. සෝ කුපිතෝ අනත්තමනෝ තථාරූපිං වාචං නිච්ඡාරේති යථාරූපාය වාචාය සංඝෝ තං උක්ඛිපති සංකාරකූටේව නං පොත්ථකං.

පින්වත් මහණෙනි, මෙබඳු වූ මේ ස්ථවිර භික්ෂුව සංඝයා මැදදී අවවාද ආදිය කියනවා නම්, අනෙක් භික්ෂූන් වහන්සේලා ඔහුට මෙසේ කියනවා. ‘ඇත්තෙන්ම බාල වූ, අව්‍යක්ත වූ ඔබවහන්සේගේ ඔය කීමෙන් ඇති ඵලය කිම? ඔබවහන්සේත් හිතාගෙන ඉන්නේ අන් අයට අවවාද කළ යුතු කෙනෙක් කියලද?’ එතකොට ඔහු කුපිත වෙනවා. නොසතුටු වෙනවා. යම් වචනයක් නිසා සඟ පිරිස ඒ භික්ෂුව අර හණ වැහැරියෙන් කළ වස්ත්‍රය කසල ගොඩකට දමනවා වගේ බැහර කරනවා නම්, එබඳු වූ බැහැර කළ යුතු වචන ඔහුගේ මුවින් පිටවෙනවා.

නවම්පි භික්ඛවේ කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චේව හෝති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච, මජ්ඣිමම්පි භික්ඛවේ කාසිකං වත්ථං …පෙ… ජිණ්ණම්පි භික්ඛවේ කාසිකං වත්ථං වණ්ණවන්තඤ්චේව හෝති සුඛසම්ඵස්සඤ්ච මහග්ඝඤ්ච. ජිණ්ණම්පි භික්ඛවේ කාසිකං වත්ථං රතනපලිවේඨනං වා කරෝති, ගන්ධකරණ්ඩකේ වා නං පක්ඛිපන්ති.

පින්වත් මහණෙනි, කසී සළුව අලුත් වුනත් ඒක වර්ණවත්. පහසත් සැපයි. වටිනාකමෙනුත් ඉතා වැඩියි. පින්වත් මහණෙනි, කසී සළුව මඳක් පාවිච්චි කළ නමුත් ඒක වර්ණවත්. පහසත් සැපයි. වටිනාකමෙනුත් ඉතා වැඩියි. පින්වත් මහණෙනි, කසී සළුව දිරා ගියා වුනත් ඒක වර්ණවත්. පහසත් සැපයි. වටිනාකමෙනුත් ඉතා වැඩියි. පින්වත් මහණෙනි, දිරාගිය කසී සළුවක් වුණත් එය මැණික් ආදිය ඔතා තැබීමට අරගන්නවා. සුවඳ කරඬුවක වුනත් එය තැන්පත් කරනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ නවෝ චේපි භික්ඛු හෝති සීලවා කල්‍යාණධම්මෝ, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. සෙය්‍යථාපි භික්ඛවේ, කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේ ඛෝ පනස්සු සේවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තේසං තං හෝති දීඝරත්තං හිතාය සුඛාය, ඉදමස්ස සුඛසම්ඵස්සතාය වදාමි. සෙය්‍යථාපි තං භික්ඛවේ කාසිකං වත්ථං සුඛසම්ඵස්සං, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේසං ඛෝ පන සෝ පතිග්ගණ්හාති චීවරපිණ්ඩපාතසේනාසනගිලානප්පච්චයභේසජ්ජපරික්ඛාරං, තේසං තං මහප්ඵලං හෝති මහානිසංසං, ඉදමස්ස මහග්ඝතාය වදාමි. සෙය්‍යථාපි තං, භික්ඛවේ කාසිකං වත්ථං මහග්ඝං, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.

අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, නවක භික්ෂුවක් වුනත් සිල්වත් නම්, යහපත් ගුණ දහමෙන් යුක්ත නම්, එය ඔහුගේ වර්ණවත් බව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව වර්ණවත් වේද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ. යම් කෙනෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, භජනය කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, ඔහුගේ දැක්මට අනුකූල වෙනවා නම්, එය ඒ උදවියට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, හේතුවෙනවා. මෙය ඔහුගේ ‘සැප පහස’ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව සැප පහසින් යුක්තයිද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ. පින්වත් මහණෙනි, ඔහු යම් කෙනෙකුගෙන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය පිළිගන්නවා නම්, එය ඔවුන්ට (පූජා කරන අයට) මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. මෙය ඔහුගේ මහත් වූ වටිනාකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව මහත් වටිනාකමකින් යුක්ත වෙයිද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ.

මජ්ඣිමෝ චේපි භික්ඛවේ භික්ඛු හෝති ….පෙ…. ථේරෝ චේපි භික්ඛවේ භික්ඛු හෝති සීලවා කළ්‍යාණධම්මෝ, ඉදමස්ස සුවණ්ණතාය වදාමි. ස්‍යෙයථාපි තං භික්ඛවේ කාසිකං වත්ථං වණ්ණවන්තං, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේ ඛෝ පනස්සු සේවන්ති භජන්ති පයිරුපාසන්ති දිට්ඨානුගතිං ආපජ්ජන්ති, තේසං තං හෝති දීඝරත්තං හිතාය සුඛාය. ඉදමස්ස සුඛසම්පස්සතාය වදාමි. ස්‍යෙයථාපි තං භික්ඛවේ කාසිකං වත්ථං සුඛසම්පස්සං, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි. යේසං ඛෝ පන සෝ පතිගන්හාති චීවරපිණ්ඩපාතසේනාසනගිලානපච්චයභේසජ්ජපරික්ඛාරං, තේසං තං මහප්ඵලං හෝති මහානිසංසං, ඉදමස්ස මහග්ඝතාය වදාමි. ස්‍යෙයථාපි තං භික්ඛවේ කාසිකං වත්ථං මහග්ඝං තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.

පින්වත් මහණෙනි, මධ්‍යම භික්ෂුවක් වුනත්, ….(පෙ)…. පින්වත් මහණෙනි, ස්ථවිර භික්ෂුවක් වුනත් සිල්වත් නම්, යහපත් ගුණ දහමෙන් යුක්ත නම්, එය ඔහුගේ වර්ණවත් බව කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව වර්ණවත් වේද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ. යම් කෙනෙක් ඔහුව ආශ්‍රය කරනවා නම්, භජනය කරනවා නම්, සත්කාර සම්මාන කරනවා නම්, ඔහුගේ දැක්මට අනුකූල වෙනවා නම්, එය ඒ උදවියට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, හේතුවෙනවා. මෙය ඔහුගේ ‘සැප පහස’ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව සැප පහසින් යුක්තයිද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ. පින්වත් මහණෙනි, ඔහු යම් කෙනෙකුගෙන් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය පිළිගන්නවා නම්, එය ඔවුන්ට (පූජා කරන අයට) මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. මෙය ඔහුගේ මහත් වූ වටිනාකම කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම්සේ ඒ කසී සළුව මහත් වටිනාකමකින් යුක්ත වෙයිද, පින්වත් මහණෙනි, එබඳුම වූ උපමාවෙනුයි මා මේ පුද්ගලයා ගැන කියන්නේ.

ඒවරූපෝ චායං භික්ඛවේ ථේරෝ භික්ඛු සංඝමජ්ඣේ භණති, තමේනං භික්ඛූ ඒවමාහංසුඃ අප්පසද්දා ආයස්මන්තෝ හෝථ, ථේරෝ භික්ඛු ධම්මඤ්ච විනයඤ්ච භණතීති.

පින්වත් මහණෙනි, මෙබඳු වූ ඒ ස්ථවිර භික්ෂුව සංඝයා මැද අවවාද ආදිය ප්‍රකාශ කරනවා නම්, සෙසු භික්ෂූන් වහන්සේලා මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, නිශ්ශබ්ද වුව මැනැව. මේ ස්ථවිර භික්ෂූන් වහන්සේ නමක් ධර්මයත්, විනයත් ප්‍රකාශ කරනවා’ කියලා.

තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බංඃ ‘කාසිකවත්ථූපමා භවිස්සාම න පොත්ථකූපමා’ති. ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

ඒ නිසා පින්වත් මහණෙනි, ඔබ මේ ආකාරයට හික්මිය යුතුයි. ‘අපි කසී සළුවේ උපමාවට ගැලපෙන අය වෙනවා. හණ වැහැරියෙන් කළ වස්ත්‍රයේ උපමාවට ගැලපෙන අය වෙන්නේ නෑ’ කියලා. පින්වත් මහණෙනි, ඔබ විසින් මේ ආකාරයටම හික්මිය යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M